Tag: වියෝ ගී ගැයෙනා හදේ
“පෙත්මලී”
“පෙත්මලී” කීප සැරයක් කතා කරත් පෙත්මලී උන්නේ තමන් කියන දේ අහගෙන නොවන බව තේරුණ තැන පෙත්මලීගේ පාසලේ පංති භාර ගුරුතුමිය වුන නදීකා මිස් උන්නේ “වෙනදා මේ හොඳට ඇටෙන්ශන් එක දීගෙන ඉන්න දරුවා දැන් ටික දවසක ඉඳලා වෙනස් නේද?” කියල හිතන ගමන් ය.
දෙතුන් පාරක් කතා කරාට පස්සෙත් පෙත්මලී ගුරුතුමිය දිහාවට...
එදා හවස ගෙදර ගොස් රැයේ නිදාගන්නට යද්දී පවා මේධාවිණී උන්නේ වලාකුලු වීරවර්ධන කියන්නට යෙදුණ ඒ වචන අමතක කරන්නට බැරුවය. වෙන මොහොතක වුණානම්, තමන් කෙල්ලෙක් කියන හැඟීම හිතේ තිබුණානම්, තමන් විවාහයෙන් වෙන් වී ආ එක්දරු මවක් නොවුණානම් එවන් මිනිසෙකුගේ මුවින් නික්මුණු එයාකාර වදන් ආදරයෙන්ද ආශාවෙන්ද වැළඳ ගන්නට තිබුණා නොවේද කියන...
“හරි අමාරුයිනෙ මේ ෆස්ට් කට් එක පෙන්නන්න ක්ලයන්ට්ව අපේ ඔෆිස් එකට ගෙන්න ගන්න” කියමින් වලාකුලු වීරවර්ධන තමන් සියලු දෙනාම එක් රැස් වී උන් විශාල තිරයක් සවි කර තිබූ ස්ක්‍රීනින් රූම් එකට එද්දී නෙත් ගැස්සුන තරමට හිතත් ගැස්සුණ බව මේධාවිණිට තේරුණාය.
කාමරයේ මේසය වටා අසුන් ගෙන උන් සියලුම දෙනා වෙත තම...
“මගේ ලඟ නැතිම දේ තමයි ලොකු සීන් කියන්නෙ”
“එහෙනම් ඇයි මං දාපු මැසේජ් එකට රිප්ලයි කලේ නැත්තෙ. අඩුම මං ඔයාගෙ ලස්සන ෆොටෝ එකක් අරගෙන එව්වට මට තැන්ක්‍යු කියල හරි කියන්න ඕනනෙ”
“ඉතින් මම ඔයාට මගෙ ෆොටෝස් ගන්න කියලා කිව්වෙ නෑනෙ” කියන පණිවිඩය අගින් හිනාවෙන ඉමොජියක් අමුණන්න මේධාවිණී හිතුවේ තමන් කියූ කතාව...
“තාත්ති අපි ආයෙ ගෙදර යන්නෙ කවද්ද?” කියා පෙත්මලී අහද්දී චිරත්ට හිතුනේ හයියෙන් කෑ ගසා හඬා හෝ හිත සනසගන්න තිබුණා නම් කොච්චර හොඳද කියාය. එහෙත් මේ විදියට පෙත්මලීව බලන්න ඉඩක් හම්බුවෙන්නෙ මාසෙකට වාර කිහිපයකදී පමණකි. එයද තමන්ට පෙත්මලීව ඇනෙක්සියට අරගෙන යන්න පුලුවන්කමක් නැති නිසාවෙන් එලියෙ කොහේ හේ කිඩ්ස් ෆ්‍රෙන්ඩ්ලි තැනකදීය....
උදේ පාන්දරම ඇහැරී කාරෙක පදවගෙන හයි වේ එකේ යද්දී,පායාගෙන එන ඉරේ රත්තරන් පාට රැස් කදම්බයන් මූණට වැටෙද්දී මේධාවිණී උන්නේ තනියෙම සිනාසීගෙනය. මෙච්චර නිදහසක් මෙච්චර සැනසීමක් හිතට දැනෙන්නේ බොහෝ කාලයකට පස්සේය.
තාත්තා විසින් අවුරුදු ගණනාවකට පෙර කුඩා කඩයකින් ආරම්භ කරන ලද රෙදි පිලි සන්නාමය දැන් දිවයින පුරා ශාඛා කිහිපයකම හිමිකාරිත්වය දැරුවත්...
මේධාවිණී තාත්තගේ ව්‍යාපාරයේ රාජකාරි කටයුතු සමග කාර්‍යබහුල වෙද්දී චිරත් උන්නේ මේධාවිණී තරම් ඉක්මනට හිත හදාගන්න පුලුවන් තැනක නොවේ. මොන දේ උනත් මේධාවිණීගෙන් තොර පෙත්මලීගෙන් තොර ලෝකයක් ගැන හිතන්න පුලුවන්කමක් චිරත්ට දික්කසාදයෙන් පස්සේ ගෙවුණ මාස කිහිපය පුරාවටා තිබුණේ නැත. රාජකාරි වැඩ ද බිස්නස් එකේ වැඩ ද අතරමග නතර කර දමා...
ඒ උදයේ මේධාවිණී උන්නේ කාමරයේ පැත්තක තබා තිබුණ කණ්ණාඩියෙන් පෙනෙන තමන්ගේම රූපය දිහා බලාගෙන කල්පනා කරමිනි. මෙයට මාස කිහිපයකට පෙර ලබාගත්ත දික්කසාදයෙන් පස්සේ තමන්ට ආයෙ මෙහෙම හිනාවෙන්න දවසක් එනු ඇතැයි මේධාවිණී ඇත්තටම හිතුවේ නැත. වසර කිහිපයක් පෙම්වතුන් වී හිඳ අවසානයේ වසර කිහිපයක් අඹු සැමියන් වශයෙන් ජීවත් වූ දෙදෙනෙක් උසාවියක්...
“දැන් මේධාවිණී කියනවා වගේ උඹ ඇයි කවුන්සලින් යන වැඩේට අකමැති? උඹට හිතෙන්නෙ නැද්ද කවුන්සලින් ගියා නම් උඹලට ඔය ප්‍රශ්නෙ ඔච්චර දුර දිග අරගෙන යන්නෙ නැතුව ලස්සනට විසඳගන්න තිබුණා නේද කියල” සමීර ඇහුවේ හවස් වරුවේ චිරත්ව හම්බවුණ වෙලාවකය.
“මං මොකටද බං කවුන්සලින් යන්නෙ? මගේ කිසි වරදක් නැතුව මම මේ එක එකා...
“දැන් මේකද ඔයාගෙ අන්තිම තීරණේ?” කියා චිරත් අහද්දී මේධාවිණී කලේ ඔලුව හොලවපු එකය.
“හරි මට කියන්න මොකද්ද දැන් මේ ඔයාට එකපාර ඔහොම ඩිසිශන් එකක් ගන්න මේ එකපාර මගෙන් වෙච්ච වැරැද්ද මොකද්ද කියන එක?”
“වරදක් ගැන නෙවෙයි මම කියන්නෙ චිරත්. මම කතාකරන්නෙ ඔයා එක්ක ගෙවන විවාහ ජීවිතේ ඇතුලෙ මට කිසිම සන්තෝසයක් ලැබූනෙ...