Tag: short story

එකෝමත් එක කාලෙක, ගාල්ලේ පැත්තේ, ගිං ගඟ අයිනට වෙන්න හරිම නිසංසල ගමක් තිබුණා. ඒ ගමේ ජීවත් වුණු අරවින්දි කියන්නේ හරිම අහිංසක, ඒ වගේම හරිම...
එකෝමත් එක කාලෙක, අපේ මේ ලෝකේ සිතියම්වල කොහේවත් සටහන් වෙලා නැති හරිම ලස්සන මායාකාරී දේශයක් තිබුණා.  මේ දේශයේ කෙළවරකට වෙන්න, අහසෙ ගෑවෙන තරම් උසට හැදුණු මහා දෙළුම් ගහක් තිබුණා. හැබැයි මේක අපි දකින ජාතියේ දෙළුම් ගහක් නෙවෙයි. මේ ගහේ අතු රිදී පාටින් දිලිසෙනවා, කොළ තද නිල් පාටයි. ඒ වගේම රෑට මේ ගහේ කොළවලින් හරිම ලස්සන නිල් පාට එළියක් විහිදෙනවා. දැන් ඔයාලට හිතේවි මේකේ මොකක්ද තියෙන විශේෂත්වය කියලා. මේ ගහේ තමයි ලෝකේ තියෙන වටිනාම දේ හැදෙන්නේ. ඒ තමයි මතකයන්. අපේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ තියෙන වටිනාම දේවල් අමතක වෙද්දී  ඒ කියන්නේ තමන් මුලින්ම ආදරේ කරපු හැටි, අම්මා කෙනෙක් දරුවෙක්ව වඩාගෙන නලවපු හැටි, නැත්නම් හිත පිරෙන්න සතුටු වුණු දවසක්  මේ වගේ දේවල් අමතක වුණාම ඒ මතකය නිකම්ම මැකීලා යන්නේ නැහැ. ඒ අමතක වුණු මතකය රතු පාට, මැණික් කැටයක් වගේ දිලිසෙන පුංචි දෙළුම් බීජයක් බවට පත් වෙනවා. ඊටපස්සේ මේ බීජ හුළඟේ පාවෙලා ඇවිත් අර මහා දෙළුම් ගහේ අතුවල ඇලවෙනවා. ඉතින් මේ ගහේ මුදුනෙම තිබුණා ලොකුම ලොකු රතු දෙළුම් ගෙඩියක්. ඒක තමයි සියා කුමාරියගේ ගෙදර. සියා  කියන්නේ හරිම ලස්සන, හරිම කරුණාවන්ත කෙල්ලෙක්. එයාට තිබුණේ අඳුරු කළු පාටට දිලිසෙන හරිම දිග කොණ්ඩයක්. එයා හැමතිස්සෙම ඇඳලා හිටියේ රත්තරන් පාට වාටි දාපු සුදුම සුදු සේද ඇඳුමක්. සිය මේ දෙළුම් ගෙඩිය ඇතුළේ ඉඳගෙන ලෝකෙටම රහසක් වුණු ලොකු රාජකාරියක් කළා. සියා කරන්නේ අර හුළඟේ පාවෙලා ඇවිත් අතු අස්සේ හැංගිලා තියෙන මතක බීජ එකින් එක අතට ගන්න එක. එයා ඒ බීජයක් තමන්ගේ ඇඟිලි තුඩු වලින් අල්ලපු ගමන්, ඒ මතකය සියාට පේන්න ගන්නවා. හරියට පුංචි ෆිල්ම් එකක් වගේ. එක බීජයක පේනවා දරුවෙක් තමන්ගේ තාත්තා එක්ක වෙරළේ වැලි මාලිගා හදන හැටි. තව බීජයකින් පේනවා වයසක කෙනෙක් තමන්ගේ පරණ යාළුවෙක්ව හම්බවෙලා සතුටු වුණු හැටි. සියා ගාව තිබුණා රත්තරන් පාටින් දිලිසෙන හීනි නූලක්. එයා කරන්නේ මේ මතක බීජ එකින් එක අරගෙන, තමන්ගෙ උකුල උඩ තියෙන සුදුම සුදු සේද රෙද්දක ලස්සනට එම්බ්‍රොයිඩර් කරන එක. එයා හරිම පරෙස්සමෙන්, හරිම ආදරෙන් ඒ මතකය මලක් වගේ ඒ රෙද්දේ මහනවා. සියාඅ ඒ මැහුම ඉවර කරලා නූල කපපු ගමන්, අර මතකය අමතක වෙච්ච මනුස්සයාට එකපාරටම "ආ... මට මතක් වුණා!" කියලා ඒ සතුට හිත ඇතුළෙන් ආයෙමත් දැනෙන්න ගන්නවා. සියාගේ මේ ලෝකය හරිම නිහඬයි. එයාට ඇහෙන්නේ එයා අදින නූලේ සිරි සිරි සද්දය විතරයි. එයා හිතුවේ තමන්ට කරන්න වෙලා තියෙන්නේ ලෝකේ තියෙන ලස්සනම වැඩේ කියලා. මොකද එයා මහන හැම මැහුමකින්ම ලෝකේ කොහේ හරි ඉන්න කෙනෙක්ගේ නැතිවුණු සතුට ආයෙමත් ලැබෙනවනේ. ඔහොම ඉන්නකොට දවසක් හවස් වෙලාවක, මේ මහා දෙළුම් ගහ පාමුලට අමුතු තරුණයෙක් ආවා. එයා පින්තාරුකරුවෙක්. එයා ඒ ගහ පාමුල වාඩි වෙලා බලාගෙන හිටියෙ හරිම අසරණ විදිහට. එයා තමන්ගේ පින්තාරු පොත අතේ තියාගෙන හිටියත්, එකම එක ඉරක්වත් ඒ...
අම්බලන්ගොඩ පැත්තේ පරණ මිනිස්සු  තාමත් රූකඩ දිහා බලන්නේ නිකන්ම නිකන් ලී වලින් කරපු, කැටයං කපාපු දෙයක් දිහා බලනවා වගේ නෙවෙයි. උන් විශ්වාස කරන්නේ ඒවට...
“ඔයාට නම් තියෙන්නෙ අනේ හරිම ලස්සන ලයිෆ් එකක්. තිමිර අනේ මාරම හොඳයි නෙ නේද?” “ඔන්න දෝණි ඔයා නම් හරිම වාසනාවන්තයි. තිමිර වගේ පිරිමි ළමේක් හම්බෙන්නෙ...
කසුන්ගෙ හිතේ පවනි ගැන පවනි ගැන ඉස්සර වෙලාම සැකයක් ඇති කලේ පවනිගේ හොඳම යාළුවා කිව්වට වරදක් නැහැ. පවනිත් එක්ක ඉස්කෝලෙ කාලේ  ඉඳගෙනම හොඳම යාළුවා...

ආදර දෙවොල

0
මේ කතාව දිග ඇරෙන්නෙ ලෝක සිතියම්වල ලකුණු වෙලා තිබුණේ නැති ගමක් අස්සෙ. සිතියමක ලකුණු වෙලා තිබ්බෙ නැති උන එක මේ ගමට ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ...
ෂාවර්පූර් නගරෙ පරණ පාරවල් හරියට වෙහෙසට පත් වෙලා ගුලි වෙච්ච සර්පයෝ වගේ හරි පටුයි.  ඒ වීදි අස්සේ හැමදාම දූවිල්ල කලවම් වෙච්ච අමුතු සුවඳක් රැඳිලා තිබ්බා....

Red Lantern

0
පරණ බීජිංවල දකුණු පැත්තෙ ජීවත්වෙච්ච මිනිස්සු මේලින් ගැන නිතරම කිව්ව දෙයක් කිව්වා. ඒ තමයි “ඒකිට කාටහරි කියලා වැඩක් කරගන්න එක එකාට වැඳ වැඳ යන්න තියා,...
මුළු ටවුන් එකේම තිබුණේ පුදුම මූසල, පාලු ගතියක්.  අහස උසට තියෙන ලොකු බිල්ඩින් අස්සෙන් ඉර එළිය පොඩ්ඩක් හරි බිමට වැටෙන්න බැලුවත්, වාතයේ පිරිලා තිබිච්ච අළු...
(ලෝක ප්‍රසිද්ධ Pied Piper of Hamelin කතාව ඇසුරෙන් ගොඩනගන ලද්දකි) මේක අහලා පුරුදු පරණ කතාවක් ගැන හිතුවෙ නැති විදියෙ ඇත්තක් කියන කතාවක්.  ඔන්න එකොමත් එක රටක...