Tag: short story
ලොකු දුවගේ උපාධි ප්‍රධානෝත්සවයට ලීලාවයි, කපිලවයි එක්කගෙන යන්න ඕනි කියලා කිව්වේ ලොකු දුව. ලොකු දුව එහෙම කිව්වාම මම හිතාගන්න බැරුව ඒ දිහා බලාගෙන හිටියා. තිස්ස වුනත් ලොකු දුව දිහා පුදුමෙන් බලාගෙන ඉන්න බව මං දැක්කා.
" පාස් දෙකයි නේද පුතේ ලැබෙන්නේ?"
තිස්සට අහන්න මතක් වුණාට මට එහෙම දෙයක් විමසන්න මතක් වුණේවත්...
අම්මායි, තාත්තායි, පුංචියි මල්ලි බබාවත් එක්කරගෙන ගෙදර එනකල් දෙව්නි හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. මල්ලි බබාව ගේන්න අම්මා ඉස්පිරිතාලෙට ගියපු වෙලාවේ ඉඳන් සිය දහස් වතාවක් දෙව්නි ආච්චි අම්මගෙන් අම්මලා ආයෙම එන වෙලාව ගැන අහන්න ඇති.
"ඉන්නකෝ පුතේ.. අම්මලා ඉතින් මල්ලි බබාව එක්කගෙන නේ එන්න ඕනි..."
මුලදි ආදරෙන් ආදරෙන් එහෙම පැහැදිලි කරාට පස්සේ...
"ඔයා අවුරුද්දට මොකද කරන්නෙ හිතාගෙන ඉන්නේ නිශාදි ? "
සංසකා ඇහුවේ කෑම පැයේදී. අවුරුද්දට තමන් ගෙදර අයට දෙන්න විසි තිස්දාහක තෑගි ගත්ත බව සංසකා කිව්වෙ මීට විනාඩි ගානකට කලින්. ඒ නිසාම නිශාදිගේ ඇස් වල වගේම හිතේ තිබ්බෙත් හිස් බවක්
" බෝඩිමට වෙලා ඉන්නවා "
නිශාදි කිව්වේ හැඬුමක් හිර කර ගෙන කියලා සංසකාට...
" ඔයා මහ ලොකු රස්සාවක් ද අයේෂා කරන්නේ ?. නිකන් මූනිච්චාව ...."
චරක එහෙම කිව්වාම අයේශාට දැනුණේ තමන්ගේ කම්මුලට ගැහුවා වගේ. කවදාවත් නැති විදියේ අවලාදයක් එකපාරටම කඩාගෙන වැටුණම ඒකට මුහුණ දෙන්න ඕනි කොහොමද කියලා අයේශාට වැටහුණේ නැහැ. අයේෂා චරක දිහා බලාගෙන හිටියා.
"ඇයි අම්මට කිව්වේ ඔයා බිසි නිසා නංගීව බලන්න බැරි...
ඔහුගේ මේසයේ කොනක ඉඩක් වෙනස් නොවීම කෙනෙකු වෙනුවෙන් වෙන්ව තිබීම මට මානසික වදයක් වෙමින් තිබුණි.අප හැඳිනගෙන අට වන මාසය ගෙවෙද්දි පවා ඔහු එවන චායාරූප වල ඒ කොන එහෙමම තිබීම මට ඉවසා සිටිය හැකි වූයේ නැත. ඒ කෙනා "ඇය" ලෙසින් හඳුන්වන ස්ත්‍රී ලිංගික නාම පදයක් වීම ඒ මානසික වදය දෙගුණ...
“අපිට අම්මව ට්‍රිප් එක එක්ක යන්න බැරිද?”
නංගි එදා ඇසුවේ සෙමින් ය.නමුත් ඒ හඬ මට පැහැදිලිව ඇසිණ.සාමාන්‍යයෙන් දෑස නොපෙනෙන ඕනෑම කෙනෙකුට ලැබෙන පොදු ත්‍යාගය මට ද හිමි ව තිබිණ.ඒ වඩා හොඳින් ඇසීමේ ගුණය ය.
“අපි ගෙදර ඉන්නම් චූටි.ඔයාලා යන්න.”
අම්මා පැවසුවා ය.අම්මාට මා නිසා කොහේවත් යන්නට නොලැබීම ද මා වෙනුවෙන් කැප වන්නට...
“අපි ආයෙ කවදයි හම්බ වෙන්නේ?”
සන්ධ්‍යා එහෙම ඇහැව්වේ ඈත ආකාහෙ බැහැල යන ඉර දිහාව බලාන උන්නු අසෝක දිහා බලාගෙන. අසෝක උන්නෙ වෙනදා හේ සන්ධ්‍යාගේ ඇස් අස්සට එබිල නෙවෙයි. කොහෙදෝ කෙලවරක් නොපෙනෙන ඈතක් දිහාව බලාන. ඒ බැල්ම දිහා කොච්චරක් වෙලා බලාන උන්නත් සන්ධ්‍යාට තේරුම්ගන්න ඇහැක් උනේ නෑ අසෝකගේ ඇස් ඉස්මත්තේ තැවරිල...
මහිමා එකපාරටම ඇහැරුණේ කසුන්ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආව හඬට. ඇහැරුන බවක් පෙන්නන්නේ නැතුව මහිමා එහෙමම හිටියා. කසුන් ජංගම දුරකතනයට පිළිතුරු නොදී ඇමතුම විසන්ධි කරන විදියත්, ඊට පස්සේ කෙටි පණිවිඩයක් යොමු කරන විදියත් මහිමා බලාගෙන හිටියේ. ඒ වෙලාවෙන් පස්සේ මහිමාට නින්ද ගියේම නැහැ. කසුන්ගේ ජංගම දුරකතනය බලන්න විදියක් තිබුනෙත් නැති...
"වෙලාව නවයත් පහු වෙලා.යසයි ගෑනු ළමයි නිදා ගන්න තරම්.."
නැන්දම්මාගේ කෑගැහිල්ල ඇහුණු මධූ මල්වලට වතුර දාන ගමන් ගේ ඇතුළට එබුණා.මේ ගෙදරට එන්න කලින් නිවාඩු දවසට ටිකක් දවල් වෙනකන් නිදාගත්තු දවස් ඇයට දැන් හීනයක් වගේ.නැන්දම්මා ඔහොම කෑගහන්න ගත්තු නිසා දැන් මධූ ඉන්නේ නැන්දම්මාට ඕනෑ හැටියට.එක අතකට මේවා රදීෂ්ගෙත් වැරදි! මධූව මෙහෙ...