Tag: short story

" මොනවද ළමයො ඔය මිදුලේ දූවිලි අවුස්සන්නෙ ඔච්චර ? "  පද්මා මිදුලට බැස්සේ ඉමේශා මිදුල අතුගාන්න පටන් අරන් ටික වෙලාවක් යනකොට " ඒ හැටි දූවිල්ලක් නෑනෙ අම්මේ.පාන්දර වැස්සේ "  ඉමේශා උත්තර දෙනකොට පද්මා ආයෙම මූණ හකුල ගත්තා " වැස්සට වැඩක් නෑ.මගෙ නහයත් එක්ක දනවා.අනෙ මන්දා ගෙවල් වල කොහොම හැදුනද කියලා මිදුලක් අතුගා ගන්නවත්...
" වැස්ස කාලෙට ළමයි ඉස්කෝලේ එන්නේ නෑ.. එන්නේ නෑ නෙවෙයි, උන්ට එන්න විදියක් නෑ..." ලොකු සර් එහෙම කියනකොට චන්දිම ඒ ගැන තව දැනගන්න  උනන්දු වුණා. අලුත් පත්වීම අරගෙන චන්දිම අලුත් ඉස්කෝලෙට ආවේම වැස්සත් ඉස්සර කරගෙන. ඒ හින්දාම ඉස්කෝලේ ළමයි දකිනවට වඩා චන්දිමට දකින්ම වුණේ හිස් පුටු බංකු. "  මේ අවුරුදු දෙකක...
“I wandered lonely as a cloud That floats on high o’er vales and hills When all at once I saw a crowd A host, of golden daffodils Beside the lake, beneath the trees Fluttering and dancing in the breeze” තාලෙ අල්ලල, Poem එකෙන් කියවෙන්න ඕන කතාව යස අපූරුවට කියවෙන්න Poems කියන්න බෑ නවයෙ පංතියෙ ලාලසීට ඇරෙන්න වෙන කාටවත්. මුලු...
ලොකු දුවගේ උපාධි ප්‍රධානෝත්සවයට ලීලාවයි, කපිලවයි එක්කගෙන යන්න ඕනි කියලා කිව්වේ ලොකු  දුව. ලොකු දුව එහෙම කිව්වාම මම හිතාගන්න බැරුව ඒ දිහා බලාගෙන හිටියා. තිස්ස වුනත් ලොකු දුව දිහා පුදුමෙන් බලාගෙන ඉන්න බව මං දැක්කා. " පාස් දෙකයි නේද පුතේ ලැබෙන්නේ?" තිස්සට අහන්න මතක් වුණාට මට එහෙම දෙයක් විමසන්න මතක් වුණේවත්...
අම්මායි, තාත්තායි, පුංචියි මල්ලි බබාවත් එක්කරගෙන ගෙදර එනකල් දෙව්නි හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. මල්ලි බබාව ගේන්න අම්මා ඉස්පිරිතාලෙට ගියපු වෙලාවේ ඉඳන් සිය දහස් වතාවක් දෙව්නි ආච්චි අම්මගෙන් අම්මලා ආයෙම එන වෙලාව ගැන අහන්න ඇති. "ඉන්නකෝ පුතේ.. අම්මලා ඉතින් මල්ලි බබාව එක්කගෙන නේ එන්න ඕනි..." මුලදි ආදරෙන් ආදරෙන් එහෙම පැහැදිලි කරාට පස්සේ...
 "ඔයා අවුරුද්දට මොකද කරන්නෙ හිතාගෙන ඉන්නේ නිශාදි ? "  සංසකා ඇහුවේ කෑම පැයේදී. අවුරුද්දට තමන් ගෙදර අයට දෙන්න විසි තිස්දාහක තෑගි ගත්ත බව සංසකා කිව්වෙ මීට විනාඩි ගානකට කලින්. ඒ නිසාම නිශාදිගේ ඇස් වල වගේම හිතේ තිබ්බෙත් හිස් බවක් " බෝඩිමට වෙලා ඉන්නවා " නිශාදි කිව්වේ හැඬුමක් හිර කර ගෙන කියලා සංසකාට...
" ඔයා මහ ලොකු රස්සාවක් ද අයේෂා කරන්නේ ?. නිකන් මූනිච්චාව ...." චරක එහෙම කිව්වාම අයේශාට දැනුණේ තමන්ගේ කම්මුලට ගැහුවා වගේ. කවදාවත් නැති විදියේ අවලාදයක් එකපාරටම කඩාගෙන වැටුණම ඒකට මුහුණ  දෙන්න ඕනි කොහොමද කියලා අයේශාට වැටහුණේ නැහැ. අයේෂා චරක දිහා බලාගෙන හිටියා.  "ඇයි අම්මට කිව්වේ ඔයා බිසි නිසා නංගීව බලන්න බැරි...
ඔහුගේ මේසයේ කොනක ඉඩක් වෙනස් නොවීම කෙනෙකු වෙනුවෙන් වෙන්ව තිබීම මට මානසික වදයක් වෙමින් තිබුණි.අප හැඳිනගෙන අට වන මාසය ගෙවෙද්දි පවා ඔහු එවන චායාරූප වල ඒ කොන එහෙමම තිබීම මට ඉවසා සිටිය හැකි වූයේ නැත. ඒ කෙනා "ඇය" ලෙසින් හඳුන්වන ස්ත්‍රී ලිංගික නාම පදයක් වීම ඒ මානසික වදය දෙගුණ...
“අපිට අම්මව ට්‍රිප් එක එක්ක යන්න බැරිද?” නංගි එදා ඇසුවේ සෙමින් ය.නමුත් ඒ හඬ මට පැහැදිලිව ඇසිණ.සාමාන්‍යයෙන් දෑස නොපෙනෙන ඕනෑම කෙනෙකුට ලැබෙන පොදු ත්‍යාගය මට ද හිමි ව තිබිණ.ඒ වඩා හොඳින් ඇසීමේ ගුණය ය. “අපි ගෙදර ඉන්නම් චූටි.ඔයාලා යන්න.” අම්මා පැවසුවා ය.අම්මාට මා නිසා කොහේවත් යන්නට නොලැබීම ද මා වෙනුවෙන් කැප වන්නට...
“අපි ආයෙ කවදයි හම්බ වෙන්නේ?” සන්ධ්‍යා එහෙම ඇහැව්වේ ඈත ආකාහෙ බැහැල යන ඉර දිහාව බලාන උන්නු අසෝක දිහා බලාගෙන. අසෝක උන්නෙ වෙනදා හේ සන්ධ්‍යාගේ ඇස් අස්සට එබිල නෙවෙයි. කොහෙදෝ කෙලවරක් නොපෙනෙන ඈතක් දිහාව බලාන. ඒ බැල්ම දිහා කොච්චරක් වෙලා බලාන උන්නත් සන්ධ්‍යාට තේරුම්ගන්න ඇහැක් උනේ නෑ අසෝකගේ ඇස් ඉස්මත්තේ තැවරිල...