Tag: short story

සංකේත් හදිසි රිය අනතුරකට මුහුණ දීලා මේ ගෙවෙන්නේ තුන් වෙනි සතිය. අද තමයි  සති තුනකට පස්සේ සංකේත්ව ගෙදර එක්කගෙන ආවේ. දිලිනි කාමරේ තිබුන වැඩිපුර බඩු ඔක්කොම සාලෙට දාලා කාමරේ නිදහස් වෙන්න හැදුවේ මල්ලිවත් උදව්වට ගෙන්නගෙන. සංකේත්ට ඇවිදින්න, තමන්ගේ වැඩ තනියම කරගන්න පුලුවන් මට්ටමක වෙනුවෙන් සෑහෙන්න කැපකිරීමක් කරන්න වෙන බව...
“සියුමි නම් කිසිම ලැජ්ජාවක් නැතුව එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ගෙ ෆොටෝ දානවා නේද ෆේස්බුක් එකේ?” කුමාරි අම්මගෙ දානෙ වැඩ ඉවරවෙච්ච වෙලේ සමච්චලේට හිනාවෙන ගමන් ඕක කිව්වෙ සියුමිගෙ අම්මා වෙච්ච ධම්මිකාගෙ මූණ බලන ගමන්. කුමාරි කියන්නෙ ධම්මිකාගෙ නෑනා. ධම්මිකා කසාද බැඳල ඉන්නෙ කුමාරිගෙ අයියව. ධම්මිකාගෙ දරුව තමයි සියුමි. කුමාරිට ඉන්නෙත් දුවෙක්, එයාගෙ නම චේතනා.චේතනා...
“ජිතුලිගෙ ඉන්ලෝව්ස් ලා හරිම හොඳයි අනේ” මේධානි ඉතින් ජිතුලි ගැන අහන ඕනම කෙනෙක්ට ඔය කතාව කියන්නෙ හරිම සන්තෝසෙන් වගේම හරිම ආඩම්බරෙන්. මොන අම්මද අකමැති තමන්ගෙ දුවට නැන්දම්මෙක් නොවී අම්මා කෙනෙක් වගේම සලකන මනුස්සයෙක් ඉන්න තැනකට යන්න ලැබෙනවනම්. ජිතුලිට ඉන්නෙ මල්ලි. මල්ලි කසාද බැන්දෙ අවුරුදු හය හතක ආදර සම්බන්ධයකින්. අම්මලා නම් එච්චර...
“ඔය ඇඩ් ඒජන්සි වල වැඩ කරන කෙල්ලන්ට ඔච්චර සල්ලි හම්බෙනවද අනේ? කුඩු බිස්නස් කරනවද දන්නෙ නෑ” මාලතී එහෙම හිනා උනේ ඉස්සරහ ගෙදර රිශානා ගැන කියලා. රිශානායි මාලතීගෙ දුව ආලියායි එකම වයස්වල. එකම ඉස්කෝලෙට ගියේ. ඒලෙවල් කරද්දි ආලියා බයෝ කරද්දි රිශානා කරේ ආට්ස්. ආලියා ෆස්ට් ශයි එකේ බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එක...
“මයි බෝයිස් ෆස්ට් බර්ත් ඩේ” අනුරාධා ෆේස් බුක් දාලා තිබුණ පෝස්ට් එක දිහා බලල හිතන්න දහසක් දේවල් සචිනිට තිබුනා. අනුරාධායි සචිනියි එකම ඉස්කෝලෙ. සචිනි බැඳපු අවුරුද්දෙම තමයි අනුරාධාත් බැන්දෙ. දෙන්නම බැඳල දැන් අවුරුදු දෙකක්. සචිනි තාම පී එච් ඩී එකයි රස්සාවෙ ප්‍රමෝශන් එක්කයි හැප්පි හැප්පි ඉස්සරහට යද්දි අනුරාධාට ලස්සන පුංචි පුතෙක්...
කවින්දි ප්‍රෙග්නන්ට් උනේ කසාද බැඳල අවුරුදු දෙකක් ගියාට පස්සෙ. ඒ වෙද්දි කවින්දිගෙ නංගි වෙච්ච අරවින්දිත් කසාද බැඳල අවුරුද්දක් වගේ. පවුලෙ පලවෙනි දරුවා නිසා කවින්දිගෙ පවුලෙ අය වගේම, කවින්දිගෙ හස්බන්ඩ් තේනුකගෙ ගෙදර අයත් හිටියෙ හරිම සන්තෝසෙන්. කවින්දිගෙ අම්මා භානු කවින්දි ප්‍රෙග්නන්ට් කියල දැනගත්ත දවසෙ ඉඳල හිත හිත හිටියෙ කවද්ද බත් මුලක්...
මල්ෂා කෝපය දරාගන්න බැරි නිසාම  නාන කාමරේට වෙලා පැය භාගෙකට වැඩිය හිටියා. එලියට ආවත් සමන්ට මුහුණ දෙන්නේ නැතුව ඉන්න උත්සාහ කලා. ඒත් හිතේ කෝපය යටපත් කරගෙන ඉන්න පුලුවන් වුනේ නැහැ. කුස්සියේ බඩු සද්දේට එහෙ මෙහෙ වෙනවා ඇහුණා. සමන් ඒ හඬවල් උවමනාවෙන් අහගෙන හිටියා. මල්ශාගේ මේ කෝපයට හේතුවක් හිතාගන්නවත් සමන්ට...
ඉස්කෝලේ කෑම ටෙන්ඩරේ  පාස් වුනාට පස්සේ දුලානි ගෙදර ආවේ රටක් රාජ්ජයක් ලැබිලා වගේ. මේ ගැන කපිලටත් කියලා සතුට බෙදා ගන්නකල් දුලානිට ඉවසිල්ලක් තිබුනේ නැහැ. ගෙදරම පිටිපස්සේ හදාගෙන යන කොරටුව, කුකුල් පාලනය වගේම මී ගව පාලනය නිසා මේ ටෙන්ඩර් එකෙන් තමන්ට ඔලුව උස්සන්න පුලුවන් බව දුලානි දන්නවා. ඒත් මේ ගැන කපිලට...
මයුමි බසයෙන් බැස්සාය. මාතර මුහුදු තීරය තෙක් ඇවිද ගියාය. සවස පහට ආසන්න නිසා වෙරල තීරය යම් කාර්‍යබහුල කමකින් පිරෙමින් පවතියි. එහෙත් ඇයට  එහි වගක් වූයේ නැත.  වෙරලේ සිසිලස නොදැනෙන තරමේ දැවීමක් ඇය තුල ඇත. වසරක් තිස්සේ තමාට පෙම් කරන බව අඟවමින්, දනවමින් උන් තිසර අද දිනයේ දකින්නට වූ ආකාරය...
ඕෂධී ලංකාවට ආවේ අවුරුදු හයකින්. අවුරුදු විසි පහේදී ජීවිතේ  හැමදේම නැති කරගෙන, ඩුබායි  රටට පියාබපු ඕෂධී ඊයේ ලංකාවට ආවේ ජීවිතේ බලාපොරොත්තු වුනාටත් වඩා දේවල් දිනාගෙන.  ඒ හින්දාම අවුරුදු හයකින් මේ ලංකාවට ආව ගමන ගැන ඕෂධීට දැනෙන්නේ සතුටකට එහා ගියපු ආඩම්බරයක් සහ සැනසීමක්. ඕෂධීගේ අම්මයි, තාත්තයි, මල්ලියි ගුවන්තොටුපලට ඇවිල්ලා හිටියා. තමන්...