Tag: හද සාගරේ

අඩඳුරු මෝටර් රථය තුළ ආදියා ට තද සීතලක් දැනිණ. එය ඇගේ සිරුරටත් වැඩිය මනසට දැනුණකි. ඕ අත් දෙක ළයෙහි බැඳගත්තා ය. නියොන් එළි දැල්වෙන මාර්ගයෙහි කඩ සාප්පු ගොඩනැගිලි ආදිය වේගයෙන් පසු වේ. හැමදාමත් යන මග වී ද ආදියා ඒ කිසිත් හැඳිනුවේ නැත. පිට සක්වලින් උන් හිටි ගමන් කඩා පාත්...
රහසිගත ඇමතුම් දෙන්නිය හා ආදියා යනු දෙදෙනෙකු නොව එක් අයෙකු බව සහතික කර ගැනීම දෙව්රම් ට සතුටට කාරණයක් වුණත්, ආදියා ඉන් අපහසුවට පත් බවක් පෙනෙන්නට තිබිණ. එබැවින් සිය ප්‍රථම කාර්යය විය යුත්තේ ඇය ඒ අපහසුවෙන් මුදවා ගැනීම බව ඔහු වහා තීරණය කළේ ය. "කොහොමහරි හැංගිමුත්තමෙන් මංනෙ දිනුවෙ. ඒක නිසා ඔයාට...
දෙව්රම් සන්දනායක සමගින් කතා බහ කළාට පස්සේ නිශ්ශංක ගේ හිතට හොඳයි වාගේ දැනිණ. දෙව්රම් සිය කාලය වැය වීම ගැන කිසිදු කලබලයක් පෙන්වූයේ නැත. නිශ්ශංක ට හිත නිදහස් කරගැනීම සඳහා ඕනෑ තරම් කාලය දෙන්නට නිර්ලෝභී ව ඉදිරිපත් වී සිටියේ ය. එනිසා ම නිශ්ශංක ට ද පහසුවක් දැනිණ. නමුත් ඔහු කිහිප...
සමහර වෙලාවට මිනිස්සු කූඩැල්ලන් වාගේ කාගේ හෝ ඇඟේ එල්ලී ලේ උරා බොන්නට  බලා සිටිති. දිනේශ් හැසිරුණේ ද එසේ ය. ඔහු ගේ හිතේ කැකෑරෙන යමක් තිබිණ. ඒ පිට කරගන්නට ඔහු තැනක් වෙලාවක් බලමින් සිටියේ ය. අනවශ්‍ය දේටත් සාරධා ට කෑගැසුවේ ය. අළු යට ගිනි පුපුරු වන බව ආදියා ගේ හදවතට දැනෙමින්...
හැන්දෑවට නගරය වියළි ය. වායු ගෝලය දුහුවිලි හා වෙනත් විෂ වායු ද බැර ලෝහ අංශු වලින් ද දූෂිත ය. සුළඟ උණුහුම් ය. පරිසරයේ වියළි කටුක බව වැඩ ඇරී යන ගැහැනු මිනිසුන්ට ද ආරෝපණය වනුයේ නිරායාසයෙනි. ඔවුන් ගේ මුහුණු විඩාපත් පාට ය. අඩියක් තියා අඩියක් ගන්නට බැරි තරමට සිරුරු කෙඩෙත්තු...
දැන් දැන් උදේ කාලයේ දී සුළු වේලාවක් හෝ ගෝල්ඩන් ලීව්ස් හි රැඳී, ඉන් අනතුරුව රූගත කිරීම් සඳහා කාලය ලබා දෙන්නට දෙව්රම් උත්සාහ කරයි. ඒ, උදෑසන කාර්යාලයට පැමිණීම තුළ දවස පුරා පවතින කිසියම් නැවුම් බවක් ඔහු අත්විඳිමින් සිටි නිසාවෙනි. ඊට හේතුව ආදියා කියා සිතන්නට හෝ ඊට බලපාන වෙනත් හේතුවක් තිබේ...
තේ උගුරක් බී සුදු පෝසිලේන් කෝප්පය පීරිසිය මත තබනා ගමන් සංකේත් පුටුව මඳක් කරකවා වීදුරු පවුරෙන්   ගිනුම් අංශයෙහි හිඳිනා ආදියා දෙස බැලුවේ ය. ඈ සිටියේ මල්ෂා වෙතට බර වීගෙන අතින් යන්තම් මුව වසා සිනහ වෙමින් මොනවාද කියමිනි. යුවතියන් දෙදෙනා ගේ ම දෑස් කැල්ම වරින්    වර වීදුරු පවුර විනිවිද පැමිණියේ...
ගෝල්ඩන් ලීව්ස් හි දෙව්රම් සන්දනායක ගේ කුටියෙහි අසුනගත වෙත්දීත් සංකේත් හිටියේ කැළඹීමකිනි. ඔහු ගේ    ඇස් වලින් ම ඒ කලබලය දැක ගත හැකි විය. දෙව්රම් සිය මේසයෙහි වඩාත් ඉදිරියට නැඹුරු වී මිතුරා දෙස බැලුවේ ය. මේ හදිසියේ දුරකතන ඇමතුමක් දී දෙව්රම් හමු වීමට අවශ්‍ය යයි කීවත් ඔහු ඊට හේතුව කීවේ...
දැන් මේ සිදු වන්නේ දැළි පිහියෙන් කිරි කනවා වාගේ වැඩක් බව ආදියා නො දන්නවා නොවේ. ඇයට වන දෙගිඩියාව රැකියාව සම්බන්ධයෙනි. ආයතනයේ  ප්‍රධානියෙකු  මේ  විදිහට සෙල්ලමට ගැනීම සෙල්ලමක් නොවේ! රහසිගත ව ඇමතුම් දෙන්නේ වෙන කෙල්ලක වී නම් දෙව්රම් ට හසු වූවාට කම් නැත. නමුත්‍ දැන්! එදා දෙව්රම් ව දකිත්දී ම බොත්තම්...
"ඔහොම ආඩම්බර වෙන්නෙ ඇයි දූටි දුව... නළුවෙක් වෙච්ච මනුස්සය එච්චර නිරහංකාර විදිහට මේ ගෙදරට ගොඩ වෙලා ඉද්දි... අපි ඒ ගෞරවේ ඒ මනුස්සයට දීල ආගන්තුක සත්කාර කරන්න ඕනනෙ. මොනා වුණත් ඒ මනුස්සය රටේ මිනිස්සු ආදරේ කරන ජනප්‍රිය කෙනෙක්නෙ. එහෙම බැලුවාම අපිට මොනාද ආඩම්බර වෙන්න තියෙන්නෙ..." ආදියා දෙව්රම් ට කතා කිරීමට ප්‍රතික්ශේප...