Tag: සාගර තරංගා

සනුකිවත් වඩාගෙන දුරකතනය කනේ රඳවාගෙන තරංගා ඉස්පිරිතාලේ පඩිපෙලෙන් එලියට බහිනවා මේධංග දුටුවේය. ඔය කතා කරන්නේ ගාමිණී කිව්ව මිනිසාට වෙන්න හැකි බව මේධංගට නිකමට මෙන් සිතුණේය. මේධංග හෙල්මට් එක දාගත්තේ තරංගාට තමන්ව නොපෙනෙන්නය. මේධංග ඉන්න බවක් හෝ මෙහෙම දෙයක් කරන්නට ඉඩක් ඇති බවක් නිකමටවත් හිතුවෙ නැති තරංගා සාගර කිව්ව විදියටම...
“මේධංග මල්ලි දික්කසාදෙ දෙන්න බෑ කියලා කිව්වෙ මොනව හිතේ තියාගෙනද දන්නෙ නෑ නේද නංගි?”  නර්මදා තරංගා එක්ක කතාව පටන් ගන්න හිතුවෙ පස්සෙන්දා උදේ පාන්දර උයමන් කරන්න අවදි වෙච්ච වෙලාවේය. දෙණියායේ හීතලට දවාල වෙනකම් නිදාගන්න පුලුවන්කම තිබ්බත් හිතේ කිසි සැනසීමක් නැති හන්දා තරංගාට ඇඳට වී ඉන්න නිස්කාංසුවක් තිබ්බේ නැත. උදේ පාන්දර...
“මං ඊයේ තරංගාව දැක්කා ආසිරි එක ලඟදි” කියා මේධංගට කිව්වේ ගාමිණීය. තමනුත් තරංගාත් ඉන්නේ සෙපරේට් වී බව ඔෆිස් එකේ කවුරුවත් දන්නේ නැති හන්දා මේධංග ඒ කතාව පස්සේ එච්චර පන්නන්න හිතුවේ නැත. අනෙක කොහොමටත් ඉරිඳා ට තරංගා ළමයාව ඔක්කෙ ගහගෙන ඉස්පිරිතාලෙ මොකක්ද එකකට යන බව දන්න හන්දා මේධංගට ඒක ගැන...
තරංගාට ආයෙම දවසක සාගරව හම්බුණේ සනුකිව එක්කරගෙන රෝහලේ පැවැත්වෙන අර්ලි ඉන්ටවෙන්ශන් ප්‍රෝග්‍රැම් එකට ගිය දවසකය. එදා හවස ඒ වැඩේ අවසන් කර සනුකිවත් වඩාගෙන තරංගා පාර එහා පැත්තට පැන්නේ පික් මී එකක් ඕඩර් කරන්න බලාගෙනය. තමන්ටම කියා මේ වගේ ගමන් බිමන් යන්න පුංචි හෝ වාහනයක් තිබුණනම් හොඳයි කියා හිතුණත් දැනටමත් දේවල්...
“ඉතින් තරංගා එදයින් පස්සෙ අල්ලපු ගෙදර අය සද්ද බද්ද දැම්මෙ නැද්ද?” කියා සාගර ඇසුවේ තරංගා සනුකිත් එක්ක ආයෙම වතාවක් ඩොක්ටර් විසිට් එකකට ගිය දවසෙමය. වෙනදාටනම් අම්මාගේ උකුලේ වාඩි වී මේසෙ උඩ තබා තිබෙන සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරමින් ඉන්න කෙල්ල දැන් දැන් සාගරව දකින හැම වෙලාවක කුණු කුණු ගා...
තරංගා ආපසු එතැයි බලාගෙන උන්නු මේධංගට තරු පෙනුනේ නොසිතූ වෙලාවක තරංගාගේ නීතිඥවරියගෙන් දුරකතන ඇමතුමක් ආ තැනදීය. තරංගා ආපසු අඬාගෙන එනු මිසක කිසිසේත්ම මෙවන් පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු නොවිච්ච මේධංග වඩාත් කිපුණේ එහෙම පියවරක් ගන්නට පවා තරංගාට මෙච්චර දේවක් උනාට පස්සෙත් තිබිච්ච හිතේ හයිය ගැනය. “මිස්ටර් මේධංගගෙ ලෝයර් එක්කත් කතාකරන්න තිබුණා...
තරංගා නොදැන උන්නාට මේධංග  උන්නේ තරංගා කුමක් කරනවාද, ඉන්නේ කාත් එක්කද කියා අවදානයෙනි. “ඩිවෝස් වෙන්න ලෑස්‍තිවෙන්න” කියා මහ ලොකුවට කිව්වාට තමන්ට ඇත්තටම තරංගාව ඩිවෝස් කරන්න උවමනාද කියන කුකුස මේධංගට තිබුණේය. මේධංගට ජීවිතයෙන් ඉවත් කර දමන්න උවමනාව තිබුනේ සනුකිව මිසක් තරංගාව නොවේ. තරංගා වනාහී තමන්ගේ සියලු අවශ්‍යතාවයන් තමා බලාපොරොත්තු වූ...
“සච් අ නයිස් කපල්” කියමින් විදෙස් යුවලක් සනුකිව වඩාගෙන උන් සාගරවත් තරංගාවත් පසුකර ගියේ ඔවුන් ගාලු මුවදොර අද්දර තනා තිබූ සිමෙන්ති බංකුවක වාඩි වී මුහුද දෙස බලාගෙන කල්පනා කරමින් ඉද්දීය.  විදෙස් යුවල දෙස බලා සිනාමුසු මුහුණින් ස්තුති කරන්නට සාගර පෙළඹුණත් තරංගා වහා වචන ගොනු කරන්න උත්සහ කලේ “වී ආර් නොට්...
සාගර ඇවිත් තරංගා අතට වී අඬමින් උන් සනුකිව වඩාගත්තේ හදවත අස්සේ හිඳ එලියට පැන ආ මහත් දයාර්ද හැඟීමකිනි. මෙපමණ වෙලාවක් තිස්සේ තමන් අතට වී කොපමණ නැලවිලි බස් කිව්වද නැලවුනේ හෝ අබමල් රේණුවක තරමින්වත් හැඬිල්ල අඩු කරගත්තේ නැති කෙල්ල සාගරගේ තුරුලට වූ ගමන් හැඬුම ඉකිබිඳුමක් කරගත්තේ කොහොමද කියා කියන්න තරංගා...
ඒ දුරකතන ඇමතුම එද්දී සාගර උන්නේ නවාතැනට ඇවිත් වොශ් එකක් දාගෙන, බැල්කනියෙ අරලිය සෙවණ යට තිබ්බ පුටුවේ වාඩි වී මින්ට් ටී කෝප්පයක් රස විඳිමිනි. අරලිය සෙවණ යට, රෑ අඳුර මැද ලා සඳ එළිය අස්සේ අමතක කරන්නට වගේම ආයෙ ආයෙ මතක් කරන්න බොහෝ දේ සාගරට තිබුණෙය.මේ වගේම සඳ එලිය වැටුණු සුන්දර...