Tag: මේ ඒ වසන්තයයි

ඉසිනි තිගැස්සී ඇහැරුනේ කිසිවෙකු ගේට්ටුවට ගසමින් තමාගේ නම පවසන හඬිනි. ඕ වහා යහනේ කෙලින් වන්නට උත්සාහ කලාය. එහෙත් ඇය වටා වූ යමක් ඕ ඉන් නැවත්වූවාය. ඉසිනි පියවි සිහියට එලැඹෙන්නට තවත් වෙලා ගත්තාය. " දෙය්යනේ සෝමා නැන්දා ..." ඇයට එලෙස කියැවුණි. නුරාන් ඇගේ  නොසන්සුන් චලනයෙන් නින්දෙන් මිදුණත්, ඕ වැලඳෙන යළි නින්දකටම සූදානම්...
නුරාන්  මුළුතැන්ගෙයට  යන විටත් ඉසිනි මුලුතැන් ගේ තුළ එහෙ මෙහි ඇවිදිමින් ආහාර සකස් කරන්නට සූදානම් වෙමින් උන්නාය. නුරාන් යමක් සිහිවී මෙන් යලි නිවසින් පිටතට ගොස් ආවේය. ඔහු එක් අතෙක රැගෙන ආ මල්ල දෙස බැලූ ඉසිනි ඒ ගැන විමසුවේ දෑසිනි.  ශීතකරණය විවෘත කෙරූ නුරාන්  බියර් කෑන් කිහිපය ඇති බව තහවුරු...
වත්සලා පැවසූ කිසිවක් නොවැටහුනු බව නුරාන් පවසද්දී ඉසිනි යළි සෝමා ඇමතුවාය. " අනේ ඒකිට පිස්සුද කොහෙද තාරා.. කොහොම හරි නැන්දා ගෙදර ඉන්නවා කිව්වා..." නුරාන් ඇගේ  ජංගම දුරකතනය පසෙකට කරමින් කීවේ ඕ වෙත වඩා විමසිලිමත් බැල්මක් හෙලමිනි. " එතකොට රෑට නොකා නිදාගන්නද මේ ලෑස්තිය ?..." දිනය පුරාම දැනුන  නොසන්සුන් බව ක්‍රමයෙන් දියවී යන බව...
නුරාන්ගේ ඇමතුම බලාපොරොත්තුවෙන් උන්නද, ඉසිනි කාර්‍යාලයෙන් බැහැර වන තුරුම ඉසිනිගේ බලාපොරොත්තු ඉටු වූයේ නැත. ඉන් රිදුමක් දැනුනි. දින කිහිපයක් ඇතුලත තමා වෙනස් වි ඇත්තේ කෙලෙසින්දැයි ඕ සිතුවේ දුරකතන තිරයටම එබීගෙනය. දැන් හැම තත්පරයක්ම වෙනුවෙන් අලුත් හුස්මක එක් වීමක් දැනෙන්නේය. ඒ එක් වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් නඟන්නේය. පැහැසරාගේ අවසාන තීරණය යලි...
  නුරාන් කෙලෙසින් පැවසුවා වුවද, ධනුක සහ පැහැසරාට මුහුණ දීමට ඉසිනිට හිතේ හයියක් වූයේ නැත. එහෙත්, ඔවුන් දෙදෙනා මග හැරීමටද නොහැකිය. නුරාන් උදෑසන නිවසින් පිටවන්නට පෙර පැහැසරාගෙන් ඉල්ලිමක් කලේය “ අක්කේ..ඉසිනිට වෙනසක් කරන්න එපා..” “ ඒ මගෙ බොස් නේ .. බොස් විදියට සලකනවා ඇරෙන්න කොහොමටත් වෙන මොකක් කරන්නද මම ..” පැහැසරා නුරාන් දෙස...
ඉසිනි සෝමා සමඟ පන්සල් ගියෙ  ඉරිදා සවසය. නුරාන් ද පන්සල් පැමිනෙන බව පවසා තිබූ නිසා ඕ කණ්ණාඩියෙන් කිහිප වතාවක්ම තම දෙස බැලුවාය. පන්සල තුලදී ඉසිනිව දුටු පැහැසරා ධනුක එතරම් කලබලයෙන් කැබ් රිය ගෙන ආවේ මන්දැයි වටහා ගත්තාය. ඉසිනිව දුටු  නුරාධ්‍යා ඕ වෙත දිව ආයේ පැහැසරාටවත් අවනත නොවීගෙනය. ධනුක නුරාධ්‍යා  හඬද්දීම ඕ ඔසවා ගත්තේය. “...
නුරාන් ඉසිනිද කැටුව යන්නේ කොහිදැයි ඇයට කීවේ නැත. උදෑසන ආහාරය දෙදෙනාම ගෙන තිබුනද නුරාන් උදෑසන ආහාරය වෙනුවෙන් නැවතුණේය. ඉසිනි සැහැල්ලුවෙන් සිටින බව පෙන්නුවත් ඕ ගෙවුණු රැයේ කුමක් සිදු වුනිදැයි විමසා ගත නොහැකිව ලතැවෙන බව නුරාන් වටහා ගත්තේය. කැබ් රියට ගොඩ වූ පසු ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේය. “ අයියලා අදහස...
අම්මා සහ තාත්තාට මේ කිසිවක් නොපවසා ඉමුයැයි පැහැසරා අසිරුවෙන් ධනුකව එකඟ කරගත්තාය. කල යුත්තේ කලබල වීම නොව, කල්පනාවෙන් ඊළඟ පියවර සැලසුම් කිරීම බව ඕ යලි යලි පැහැදිලි කරාය. “ මල්ලි ඔය මොක කිව්වත්, ඔය ගෑණි මේ ගෙදරට ගැලපෙන්නේ නෑ කියලා මාත් පිලිගන්නවා ධනුක .. හරි, ඔය මල්ලි කියන කාරණා නිසා...
ධනුක එලෙසින් පවසා කාමරයෙන් ඉවතට ගියේද නුරාන්ට හරි හැටි නොවැටහුනු මොනවාදෝ පවසමිනි. පැහැසරා වහා ඔහු පසුපස ඇවිද ගියේ මෙවෙලෙහි කල යුතු පලමු දේ ධනුක සන්සුන් කර ගැනීම බව සිතමිනි. නුරාන් හෙලූ සුසුමේ සැනසීම සහ ඔහුට නොවැටහුනු බරක් තැවරී තිබුණි. එහෙත් අයියා කිසිවක් නොදැන තිබියදී ප්‍රශ්න ඇතිවීම වන්නේ නැති බවත්,...
නුරාන් කාමරය පුරා ඇවිදිමින් කතා කරමින් උන්නේය. " .............. ඉස්සර ඉසිනි මාර ආසයි මම බත් කවනවාට ... මම නෙවෙයි, ඕනි කෙනෙක් බත් කවනවාට එයා ආසයි ... අන්තිමට එයා මගෙන් ඈත් වෙන්න තීරණය කරපු දවස් වල, ඉසිනි මං බත් කවනවාට හරියට අකමැති වුනා ... ඔව්වා පුරුද්දට ගියාම හරි කරදරයි කිය කියා...