Tag: සඳක් තනියම
තමාට උරුම වී ඇත්තේ මේ ජීවිතයයැවා සිතා සිත හදා ගැනුමට අවසන දිනාරා තීරණය කළේ මුළු රාත්‍රියක් පුරාම නිදිවැරුවාට පසුවය.ගලප්පත්ති පවුල කොතරම් හොඳ වුවත් තමා වැන්නියක අකලංකට සුදුසුයැයි නොසිතණු ඇත.ඉන් සිදුවන්නේ අකලංක දුකට පත්වීමයි.තවකෙකුගේ ජීවිතයට එබී එහිවන සැනසුම අහිමි කරන්නට ඈ බියය.ඇගේ දෑස් ඉදිමී තිබිණ.ඒ වතෙහි වූයේ වෙහෙසකර බවකි.නුවර යාමට ...
දුරකථන සංවාදය නිමා වුවත් තේජා සිටියේ සන්සුන්ව ගිය මනසකින් නොවේ.දිනාරා ගැන කෝපයකුත් ප්‍රියංකා ගැන අපැහැදීමකුත් ඒ සිත්හි උපන්නේ දිගින් දිගටම කල්පනා කරමින් සිටියදීය.හදවතින්ම විශ්වාස කළ මිනිසුන් මේසා බොරු කළායැයි සිතද්දී සිතට ඉවසුම් වූයේ නැත.දිනාරා ගැන සියල්ල තමා හා පැවසූ ප්‍රියංකා ඒසා බරපතළ කාරණාවක් සඟවා ගත්තේ කෙසේදැයි තේජා සිතුවේ මවිතයෙන්ය....
විනාඩි කිහිපයක් ප්‍රියංකා දෙස බලා උන් දිනාරා තම කාමරයට ගියාය .දින කිහිපයක සිට සිතට ඒකාකාරීව වද දුන් සිතුවිල්ලක් ඇයව රිදවමින් තිබිණ..ඇගේ දෑස් ඉදිරිපිට යළි යළිත් මැවී නොපෙනී ගියේ උත්සවය අවසානයේ වූ සිදුවීමයි.ඔහු තමාව සිය පවුලේ අයවලුන් සමඟ වේදිකාව මත එකට රැඳෙන්නට ඉඩ සැලැස්වීම කලින් සැලසුම් කළ එකක් යැයි දිනාරාට...
මදහවල වෙනතුරුත් අකලංක රැඳී සිටියේ කොළඹමය.යළිත් වරක් ළමා රෝහලට ගොස් තමා පෙරදා රාත්‍රියේ සියැසින් දුටු දෑ සත්‍යදැයි හරි හැටිම තහවුරු කරගන්නට සිතුනත් ඔහු එසේ නොකළේය.කොළඹින් පිටව යන්නට අවශ්‍ය ඇඳුම් කිහිපයක් මිලදීගත් ඔහු සිය දුරකථනය ක්‍රියාත්මක කළේ සොහොයුරාට ඇමතුමක් ලබාගන්නට සිතාගෙනය.
අකලංකට තම නිවසේ අයවලුන් ගැන දැනුනේ දුකකි.තමාගේ පාපයට ඔවුන් දඬුවම්...
පිරිස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් පිටතට පැමිණෙද්දී මධ්‍යම රාත්‍රියත් පසුවී තිබිණ.අකලංක ගැන කිසිදු තොරතුරක් නොවීම ඔවුන්ව නොසන්සුන් කරවන්නට සමත් විය.මිතුරන්වත් ඔහු පිළිබඳව දැන සිටියේ නැත.දිගින් දිගටම අකලංකගේ දුරකථනය ක්‍රියා විරහිත කර තිබීම සැමටම මහත් ගැටලුවක් වී තිබිණි.කිසිවෙකු උන්නේ සිත් හොඳකින් නොවේ.
“ අනේ ලොකු පුතා මගේ පපුවත් එක්ක ගැහෙනවා. මේ දරුවට...
එවේලෙහි සචින් වූයේ වෛද්‍යවරයාගේ පරීක්ෂණයට ලක් වෙමින්ය. සාරියකින් සැරසී හිසට මල් ගසා මුහුණෙහි වත්සනු තවරාගෙන උන් යුවතිය දුටු වෛද්‍යවරයාත් , හෙදියනුත් හැරී බැලුවේ දෑස් විසල් කරගෙනය.
“ පුතේ…”
“ ආන්ටි..මොකද වුනේ?..”
ඇගේ මුළු සිරුර පුරාම සචින් වමනය කර තිබිණ.ඇය උන්නේ පැනල් රෙදි කැබැල්ලකින් තම උඩු කයෙහි වූ හැට්ටය ආවරණය කරගෙනය.
“‘මං එයාව ගන්නං....
යුවතිය වේදිකාවට නැගුණේ සිය දෙපා පවා වෙව්ලමින් තිබියදීය.මේ ඇය කිසිසේත්ම අපේක්ෂා නොකළ අවස්ථාවකි. අකලංක පියවර තැබුවේ ඈ පසුපසින්ය.වේදිකාව මතට නැගුණු යුවතියට බොහෝදුර ඇවිද යාමට හැකිවූයේ නැත.එකවරම පා පැටලුණු ඈ බිම නොවැටී බේරුනේ අකලංකගේ ශක්තිමත් දෑතට මැදි වූ නිසාය.
තත්පර කිහිපයකට පසුව ඇයව කෙලින් සිටවූ ඔහු ඇගේ දෙපා මුල බිමට පහත්...
නර්මදා දිනාරාට අසුන් ගැන්වීමට පෙන්වූයේ තමාට එහා පස අසුනය .ඉන් එහා පස අසුනෙහි වූයේ හිමාශාය.
“ අද ඔයා හරි ලස්සනයි.”
නර්මදා පැවසූයේ ලෝබකමකින් තොරවමය.
සැබවින්ම උත්සවය අංග සම්පූර්ණ එකක් විය..එය වෙනදාටවත් වඩා වර්ණවත්යැයි මුලින්ම පැවසුවේ තේජාය.
උත්සවය පැවැත්වෙන අතරවාරයේදීත් කිහිප වරක්ම දිනාරා ප්‍රියංකාට කතා කරමින් සොයුරා පිළිබඳව සොයා බැලුවාය. ඔවුන් තනිකර ඒම පිළිබඳව...
සචින්ගේ උණ තත්ත්වය අඩුවක් වී තිබුණේ නැත.වෛද්‍යවරයා පැවසූයේ එය වෛරස් උණ රෝගයක් විය හැකි බවයි.උත්සවයට ඇඳීම සඳහා දිනරා තෝරා ගෙන තිබුණේ ක්‍රීම් පැහැ පසුබිමක රන් පැහැ බෝඩරයක් වූ සාරියකි. ඊට ගැලපෙන රන් පැහැ සාරි හැට්ටය මසාගෙන පැමිණියේ පෙරදා සැන්දෑවේය.ඉන්දියානු විලාසිතාවට අනුව සාරිය ඇඳ පිච්ච මලින් කොණ්ඩය සකසන්නට ඈ තීරණය...
“ ඒ මොකද්ද පුතේ කතාවේ තේරුම.ඔයා අනිත් ගෑණු ළමයි වගේ නෙමෙයි කියන කතාව.මොනවද පුතේ ඔයාට තියෙන අඩුපාඩු.”
“ ආන්ටි මල්ලි…”
“ මල්ලි ඔයාගේ අඩුපාඩුවක් වෙන්නේ කොහොමද පුතේ…”
“ කවද හරි මං මැරි කරන කෙනා මල්ලිට වෙනස්කම් නොකර ඉදියිද ආන්ටි මාව ජයසුන්දර වලව්වේ කියන පිළිගන්න මනුස්සයා මල්ලි වෙන තාත්ත කෙනෙක්ගෙ කියලා දැනගත්තට පස්සේ...