Tag: සඳක් තනියම
“ අපේ චූටි පුතා…අකලංක ඔය දරුවට ආදරේ කරන්න පටන් අරගෙන.ඕක කාලෙක ඉඳලා අයියයි නෑනයි තුන්දෙනා එක්ක එකතුවෙලා කතා කර කර තමයි ඉඳලා තියෙන්නේ.දවසක් මේ ළමයා ඒ අදහස දිනාරාට කියලා.”
“ අනේ තේජා ඉතින්…”
“ දිනාරා කිව්වලු එයා කවදාවත් කසාද බඳින්නෙ නෑ කියන තීරණයක ඉන්නේ කියලා…”
“ ඒ කතාවනම් කීප වතාවක්ම කියලා තියෙනවා.අත්තම්මට...
කුමක් හෝ කරුණක් නිසා යුවතිය සිතෙහි අමාරුවෙන් පසු වෙනවායැයි ප්‍රියංකා හොඳටම විශ්වාස කරන්නට පටන් ගත්තේ ඊයේ සිටය. මෙතුවක් කල් ඈ අධ්‍යාපනයත් රැකියාවත් දෙකම සමබරව පවත්වාගෙන ගිය යුවතියකි.
කාර්යාලයේදී ඇගේ සිත රිදෙන යමක් සිදුවී ඇතැයි සිතුනත් අකලංක, විශ්ව හෝ මහින්ද අතින් එවැන්නක් සිදුවෙතැයි විශ්වාස කළ හැකි කමක් ඇයට වූයේ නැත.දෙතුන් වරක්ම...
“ එහෙමනම් ඒ ළමයට වෙන බෝයි කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් “
“ එහෙම එකකුත් නෙමෙයි අම්මා.”
“ කවුද ඔය ගර්ල් අර එයා සොසයිටි එකේ වැඩවලට ආශ්‍රය කරන ගෑනු ළමයි දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක්ද.”
“ නෑ අම්මා..”
“ අපි දන්න කෙනෙක් නෙමෙයිද…”
“ අපි දන්න කෙනෙක් තමයි.ඒත් අම්මා මේක අහල හිත කලබල කරගන්න එපා.දැන් ඒ දෙන්නා...
මිලීනා ප්‍රියංකාගේ දුරකථන අංකය දිනාරාගෙන් ඉල්ලා ගත්තේ මින් දින කිහිපයකට ඉහතදීය.ඇය පැවසූයේ මේ දේපළ සම්බන්ධව ඉදිරියේදි කලයුතු යමක් ප්‍රියංකා හා පැවසීමට ඇති බවය.
ඇය ප්‍රියංකාට දුරකතන ඇමතුමක් ලබාගත්තේ ඉන් දෙදවසකට පසු දහවලකදීය.
“ මම මිලිනා ජයසුන්දර..”
එහා පසින් ඇසුණු ගැඹුරු හඬ ප්‍රියංකා විසින් හඳුනාගත්තේ ඇය නම කියා තමාව හඳුන්වා දෙන්නටත් ප්‍රථමවය.
“ කියන්න...
අකලංක හැකිතාක් සාමාන්‍ය අයුරින් සිටින්නට උත්සාහ දරමින් ඉන්නා වග වටහා ගැනීමට දිනාරාට අපහසු වූයේ නැත.වෙනදා කාර්යාලයට පැමිණ විහිළු කරන මිතුරන් පවා නිහඬ කිරීමට ඔහු සමත්ව තිබිණ.වෙනදා නොවු පාළුවක් කාර්යාලය කාමරය තුල පැතිර ඇතැයි ඇයට සිතුනේ එනිසාය.වෙනදාටත් වඩා ඔහු කාර්යාලයේ වැඩ කටයුතු සඳහා අවධානය යොමු කරන්නට පටන් ගෙන ඇත.. දින...
දිනාරා පසුදා අවදි වූයේ වෙනදාටත් වඩා පාන්දරින්ය.පෙරදා රාත්‍රියේ නින්ද ගියේ කීයටදැයි මතකයක් ඇයට නොවේ.එහෙත් ප්‍රියංකා ආන්ටීත් සොයුරාත් මගහැරවිත් ඇඳට වැටුණා මතකය.තවමත් කාමරයේ මලානික විදුලි බුබුළු දැල් වූ ගමන්ය. කුඩා මේසය මත වූ තේ කෝප්පය වටා කළු කූඹින් රැසක් එක්ව සිටිනු දිනාරා දුටුවේ මඳක් ඉහලට ඉස්සී ඇඳ විට්ටමට හේත්තු කළ...
දිනාරා නිවසට ඇතුළු වූයේ රෝගියෙකු ගණනටය.ඈ උන්නේ මේ අවස්ථාවට බියෙන් මිස මේ සා දුකක් වේදනාවක් ඇති වේ යැයි බලාපොරොත්තුවෙන් නොවේ.ඔහු වෙත ලබා දුන්නේ කලින් සිතා මතා කටපාඩම් කරගෙන උන් පිළිතුර වුවත් ඒ මේ සා රිදවුමකින් පසුයැයි ඕ නොසිතුවාය.අම්මා මියගිය දා දැනුණු වේදනාවම ඇගේ සිතට යළිත් දැනෙමින් තිබිණ.යළිත් තමා මහා...
තම සිතට මේ දැනෙන දුක ලෝබකම දිනාරා නිසා උපන් එකක්යැයි තේජාට වැටහුම් වූයේ පැය විසි හතරකටත් වඩා වැඩි කාලයක් ගෙවා දැමුවාට පසුවය..තමාට මේ සා ලොබක් දැනෙනවානම් අකලංක සිටින්නේ ඒ අහිමිවීම දරාගත නොහැකිකමින් වග විශ්වාසය. ඇය මහින්දට දුරකථන ඇමතුමක් දී වෙනදාට වඩා මදක් වේලාසනින් නිවසට පැමිණෙන්නයැයි පැවසූයේ ඒ හැඟීම සිතට...
දෙදෙනා අතර නිහඬව ගතවගිය කාලය තත්පර ගණනාවක් වුවත් එය වසර ගණනක් සේ අකලංකට දැනෙන්නට විය.ඇය තීරණයක් ගත යුත්තේ ඉවසිල්ලේය.එනිසාම අකලංක කිසිවක් නොකියා නිහඬවිය.
මේ ඉන්නේ ගුණවත් මිනිසුන් බව දිනාරා දනී.ඒ දැන ගැනීමේ හරි අඩක් ප්රියංකාගෙන්ය.අනිත් අඩ ආයතන ප්‍රධානීන් සේ ඔවුන්ව ඇසුරු කිරීමෙන්ය.බාප්පලා, නැන්දලා මෙතරම් ඔළුව උදුම්මාගෙන සිටින්නේ ඇයිදැයි දිනාරා කිහිප...
“ දිනාරා අද ඔයාට පුළුවන්ද පැයක් විතර වගේ හවසට ඉඳලා යන්න.මේ අර්ජන්ට් ලෙටර්ස් වගයක් තියෙනවා ඒ ටික රෙඩි කරගත්තනම් හෙට උදේම යවන්න තිබුණා.තාත්තා මේ ටිකකට කලින් කතා කරලා කිව්වේ..මම ඔයාව ඩ්‍රොප් කරන්නම්..”
හදිසියේ කාර්යාලයට පැමිණුන අකලංක පැවසූයේ යුවතියගෙන් දෑස් හංගාගෙනය දෙහෝරාවකටත් වඩා වැඩි කාලයක් කාර්යාලයෙන් පිටතට පැමිණ නිස්කලංක පෙදෙසක වූ...