Tag: සාගර තරංගා
අවුරුදු විසි පහකට පසු…
තරංගා උන්නේ ලා දම් පාට ඔසරියකින් සැරසී කාමරයේ කණ්ණාඩි මේසය ඉස්සරහා හිටගෙන තමන්ගේ හැඩ බලමිනි. තනියම ගෙදරදීම වත්සුනු තවරා හැඩ වුණත් තමන්ගේ ලස්සනේ අඩුවක් නැති බව කණ්ණාඩිය දිහා බලාගෙන තරංගා හිතුවාය. දම් පාට ඔසරියේ නෙරියේ දාරයේත් පොටේ දාරය දිගේත් යන ලා රෝස, කොල සහ රත්තරන් පාට එම්බ්‍රොයිඩර්...
ඒ වෙලාවේ, එවන් මොහොතක සාගර ප්‍රසාද් වීරබාහු කිසිම දවසක තමන්ගෙන් එහෙම දෙයක් අහවි කියලා තමන් බලාපොරොත්තු නොවුන වග තරංගාට ස්ථිරය. මෙච්චර දවසක් ආශ්‍රය කර, බොහෝ ලඟින් දැන් උන්නු මිනිසා වංචාකාරයෙක් නොවන බවට හිතට සක්සුදක් සේ ස්ථිර නමුත් මිතුරෙකු සේ ඇසුරු කල ඔහු කවදාවත් තමන්ට එහෙම දෙයක් කියනු ඇතැයි තරංගා...
“මෙම නඩු විභාගයේදී ඉදිරිපත් කරන ලද සාක්ෂි සහ ලබා දුන් සාක්ෂි හොඳින් පරීක්ෂා කර බැලීමෙන් පසු, ඔබ ඔබේ දියණියගේ පාසල් කාර්ය මණ්ඩලය නීති විරෝධී ලෙස ඇයගේ නීත්‍යානුකූල භාරකරුගේ භාරකාරත්වයෙන් ඉවත් කිරීමේ අරමුණින් හිතාමතාම රැවටූ බව නිසැකවම තහවුරු වේ.
ඔබේ ක්‍රියාවන් දණ්ඩ නීති සංග්‍රහයේ 354 වැනි වගන්තිය යටතේ වරදක් වන අතර,...
සනුකි තරංගා එක්ක මොන්ටිසෝරි එකට යන බව මං දැනගත්තෙ මගෙ යාලුවෙක්ගෙ නංගි කෙනෙක් මාර්ගෙන්. ඒ නංගි එතන වැඩ කරන ටීච එකෙන්. ඒ ටීචගෙ ක්ලාස් රූම් එකට තමයි සනුකිව වැටිලා තිබුනෙත්. මං දවස් ගාණක්ම බලාගෙන හිටියා තරංගා සනුකිව මොන්ටිසෝරි එකෙන් දාලා ගෙදර යාවි කියලා. ඒත් තරංගා ලැප්ටොප් එක එහෙමත් අරගෙන...
සාගරවත් තරංගාවත් වට කරගෙන උන්නේ ඉස්පිරිතාලයේ තිබූ වේදනාකාරී ඝෝෂාවන් ය. හීන් සැරේ බීප් බීප් ගාන පරිගණක තිර ද, මිනිසුන්ගේ සුසුම් ලෑම් ද, එහෙ මෙහෙ දුවන හෙද හෙදියන්ගේ සපත්තු බිම ගැටෙන හඬ ද සාගරත් තරංගාත් වට කරගෙන උන්නද හිත අස්සේ තිබූ භයානක නිහැඬියාව බිඳ දමන්න ඒ සද්ද බද්දවලට පුලුවන් උනේ...
ප්‍රාදේශීය පොලිස් ස්ථානයේ ප්‍රශ්න කිරීමේ කාමරය තිබුණේ අඬ අඳුරක ගිලීය. ටික් ටික් හඬින් කටු එහා මෙහා යන ඔරලෝසුවක නාදය හැර වෙන කිසිම නාදයක් නොඇසෙන තරමටම මේධංග උන්නේ ලොකු කල්පනාවක ගිලීය.
දරුවාට ආදරේ හන්දා තරංගා නැට්ට පස්ස පැත්තේ ගහගත්ත බැල්ලියක වගේ තමන් ලඟට ඒවි යැයි තමන් බලාපොරොත්තු වුණත් අලුතෙන් සොයාගත්ත කුමක්...
“ඒ මේධංග” බව අඳුරගන්න සීසීටිවි දර්ශන දැක්ක තරංගාටත් සාගරටත් අපහසු වුනේ නැත. සීසීටිව් දර්ශන දැක්කාට පස්සේත් තරංගා කිහිප වරක්ම දුරකතන ඇමතුම් දුන්නද ඒ කිසිම ඇමතුමකට සම්බන්ධ වුණේ මේධංග නොවේ. තරංගාගේ බය වැඩිවුනේ ඒකත් එක්කය. මේධංග සනුකිට ආදරේට මේ ගමන සනුකිව එක්කරගෙන ගියේ නැති බව තරංගා දනී. මේධංගගේ මේ සියලු...
තරංගා මේධංගගේ දුරකතනයට අරගත්තේ සාගරගේ ඒ ඉල්ලීම මතය.එහෙත් දුරකතන ඇමතුම ගන්න මේධංගගේ අංකය හොයන අතරවාරයෙත් සාගරගෙන් අහන්න දේවල් තරංගාට තිබුණාය.
“මේධංග ඇයි සනුකිව අරගෙන යන්නෙ? එයා ආදරේ නෑනෙ සනුකිට. අනික අනික සනුකිට පුරුදුත් නෑ මේධංගව. අනෙ මගෙ දරුවා දෙයියනේ”
“තරංගා තරංගා කලබල වෙන්න එපා. මේ අහන්න මේ අහන්න. ඔයා මේධංගට කෝල්...
“හෙලෝ තරංගා, ඔයා ඇවිත් බබාව එක්කරගෙන ගියාද?” කියා දුරකතන ඇමතුම ආවේ කින්ඩර්ගාට්න් එකේ සනුකි භාර පංතියේ ගුරුතුමියගෙනි. තමන්ම උදේ ගෙනගොස් කින්ඩර්ගාට්න් එකට, ගුරුතුමියගේ අතටම ඇරලවා ආ දරුවා ගැන මෙහෙම දෙයක් අහන්න නම් යම් කිසි ව්‍යසනයක් සිදු වී ඇති බව තේරුම්ගන්න තරංගාට ගියේ තප්පර ගාණකි. ඇස්වලට කඳුලු ආවේ නැති එක...
තරංගා සනුකිව කින්ඩර්ගාට්න් එකේ දා ආවේ හිතකින් නම් නොවේ. සනුකි මුල් දවසේ නම් ඇඬූ එක ඇත්තකි. මුල් දවස් ටිකේම ඒ හන්දා තරංගා ලැප්ටොප් එකත් උස්සගෙන ගොස් කින්ඩර්ගාට්න් එකේ පැත්තක තබාගෙන සනුකිගේ වැඩ ඉවර වෙන තුරු එතන ඉඳන් වැඩ ටිකේ කරන්න පුලුවන් කමකට නොවේ. වෙන කරන්න දෙයක් නැති හන්දාය. සනුකි...