Tag: සුළං සීනු

"තාත්තා කියනව අන්තිම කාලෙවත් ලංකාවට එන්න ඕන කියල.." අම්මා හදිසියේ මා ඇමතුවේ එවගක් කියන්නට ය. මා කුඩා කාලයේ බලහත්කාරයෙන් අකුරු ලියැවූ අම්මා මා වයසින් වැඩී යද්දී ඈට උවමනා ඉලක්ක මා ලවා කරවා ගන්නට බොහෝ වෙහෙස වූවා ය. ඇගේ ඉලක්ක වෙත විදින ඊතලය මා වෙද්දී නංගී ඇගේ සුරතලිය වූවා ය.බිඳී ගිය...
"හසරැලි දැන් ඉස්සරට වඩා හරිම වෙනස්.." සීනුගේ පෙරපාසල් ගුරුතුමිය දිනක් මට පැවසුවේ මා පුදුමයට පත් කරමිනි.තිසුරිගේ ගැටලු කාලයේ මට පෙර පාසල තිබෙන දිසාවකටවත් යන්නට ඉඩකඩක් වූයේ නැත.පාසල් වෑන් රථයෙන් ඈ එහි ගිය අතර දිවා කාලයේ ඇය බාර ගත්තේ නීතා ය.ඉතින් ගුරුතුමිය පවසන දේ අසද්දී මට බියක් දැනිණ.කරදර අහවර වන්නේ ම...
"ගෑනු කාගෙත් ජීවිතේ හිස්තැන් තියනව පවී.. අපි ඒ හිස්තැන් ළඟම අයත් එක්ක කතා කරන්න බයයි..එයාල අපිව ජජ් කරයි කියල. ඇත්තටම එහෙම නොවෙනවත් නෙවෙයිනෙ…" චාරුනී පවසන්නේ කල්පනාකාරීව ය.තිසුරි සම්බන්ධයෙන් ගැටලුව පැන නැගුණු වෙලේ පටන් එහි කොනක මා ද සිටින බවට දැනෙන වරදකාරී හැඟීමෙන් මට ගැලවීමක් තිබුණේ ම නැත.චාරුනී ද ලෝචනා ද...
තිසුරි කෙලවරක් නැතිව වැලපෙමින් හුන්නා ය.මීට දෙතුන් මසකට එපිටදී උතුරා යන සන්තෝසයකින් ලෝචනාගේ හැඬීම අසා සිටි මා තිසුරි දරා සිටියේ ඊට වඩා ශෝකයකිනි. "අනේ ඉතිං..අඬන්න දෙයක් නෑනෙ.. ඉක්මනට වෙඩින් එක ප්ලෑන් කරගමු.." ඉමාලි තිසුරි ට පැවසුවා ය. සැබෑවකි, වැඩුණු තරුණියකට විවාහයට පෙර ගර්භනී වීම පොළොවේ පස් කමින් වැළපෙන්නට තරම් කාරණාවක් නොවන...
"මේ කෙල්ල අද හවස් වරුවම මට කෝල්ස් ගන්නව සංක.ඔෆිස් එකේ ප්‍රශ්න ගෙදර ගේන පුරුද්දක් නැති නිසා මං ආන්සර් කරේම නෑ.." තිසුරිගේ ඇමතුම දෙස බලා ගත් වනම මම සංකල්පට පැවසුවෙමි. ඔහු ද මා දෙස බලා හුන්නේ විමසුම් නෙතකිනි. "මං නිසල්ව හවස මීට් වෙලා එන වෙලාවේ ඉඳලාම මේ ළමයා කෝල් කරනව. මං ආන්සර්...
ජීවිතයේ අපට මුණ ගැසෙන මිනිසුන් ඇසුරු කරන්නට පෙර ඔවුන් ගැන හරිහැටි තේරුම් ගැනීමේ හැකියාවක් අපට නැත.නිසල්ට සමීප වීම ගැන මට වේදනාවටත් වඩා මා කෙරෙහි අපුලක් දැනෙමින් තිබිණ.මා ආදරයක පැටලුණේ ඉතා ළාබාල කෙල්ලක කාලයේ ය. වචනකිනුදු හිත නොරිදන ප්‍රේමයක් මා සතු විය. දේවකටත් මටත් තිබුණේ එක්ව වැඩුණු අතීතයකි.එකිනෙකා නිවැරදි කරගනිමින්...
කලබල නගරය නොනැවතී ගමනක ය.හවස් වරුවේ හිරු ගිලෙන්නට පෙර නිවෙස් කරා දුවන බොහෝ මුහුණුවල ඇත්තේ වෙහෙස නිවා ගැනීමේ ඉක්මන් ආශාව යැයි මම සිතුවෙමි.ගෙදර යන්නට එකම හේතුව සීනු පමණක් වූ අතීතය අතීතයට ම එක් වීම සතුටකටත් වඩා සැනසීමකට ළං ව මට දැනේ. ගේට්ටුවෙන් ඇතුළු වද්දීම සීනුගේ කුඩා ටිමී මගේ දෙකකුල්...
විවාහයෙන් පසු ආදරය කරන්නට හැකි පාඩම සංකල්ප මට ඉගැන්වූයේ ආදරයෙනි.ඔහුගේ අනතුර හද කම්පනය කළ සිදුවීමක් පමණක් ම නොවේ. ජීවිතය ගැන අලුතින් ඉගැන්වූ පාඩමකි.ප්‍රීතිය උතුරා යන නිවහනක් වෙනුවෙන් සෑම මොහොතකම මම ජීවිතය උගනමින් සිටියෙමි. "නීතා දැන් මාර විදියට රසට උයනවනෙ. නැත්තං මට නීතාගෙ කෑම රසට දැනෙන්න පටන් අරන්.." චානක ට අත්‍යවශ්‍ය ගමනක්...
ඔහු ඇසූ දේ ගැන මට මහත් ශෝකයක් හට ගත්තේ ය. මට උවමනා කාලයේ ඔහු මා දරා ගත් බව අමතක කළායැයි නිසල් චෝදනා නගන බවක් මට හැඟී ගියේ ය.නමුත් ඒ ප්‍රශ්නයට මැදිහත් විය යුතු තැනක් මට තේරුම් ගියේ ම නැත. ඔහු මා සම්බන්ධයෙන් තිබුණේ අසා හිඳින්නට ය.නමුත් මට ඔහු සම්බන්ධයෙන්...
කටුක මාවතක ඇවිද එමින් හැම මිනිත්තුවකම පාහේ වේදනා විඳි අතීතයකින් මා සම්පූර්ණයෙන් ම මිදී නැත. අයිස් කැටයක් මෙන් ගල් කරගත් හදවතට උණුසුම් හිරු කිරණක් ව පෑයූවේ නිසල් ය.ඔහු සියලු දුක කොට්ටය මත තවරනා මා තුළින් වචන එළියට ගන්නට සමත් වූ මිනිසා ය.දුක වචන කරමින් ඔහු හා බෙදා ගත් මගේ...