Tag: සුසුවඳ සූත්‍ර

යුගාත්ම කාශ්මීර අමුණුගම කැළඹී සිටියේ ය. අන්තරා සිය පුතු ගැන කියත්දී ඇගේ වචන අතරේ දැවටී තිබූ ආදරය, ඒ ස්වර අතරෙහි තැවරුණු කඳුළු වල තෙත, කටහඬෙහි වූ වෙව්ළුම් ස්වභාවය, ඒ සියල්ල වනාහි ආදරයේ මව්වත් සාන්ද්‍රණයන් ය. වසර කිහිපයකට පුතෙකු තමන්ගෙන් ඈත් වීම ම අම්මා කෙනෙකුට මොන තරම් වේදනාවක් ද? එක අතකට...
යුගාත්ම කාශ්මීර අමුණුගම ශීතකරණයේ දොර විවර කරගෙන ඊට එබීගෙන සිටියේ ය. රාත්‍රියට කන්නට ය කියා දෙයක් එහි නැති තරමි. පිටතට ගොස් කොත්තුවක්වත් ගෙන පැමිණිය යුතු යයි සිතෙත්දී ම ඔහු ගේ නෙතු නතර වූයේ වසා තිබූ සුදු පාට කෑම පෙට්ටියක් ළඟ ය. දෙතුන් දිනකට පෙර නුවර ගොස් එත්දී අම්මා වෙන...
ජීවිතයේ කිසි දාක නොවූ විරූ සෙයින් දක්ෂිණ ට අඩි පැටළිණි. නැටුම් පන්තිය සම්පතී ට භාර දී හෙතෙම විවේක කාමරයට වී නළල මිරිකා ඇස් පියාගෙන සිටියේ ය. සම්පතී කේන්තියට වේදනා නාශක පෙති දෙකක් හෝ නොදී සිටියා ය. "ආයෙමත් කුළප්පුව හැදිලද කොහෙද...කවුරුහරි නැට්ටිච්චියක් පටලෝගෙන වගෙයි. මං හොයාගන්නංකො ඔය මොකීද කියල" ගෙදරට ගොඩ වූ...
අන්තරා බරාඳයෙන් මිදුලට බසිමින් සිටියා ය. අද අළුයමත් කඩා වැටුණු අහස, කිසි දෙයක් නො වුණා සේ දැන් නිහඬ ව නිසල ව බලා සිටී. මන්දාරම් ගතියක් උදේ කාලයේ වී ද දැන් නම් රත්තරං පාට හිරු කිරණක් පොළොව කරා ගලා හැලෙමින් තිබේ. දුරකතනය එහා ඉම හඬක් නැගෙනා තුරාවට අන්තරා ගේ දෑස්...
දක්ෂිණ විතානගේ, පපුව තදින් පිරිමැදගත්තේ ය. ඇතුළතින් පැමිණි ඒ රිදුම හෝ දැවිල්ල කුමක්ද කියා හඳුනාගන්නට ඔහු සමත් වූයේ නැත. ඕනෑ වූයේත් නැත. හෘත් ප්‍රහාරයකින් මේ රැයේ මේ යහනේ ම මිය ගියත් කම් නැතැයි ඔහු දෑස් පියවෙන්නට හරිමින් සිතුවේ ය. ඔහු සිදු කොට ඇති පාප කර්ම වල හැටියට, අහසේ හෝ...
ඇඳගෙන සිටි සුදු කමිසයේ ඉහළ බොත්තම් කිහිපය ලිහිල් කළ යුගාත්ම කාශ්මීර අමුණුගම, දිග කමිස අත් වැලමිට තෙක් ඉහළට ඇද ඇඳි පුටුවක් මතට වැටුණේ ය. ඔහු ගේ හිස පුටු වතෙන් මඳක් පිටුපසට බර වී, ඉක්මන් ඇස් පිය සලමින් තිබිණ. කණ්ණාඩි වාගේ දිලිසෙන කළු සපත්තු ද රන් පැහැති අගනා අත් ඔරලෝසුව...
අන්තරා ස්වරාවී ගාන්ධාරා, මහජන පුස්තකාලය ඉදිරියෙන් පාර මාරු වූවා ය. කොළඹ අහස කඩා වැටෙන්නට ඔන්න මෙන්න බව, තද අඳුරු අළු පැහැති වලාකුළු ඉඳුරා සාක්ෂි දරයි. දැනෙන නො දැනෙන තරම් වන ඉසිහින් පින්නක් අන්තරා ගේ සුසුදු සම මත පතිත වෙයි. තව මොහොතකින් ඔය ඉඳිකටු තුඩු තරම් වන සියුම් හිරිකඩය මොරගෙඩි...