Tag: ජීවිතය කවියක් නොවේ

එළිමහන් කඳවුර වෙත පැමිණි මානව හිමිකම් සංවිධානයක නිලධාරීන් පිරිසක් හා කතා කිරීමේ අවස්ථාව ධනංජයට උදාවිය.ඒ අනුව තමාට ප්‍රංශ රජය විසින් දමා ඇති නඩුවේ ප්‍රථම නඩු වාරය වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවද පැවසීය.එහෙත් ධනංජය සිටියේ තම ජීවිතය පිළිබඳව තිබූ සිහින සියල්ල අතහැරගෙනය.තමා ගැනවත් විශ්වාසයක් නොවූ ධනංජයට දැන් අන් කිසිවෙකු ගැන...
ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොගෙනම  ලංකීය සමාගමේ ප්‍රධානියා හසාරාගෙන් හේතු විමසන්නටට විය.කලින් සිතා සිටි පරිදිම ඈ දෙමව්පියන් ළඟට යන බව ඔහු හා පැවසුවේය.ඉන්පසු ඔහුගේ යෝජනාව වූයේ එම රටෙහි ඇති කාර්යාලයක සේවය කරනා ලෙසය.එහෙත් විවේක සුවයෙන් කාලය ගත කිරීමට අවශ්‍ය නිසා එහිදී තමා රැකියාවක් කරන්නට නොසිතූ බව හසාරා වැඩිදුරටත් පවසා...
ධනංජයට කාමරය බෙදාගන්නට සිදුවූයේ නේපාල් ජාතික තරුණයෙකු සමගය.සියල්ලටම වඩා ඔහුට දරන්නට අපහසු වූයේ එම තරුණයාගේ අපිරිසිදුකමය.කඳවුරේ  ජීවිතය ගෙවී ගියේ කාලසටහනකට අනුවය.වරින් වර ප්‍රශ්න කරන්නට පැමිණෙන නිලධාරීන් රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන්  හැරෙන්නට වෙනසක් නොවූ තරම්ය.නිර්මිතා ගැන බන්ධනාගාර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියත් ඔවුන්ගෙන් ලැබෙන පිළිතුර වූයේ කිසිවක් නොදන්නා බවය.ඔවුන් අසන ප්‍රශ්නයකට...
නීතිඥවරයා පැවසූ තොරතුරු සියල්ලටම අදාලව ධනංජය විසින් සකස් කර තිබූ ලියකියවිලි වලට හසාරා අත්සන් තැබුවේ කිසිවක් නොඅසාමය.විවාහයක් තුළ වුවද බලහත්කාරයෙන් කිසිවෙකු නවතා ගැනීම සුදුස්සක්යැයි හසාරා විශ්වාස කළේ නැත.සිතෙහි වන දුකට වේදනාවට ඒ තුළම මියැදෙන්නට ඕ ඉඩ දෙමින් සිටියාය.නීතිඥවරයා පවා ඇගේ මේ සෘජු බව දෙස බලා සිටියේ පුදුමයෙන්ය.ඇයට වූයේ තරුණියකට...
ධනංජයව බන්ධනාගාර කඳවුරකට යොමු කෙරුනේ පැය හතළිස් අටක්  රඳවා ගෙන ප්‍රශ්න කිරීම් වලින් පසුවය.ඔහුගේ බොහෝ ලියකියවිලිවල වූයේ ශ්‍රී ලංකාවේ ඇති දේශපාලනික සහ ආර්ථික අර්බුධය  නිසා සරණාගත තත්වයෙන් ප්‍රංශයේ රැකවරණය පතා පැමිණි බවය.ඔහුට විරුද්ධව වූ නඩුව විභාග කෙරෙන තුරු මෙම බන්ධනාගාර  කඳවුරෙහි රැඳී සිටීමට ධනංජයට සිදුවේ.එය එළි මහන් කඳවුරකි.කුඩා කුඩා...
“ හසාරා මම ඉන්දු..” දුරකථනය එහා ඉම උන්නේ ඉන්දුමාය.ඒ නිර්මිතාට අමතරව බෝඩිම් කාමරය බෙදාගත් ඇගේ අනිත් මිතුරියයි.විශ්ව විද්‍යාලයේදීම ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයකින් විවාහ වූ ඉන්දුමා සැමියාගේ ගම වූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජීවත්ව උන්නාය.ඇය වෘත්තියෙන් පාසල් ගුරුවරියකි. “ ඉන්දු…..” “ මං ඔයාගේ මොබයිල් එකට ගත්තා ඒක ආන්සර් කරපු නැති හින්දයි ලෑන්ඩ් ලයින් එකට ගත්තේ.” “...
කාලය අවම උනත්  ඒ පොඩි කාලය ඇතුලත ගොඩක් දේවල් සිද්ධ උනා.හසාරා මැඩම් ඊට පස්සේ ඔෆිස්  එකේ විතරක් නෙමෙයි මේ රටේත් ජනප්‍රිය චරිතයක් වුණා.බොහොම අඩු වයසකින් ජාත්‍යන්තර දුරකථන සමාගමක මුල් පුටුවකට ගිය ඔයා ගැන මිනිස්සු කතා කරන්න පටන් ගත්තා. ජනප්‍රිය චරිත ගැන කතා කරන යූ ටියුබ් චැනල් දිගටම ඔයාව ඉන්ටර්විව්...
නීතිඥ සුරංජිත් පිටව  ගියේ තවත් විනාඩි දහයකට පමණ පසුවය.හසාරා ඇසූ දිග ප්‍රශ්නවලට ඔහු ළඟ වූයේ කෙටි උත්තරය.ඒ බොහෝ තැන්වලදී මේ ලිපිය කියවා සිටින්නයැයි  ඔහුු පැවසුවේය.සුරංජිත් නික්ම ගිය පසු ඉදිරිපස දොර හොඳින් වසා දැමූ  හසාරා නිවස සිසාරා බැල්මක් හෙලුවේ  වසා දැමූ දොරට පිට දීගෙනමය.වෙනදා වූ පිළිවෙල සන්සුන්කම එහි වූයේ නැත.සුවපහසු...
පැය කිහිපයක විඩාබර ගමනකින් පසු චාර්ල්ස් දි ගෝල් ගුවන් තොටුපලට යානය ගොඩ බැස්සේ පසුදා පාන්දරය.ගුවන් ගමන පුරාවටම නිර්මිතාත් ධනංජයත් යමක් කතා නොකළ තරම්ය.දෑස් පියාගෙන නින්දේ බව හැඟෙව්වත් දෙදෙනාම  වූයේ කල්පනාවේය. ජීවිතයේ බැරෑරුම්  පරීක්ෂණයකට  තමා මුහුණ දෙමින් සිටිනා බවක් ධනංජයට දැනෙන්නට විය.ප්‍රංශයට ඒමට සකස් කළ බොහෝ ලියකියවිලි නිවැරදිව ඒවා නොවන බව...
ගෙවී ගිය කාලය පැය දින ගණනින් එක හා සමාන වුවත් ධනංජයටත්, නිර්මිතාටත්, හසාරාටත් ඒ කාලය ගෙවී ගියේ තුන් විදියකටය.බලාපොරොත්තු ගොන්නක් ඇතිව ලංකාවට පැමිණීමට බලා උන් හසාරාට ගෙවී යන තත්පරයත් අවුරුද්දක් හා සමාන විය. හසාරා ගැනත් තමාට ගත කරන්නට සිදු වූ ජීවිතය ගැනත් කලකිරීමෙන් බලා උන් ධනංජයට අලුත් ජීවිතයකට යාමට වූයේ...