Tag: සන්තාන සුසුම් සර

කැඩපත ඉදිරියෙහි හැඩ වූ අස්විද සූරියබණ්ඩාර, සිය පෙනුමෙහි කිසිදු අඩුවක් නොවන බව තහවුරු කරගන්නා ගමන් විලවුන් පොදක් ගෙල දෙපසෙහි තවරාගත්තේ ය. නැවත ද කැඩපත දෙස බලා ලැප්ටොප් බෑගය ද ගෙන කාමරයෙන් පිටතට ආවේ ය. වජිරා සූරියබණ්ඩාර පුතණුවන් ගේ දිවා ආහාරය උණුසුම රඳනා බඳුනක අසුරා, සර්වියට් එකෙන් හැඩට ඔතා, බුද්ධ පූජාව...
යසස්වී වෙහෙරගොඩ, තුසිතයේ කුඩා කැටයම් සඳැල්ලට පිවිස ගරාදි වැටට බර වූවා ය. ටිකක් පමා වනතුරු නින්ද ගියත්, උදෑසන නැවුම් බව තවමත් පහව ගොස් නැත. දෑස් ඉදිරියෙහි එක යායට නිල්ල දිලෙනා තණ පලස ද, පැත්තකින් රක්ත වර්ණ ගෙඩි පොකුරු නිසා අතු බිමට බර වී හිඳිනා මැලේසියානු රඹුටන් ගස ද ගෙමිදුලට...