Tag: සන්තාන සුසුම් සර

යසස්වී වෙහෙරගොඩ තුසිතයෙහි ලේලිය වූවාට පස්සේ, දැනෙන සේ ම නො දැනෙන වෙනස්කම් ද රැසක් එහි සිදු විය. නිලූකා ඒ සියල්ල දෙස බලා සිටියේ හද තුළ කැකෑරෙන ඊර්ෂ්‍යාකාරී හැඟීම් ප්‍රවාහයක් දරාගෙනයි. ඇතැම් විට ඇය ඊර්ෂ්‍යා කරන්නේ කුමක් නිසා දැයි ඇය ම දැන සිටියේ නැත. යසස්වි නිසා ඈ දැවෙන්නේ මන්දැයි දැන...
දිල්නුක, බාල වයස්කාර ගෑනු ළමයෙකු ලැගුම් හලකට ගෙන ගොස් තිබිණ. පොලීසිය විසින් එය වටලෑමේ සිදුවීමක දී කාමර වල සිටි තරුණ තරුණියන් ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබේ. එකී පෙම් යුවළවල් අතරේ වැඩි දෙනෙකු බාල වයස්කාරයින් බව තහවුරු වී ඇති බැවින් දෙමාපියන්ව පොලීසියට කැඳවා ඇත. සිදුවීම ගැන නො දැන, සිය දරුවන්ට කරදරයක්...
යසස්වි බෑග් එක තබා බසයෙන් බහින්නට සූදානම් වෙත්දී ම රියදුරු අසුන ළඟ දොර විවර වෙනු ද බසය හෙළවෙනු ද යළි දොර වැසෙනු ද දැනිණ. ඇය මඳක් එසවී බැලුවා ය. රියදුරු තැන අසුන වෙත සැපත් ව හිඳී. ඊළඟ නිමේශයේ රිය පණ ගැන්විණ. කුසගින්න අමතක කොට යසස්වි අසුනේ හරි බරි ගැහුණා...
යසස්වි අනුරාධපුරයෙන් බැසන්නා විට දවල් වී තිබිණ. ඇය ගෙදර එන බවක් අම්මා ට වුව දැනුම් දුන්නේ නැත. ඒ සාවිත්‍රි විසින් ඇගේ පැමිණීම වළකනු ඇතැයි බියෙනි. මේ ගමන යන්නට ම ඇයට ඕනෑ විය. ත්‍රීරෝද රියක නැගී ගොස් ගේ ඉදිරිපිට බැසගන්නා විට වෙහෙරගොඩ මුදලාලි සිටියේ අඩුම කුඩුම පිරවූ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවෙහි වැතිරීගෙන...
වෙහෙරගොඩ මුදලාලි හිඳිනුයේ ඒ තරම් සුවයකින් නොවේ යයි සාවිත්‍රි යසස්වී ට කතා කොට කීවා ය. සිය ව්‍යාපාර කටයුතු වලට එල්ල වී ඇති තර්ජන සමගින්, ඔහු ගේ නරක කාලය උදා වී ඇතැයි හෙතෙම ශෝකයට පත්ව හිඳී. දියණිය ඔහු ට අකීකරු වීම ද ඇගේ හිතුවක්කාර චර්යාව ද ඔහු ගේ හිත කොනිති...
දිවා ආහාරය ගත් ගමන් සාවිත්‍රි හා චාරුලතා අනුරාධපුරය බලා පිටත් වී යාමට සූදානම් වූහ. ඔවුන් එදිනත් තුසිතයෙහි රැඳෙනවා නම් තුසිතයෙහි ඇත්තන් සතුටු වී ද වෙහෙරගොඩ මුදලාලි ගේ ස්වභාවය දන්නා නිසා අම්මා ව අනතුරෙහි හෙළන්නට යසස්වි කැමති වූයේ නැත. 'ආයෙ දවසක එන්න ඉඩක් ඉතුරු කරගන්න එක හොදයිනෙ. මේ සිද්ද වෙච්ච දේවල්...
යසස්වී වෙහෙරගොඩ පරම පවිත්‍ර දෙව්දුවක් සේ අස්විද සූරියබණ්ඩාර දුටුවේ ය. ඇය සුදු පැහැති මැක්සි ගවුමක් හැඳ කිරිගරුඬ පිළිමයක් සේ සිටියදී, ඇස් පිය සලනවාදැයි බලන්නට පවා ඔහු ට සිදු වූ තරමි. 'ඔයා ඔහොම ගිලින්න වගේ බලං ඉන්නකොට බයත් හිතෙයි මේ ළමයට' සෙනුරි සිනහවෙමින් කීවේ සිය රූපලාවන්‍ය උපකරණ සහිත ඇසිරුම ලකලැහැස්ති කරමිනි. 'මං වොශ්රූම්...
තුසිත ඉම කුරුල්ලෙකු හෝ කෑගැසුවේ නැත. අනිච්ඡානුග ව සිදු වන්නක් නො විණි නම් කිසිවෙකු හුස්ම ගන්නේ වුව නැති වන්නට තිබිණි. අස්විද හා උදාර මිදුල මැද සිටගෙන සිටියෝ ය. උදාර නො සන්සුන් ය. ඔහු ට එක ඉරියව්වක ඉන්නට හෝ බැරි තරමි. නමුත් අස්විද සන්සුන් ය. දෑත් පපුව මත බැඳගෙන ඔහු...
විශ්ව විද්‍යාලය ළඟ දී යසස්වි ත්‍රිරෝද රියකට නැගෙනු උදාර බලාගෙන ය. එතැන කලබලයක් ඇති නොකොට, හඹා ගොස් ඇය ඉන්නා තැන සොයාගන්නට ඔහු හිතාගෙන ම ආවේ ය. එබැවින් සියල්ල සිදු වූයේ සැලසුම් සහගතවයි. ඔහු සිය මෝටර් රථය පවා මේ ගමන සඳහා යොදා නො ගත්තේ ඇය එය හැඳිනගෙන මගහරිනු ඇති බව...
යසස්වි සිටියේ කල්පනා බරව ය. සාවිත්‍රි කතා කොට ගෙදර තත්වය ගැන කී කතා ඇගේ හිතේ අලුත් රිදුමක් ඇති කොට තිබේ. දැන් වෙහෙරගොඩ මුදුලාලිටත් යසස්වී ගේ සොයුරු යසස්ටත් ව්‍යාපාර කටයුතු වලදී කරදර වැඩි ය. උදාර හා යසස් අතරේ බහින්බස් වීම් ද ඇති වී තිබේ. පොලීසියට පැමිණිලි කිරීමෙන් පස්සේ ටික දිනක්...