Tag: මියුරු පෙම් වසන්තේ

කතාව පටන් ගන්න ඕන කොහොමද කොතනින්ද කියා ඇත්තටම අදහසක් ක්ලීටස්ට තිබුනේ නැත. මේ ගමන ආවේ ඇත්තටම තමන් වෙනුවෙන් නොවේ මියුරුත් ධම්මිකාත් වෙනුවෙනි.එහෙම එකේ මේ ආ ගමනෙන් කියන්න ඕන සියල්ලම කියා යා යුතු බව ක්ලීටස් දැන උන්නේය. වසන්තා එක්ක යාලු වෙලා ඉන්න කාලයේවත් ක්ලීටස් අල්විස් වත්ත පැත්තට පැමිණ තිබුනේ නැත. වසන්තාව...
“මම අද අම්මලට කතා කරන්න ඉන්නේ නදී මේ ගැන. අම්මට කිව්වට අම්මට නෙවෙයි තාත්තට” මියුරු කිව්වේ සුපුරුදු විදියට හවස් වරුවේ නදී එක්ක තේකක් බොන්නට එලියට ගොස් හිඳින වෙලාවේය. සුපුරුදු සැඳෑවටම ආවේණික රත්තරන් තැඹිලි පාට වැටුණු මියුරුගේ කඩවසම් මුහුණ නදී දැක්කේ වෙනදාටත් වඩා සුන්දරවය.  එහෙත් ඒ සුන්දර මුහුණට එහයින් රැඳී...
බෙටි සීන් එකෙන් පස්සේ කස්තුරි මද කිපිච්ච ඇතා වගේ වටපිටාවම කළඹවාගෙන කෙළින්ම ආවේ විස්සෙ කණුවෙ අල්විස් වත්තටය. ඒ මේ බෙටි සීන් එක පස්සෙ ඉන්නෙ මිලින්ද බව ටක්කෙටම දන්න හන්දාය. “ඕකට ආයෙ ලැට් එකට යන්න බැරි වෙන්නයි මං වැඩේ දෙන්නෙ” කියාගෙන එද්දීත් තේජානි උන්නේ ක්සතුරි එක්ක මාරාවේශෙන්‍ ය. “මොනවද මිනිහො මේ...
ධම්මිකා ක්ලීටස්ට කතාකරන්න හිතුවේ රොඩ්‍රිගු විසින් කියන්නට යෙදුන ඒ වචන හොඳට මතක තියාගෙනය. “ඔය ප්‍රශ්නෙ පටන්ගත්තෙ ක්ලීටස් සර් නම් මැඩම් මොකටද මැඩම් මහත්තයගෙ උනත් කුණු ඇඟේ ගාගන්නෙ. මැඩම්ට ඕන නම්බු පිටින් ජීවත්වෙන්නනෙ. කලින් වතාවෙ මැඩම් වසන්තව ඇහැටවත් දකින්නෙ නැතුව ප්‍රශ්නෙ විසඳගත්තා වගේම මේ පාරත් මැඩම්ට ඕක කරන්න බැරිකමක් නෑ. මැඩම්...
කස්තුරි තේජානිට ගැහුවේ කරේ නැති උනත් ගැහුවම අඬන සයිස් එකෙන් ඇඬෙන්න කතා කර තිබුණි. තේජානි මිලින්දට කියල තිබ්බෙ නැති උනාට තේජානි කස්තුරි එක්ක ලිවින් ටුගෙදර් සංකල්පයට ජීවත්වෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මුල් හරියෙදිය. ඒ උනාට නීත්‍යානුකූලව කොලේක ලියා අත්සන් කරන සීන් එකක් තිබ්බෙ නැති හන්දා මිලින්ද ඉස්සරහා “මැස්සෙක්ටවත් ඇඟේ...
පිරිමියෙක්ව නම්මගන්න ඕන එහෙම බව ධම්මිකා හිතෙන් ඉපිලුණත් ඒ ඉපිලීම ඉතාම තාවකාලික බව ධම්මිකාම දනී. ක්ලීටස්ව නම්මගන්න පුළුවන් උනාට මියුරුව ඒ කෙල්ලගෙන් බේරගන්න විදියක් ගැන ධම්මිකාට හිතාගන්න බැරිය. බේරගන්නවානම් බේරගන්න පුලුවන් එකම විදිය ක්ලීටස් ගැන ඇත්ත මියුරුට කියන එකය.  “ඒත් එහෙම කියන්නෙ කොහොමද? මොන විලි ලැජ්ජාවක්ද?” කියා ධම්මිකා හිතුවාය. දුරකතනය...
“මට සමාවෙන්න” කියමින් ක්ලීටස් දෙපා ලඟ වැඳ වැටුණේ වසන්තාට ආලය කිරීම හන්දා තමන් විසින් දරුවන්ගේ ජීවිතවලට පවා ගෙන ආ ප්‍රශ්න නිසාවෙන් බව ධම්මිකාට හිතන්නට පුලුවන් උනේ මොහොතකට පමණකි. ක්ලීටස් අනතුරුව කියන්න යෙදුන වචන ධම්මිකා අඩි ගාණක් ඉහලට ඔසවා අකුණක වේගයෙන් පහලට අතෑරිය අන්දමේ වදන් පෙළකි. “මම දැනන් ඉඳියෙ නෑ ධම්මිකා...
මේ ප්‍රශ්නයට දෙන්න තියෙන එකම උත්තරේ ක්ලීටස් එක්ක කතා කරන එක බව ධම්මිකා දැන උන්නාය. එහෙත් ඒ කතාබහ අපුල සහගත අතීතයක වසා දැමූ දොරගුලු බව දන්න හන්දාත්, ඒ දොරගුලු යලිත් අවුරුදු විසි තිස් ගණකට පසු විවර කිරීම වනාහී මුලු වර්තමාන ජීවිතයම ගඳ ගැස්සෙන එක බව ධම්මිකා දනී. එහෙත් මේ...
“කවුද බං ඒ අලියා උඹට ගහන්න ආව?” කියාගෙන විල්සන් ඇසුවේ මිලින්දගේ තැලිච්ච අත පයේ තෙල් ගාද්දිය. මිලින්ද උන්නෙ තරහයි ලැජ්ජාවයි දෙකම එක්කහු වෙච්ච සිතුවිලි කන්දරාවක ගිලීය. ගේ දොරකඩ ඉඳගෙන අම්මා වත්තෙ එක එකාට මේ වෙච්ච දේ කියන එක මිලින්දට තව ලැජ්ජ උනත් ඉතින් වත්තක කොහොම උනත් ඔහොම දෙයක් හංග...
එදා රැයේ මිලින්ද බත් කන ගමන් අම්මා එක්ක හෙන ලොකුවට කියමින් උන්නේ කවදහරි දවසක ටැටූ ශොප් එකේ බ්‍රාන්චස් රට පුරා දමන ගමන් තමන් පට්ට ලොකු බිස්නස්මන් කෙනෙක් වෙන ආකාරයයි. “දැනටම කට්ටිය එනවනෙ අම්මෙ, ලබන අවුරුද්දෙ දිහාවට සෑහෙන ලොකු තැනකට යන්න පුලුවන්” කියන ගමන් මිලින්ද බැදපු අල කෑල්ලක් එක්ක බත් කටක්...