Tag: ඒකපාර්ශ්වික

පසු දිනට භාර දීමට නියමිතව තිබෙන හදිසි කටයුත්තක් සම්පූර්ණ කරන අතර මධ්‍යම රාත්‍රිය පසු කරමින් සිටි මේඝාට හදිසියේම අහස්ව සිහි විය. ඒ සමගම ධනුක විසින් සවස මුහුදු වෙරළේදී ඇසූ පැනයද සිහි විය. " උඹ අහස් ගැන මොකද හිතන්නේ? "  ධනුක විසින් නිකරුණේ එවැනි ප්‍රශ්නයක් අසන්නේ නැති බව මේඝා දනී . ඒ...
නිම්නාද තම මිතුරාගේ වාහනයේ රියදුරු අසුනට එහා වූ අසුනට බරවී වේගයෙන් පහු වන ගොඩනැගිලි දෙස ඔහේ බලා උන්නේය. තමා Rainbow Eye වෙත උදෑසනම ගියේ දහසක් බලාපොරොත්තු ඇතිව ය. ඒ තමාගේ අතින් සිදු වූ වැරැද්ද නිවැරදි කර ගෙන අලුතින් ජීවිතය පටන් ගැනීමේ බලාපොරොත්තුව සඵල කර ගැනීමටය. එහෙත් එය කොතරම් විහිළු...
" උඹට මේඝා ව ඕනේ නම් ඇයි උඹ ගිහින් ඒකිත් එක්ක කතා කරන්නේ නැත්තේ මේ ගැන ? "  මේඝා නිම්නාදව බැලීමට රෝහලට ගිය බව අහස් දැන ගත්තේ මේඝා ගෙන්මය.ඇය සිටින්නේ තීරණයක් ගත නොහැකි තැනක බව සිතමින් අහස් තැවුනේය. නමුත් විශ්මිතට වුවමනා වූයේ අහස්ගේ සිතැඟි මේඝා වෙත කියන්නටමය. අහස් එයට ඉඩ...
මේඝාට වාඩිවී සිටි අසුනින් නැගිට්ට වුනේ වෛද්‍යවරයා විසින් ඇසූ පැනයටය. " මෙතන මේඝා කියලා කෙනෙක් ඉන්නවද ? "  වෛද්‍යවරයා එසේ අසද්දී මේඝාව හඳුනන සියලු දෙනා එක වරම මේඝා දෙස හැරී බැලූ අතර මේඝා සෙමෙන් සෙමෙන් වෛද්‍යවරයා වෙත කිට්ටු වූයේ ඇතුලාන්තයෙන්ම දැවෙන අතරේය. " ඩොක්ටර් මම "  වෛද්‍යවරයා මේඝා දෙස බැලුවේ උනන්දුවෙනි.  " ඔයා පේශන්ට්...
 "නිම්නාද උඹට කරපු දේවල් මතක නම් , ඇත්තටම උඹට ලැජ්ජාවක් තියෙනවා නම් උඹ හොස්පිට්ල් යන්නෑ මේඝා "  ධනුක මේඝාගේ නිවසට ආවේ පාන්දරය. ඒ වන විටත් නිම්නාද හදිසි අනතුරකට ලක්ව ඇති බව මේඝාට කාර්යාලයේ මිතුරෙකු ගෙන් දැන ගන්නට ලැබී තිබුණි. ආරංචිය ලද විගස  මේඝා හැඬුවත් , ධනුක ආ පසුව එකදු කඳුලක්...
අහස් විශ්මිතව නිවසට ඇරලවා මේඝාගේ නිවස දෙසට වාහනය ධාවනය කලේ ඇයව බැලීමට හෝ මුණ ගැසීමට යාම සඳහාම නොවේ. හුදෙක්ම සිත සනසා ගැනීම සඳහාය. මේඝාගේ නිවසට ආසන්නයේ වාහනයක් නතර කර තිබෙනු ඔහු දුටුවේ දුර තියා මය.නමුත් එවැනි දසුනක් දක්නට ලැබීම කලාතුරකින් සිදු වූයේ එය එතරම් ජනාකීර්ණ ප්‍රදේශයක් නොවන නිසාය. ඒ...
" උඹ හිතනවද ඉතින් මේඝා ඔය නිම්නාද කාරයාට උදව් කරයි කියලා ? "  විශ්මිත අහස් සොයා ආවේ සවස් වරුවේය. ඒ අහස්ට ඔහුව මුණ ගැසීමට අත්‍යවශ්‍යම බව කී නිසාය. බෙල්ලන්විල ඇවිදින මං තීරුව අසල වාඩිවී තම මිතුරා මේ කියන්නට යන්නේ දීර්ඝ කථාවක් බව දන්නා නිසා විශ්මිත පැමිණියේ එයට සවන් දෙන්නටමය.  " මේඝා...
වර්ෂා තමාව හැර ගිය පුවත නිම්නාද මේඝා ඉදිරියේ දිග හැරියේ කම්පාවෙනි. එහෙත් මේඝා සියල්ල අසා උන්නේ හිස් හැඟීමකිනි. තමාට කරදරයක් සිදු වූ බව නිම්නාද පවසද්දී මේඝා කලබල වූයේ එය වර්ෂා පිළිබඳව යමක් යැයි නොසිතූ නිසාවෙනි. අනෙක් අතට කාලයක් තමාගේ ආදරණීයයා වූ ඔහු කරදරයට පත් වූ විට නොබලා සිටිය හැකිද...
නිම්නාද බොහෝ සේ නොසන්සුන්ව දුරකථනය අතැතිව නිවසේ එහා මෙහා යමින් සිටියේ ඔහු දන්නා වර්ෂාගේ සියලු මිතුරන්ට දුරකථන ඇමතුම් දෙමිනි. උදෑසන තමා නිවසින් පිට වන විට නිවසේ සිටි වර්ෂා තමන් ආපසු එන විට නිවසේ සිටියේ නැත.පැය කීපයක් තිස්සේ ඇගේ දුරකථනයට ඇමතුම් ලබා ගත්තද එය ක්‍රියා විරහිත කර තිබීම සහ කෙටි...
මේඝා හැඬුවාය. ලොකු අක්කාගේ ආගමනය නිසා දුක අලුත් කර ගත් මේඝා තමාව දියවී යතැයි සිතෙන තෙක් හැඬුවාය. අහස් උන්නේ ඒ හැම කඳුලක්ම තමාට ගත හැකි නම් යැයි සිතෙන තැනක ය. " මං ජීවත් වෙන්නෙ වත් කොහොමද කියලා හොයලා නොබලන මිනිස්සු සල්ලි ඕන උනාම විතරක් මාව හොයා ගෙන එන්නේ කොහොමද අහස්...