Tag: Senehas Aware

සුමධුර උන්නේ එක්තරා අන්දමක සිහින නිද්‍රාවක ගැලී නමුත් අවදියෙනි. කාර්‍යාලයේ වැඩ කටයුතු වුණේත්, මීටින් සඳහා සහභාගි වුණේත්, කෑම කෑවේත් ඒ සිහිනමය නිද්‍රාවේ හිඳිමිනි. “බොස් අද වෙනදට වඩා සන්තෝසෙන්” කියා කාර්‍යාල සහයකවරිය කියද්දීත් සුමධුර ඇයට සිනාවකින් සංග්‍රහ කර සිහිනමය නිද්‍රාවේ ගැලී හිඳිමිනි. හැකි ඉක්මනින් කාර්‍යාලයේ වැඩ කටයුතු අවසන් අර ගෙදර බලා යන්නට...