Tag: සන්තාන සුසුම් සර

සාවිත්‍රි වෙහෙරගොඩ, දියණිය දකින්නට කොළඹ පැමිණියා ය. ඇය ඒ පැමිණියේත් සැමියා සමගින් අරගලයක් කිරීමෙන් පසුවයි. සැබවින් ඒ ඇය සිය යුග දිවියෙහි ඔහු සමගින් අරගලයක් කළ හා ඉන් ජයගත් ප්‍රථම වතාව යයි පැවසිය හැකි තරමි. මීට පෙර ඔහු කියනා ඕනෑ ම දේකට එකඟ වෙන්නට ඇයට සිදු විය. හදවතේ එකඟතාවයක් නැති...
සඳැල්ලට ලා සඳ රැස් වැටී තඹ පාටට දිළිසෙමින් තිබිණ. පුරපසට පිරෙමින් ඇති චන්ද්‍රයා, පුන් සඳක් ගැන කතාවක් මුමුණා කියයි. චන්ද්‍ර කාන්තියෙහි වන්නේ බලාපොරොත්තු සහගත බවකි. සඳ පිරෙනවාට යසස්වි කැමති ය. පුර පෝයට පන්සලේ සිල් ඇත්තන්ට ගිලන්පස පූජාව තුසිතයෙන් බැවිනි. සූරියබණ්ඩාර යුවළ හා සනුක සමගින් අස්විද ද ඒ ගමනට එක්...
අස්විද තනිවමත් සිනහ වූයේ ය. සිනහව යනු කුමක් දැයි හඳුනන්නේත් නැති ආඩම්බරකාර නීතීඥවරයා, අස්විද සූරියබණ්ඩාර, ඔහු ගේ ම ඇතුල් හිත පවා සිනහවෙනු දුටුවේ ය. එතෙක් මෙතෙක් ඔහු නො දුටු ලෝකය, නො එසේ වී නම් කළු කුහරයක් සේ ඔහු දුටු ලෝකය වර්ණවත් වී හැඩ වී පෙනෙන්නට ගති. කිසි දාක මලක්...
සැඳෑ සිහිල විඳිමින් මිදුලේ තුරු ලතා අතරෙහි මඳක් සක්මන් කළ චේතිය සූරියබණ්ඩාර, බංකුව මතින් හිඳගත්තේ කල්පනා ලෝකයෙහි සරමිනි. ඔහු මේ පැමිණියේ සිය නිවසෙහි කුළියට සිටිනා අය හමු වී හැකි ඉක්මනින් එය හිස් කොට දෙන ලෙස දැනුම් දීමෙන් අනතුරුව ය. කාලය වේගයෙන් ගත වී ගොස් තිබේ. තුරුණු විය මැදි විය...
කාර්යාලයට ගියත්, උසාවියට ගියත් අස්විද සූරියබණ්ඩාර ට හිතේ එකලාසයක් වූයේ නැත. විටෙක මිහිරක් ද විටෙක ගැස්මක් ද විටෙක කලබලයක් ද එකල මෙකල වූයේ අතුණුබහන් වල කැළඹුමක් දනවමිනි. ඔහු ට ඕනෑ වූයේ ම ගෙදර දිව එන්නටයි. නමුත් අවාසනාවකට එදින කාර්ය බහුල දිනයක් වූයේ ය. 'අද ගොඩක් බිසී' කියා වැඩ අතරේ ම...
ටික කලකට පස්සේ මේ තුසිතය නිදහසේ හුස්ම ගන්නට පටන් ගත්තා පමණකි. චේතිය ගේ රන් මුදු බිල් පතෙහි සිද්ධියත්, ඊට පස්සේ වජිරා ට සැත්කමක් කරන්නට සිදුවීවත් නිසා හිත් වලට සැනසිල්ලක් වූයේ නැත. පිපිරුණු ගිනි කඳු නිසල වී, ගිනිගත් ලෝ දිය නිවී,  අළු දුහුවිලි වලාවන් පවා තුනීව ගිය ඉක්බිති යළිත් විදාරණයක්...
සති අන්තයේ රයන් තුසිතය වෙත පැමිණියේ සැත්කමකට බඳුන් වූ වජිරා ගේ සුව දුක් බැලීමටත් එක්ක යි. ඇය සමග කතා බහ කිරීමෙන් අනතුරුව ඔහු  අස්විද සමග කතා කරමින් මිදුලේ සිමෙන්ති බංකුව වෙත ගියේ ය. යසස්වි තේ රැගෙන එතැනට පැමිණියා ය. 'කොහොමහරි නාස් ලණුව දාගත්ත නේ...' තේ කෝප්පය අතට ගන්නා ගමන් රයන් විහිළුවක්...
වජිරා සැත්කමට බඳුන් වීමෙන් පසු යසස්වි ඈ බලා ගත්තේ ඇගේ ම දියණියක සේ ය. රෝහලේ සිටියදී සේ ම රෝහලෙන් ගෙදර ගෙන පැමිණි පසු ද එසේ ය. ගෙදරදී වෙනදා වාගේ ගෙදර වැඩ කිසිත් කරන්නට ඇගෙන් ඉඩක් නො ලැබුණි. මුල් දින දෙක තුනෙහි ඇය විශ්ව විද්‍යාලයට නො ගියා ය. ඊට පස්සේ,...
වජිරා ගේ උදරයෙහි වන ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමක් සඳහා රෝහල්ගත වන්නට දින නියම කොට තිබිණ. එය කල් ඇතිව සැලසුම් වූ බැවින් අස්විද ද සිය වැඩ කටයුතු තරමක් එහෙට මෙහෙට කරගත්තේ ය. චේතිය ද සූදානම් වූයේ නිවාඩු ගන්නට යි. නමුත් නිලූකා ඇනුම්පද කීවා ය. 'මේගොල්ලො දොස්තරල වගේනෙ. ඕක මහ ලොකු බරපතල...
අස්විද හෙමි හෙමිහිට රිය වෙතට යන විට යසස්වි අසුන්ගෙන සිටියේ රියදුරු අසුනට යාබද අසුනේ ය. රියදුරු අසුනේ දොර විවර කළ මුත්, අස්විද ඊට ගොඩ නොවී ම පහත් වී යසස්වි ට කතා කළේ ය. 'ඇයි අද ඔතනද ඉන්නෙ...' 'දැං මට කේන්ති ගිහින් තියෙන්නෙ. ඩ්‍රයිව් කරන්න ගියොත් මං කා එක කොහෙහරි හප්පයි' ඇය මූණ...