Tag: සඳක් තනියම

තේජා හදිසියේම ප්‍රියංකා බැලීමට පැමිණ ගියේ දහවලේය.ඒ රෝගී යෙහෙළියක බැලීම සඳහා මරදාන ආසන්නයේ පිහිටි පුද්ගලික රෝහලකට පැමිණි ගමන්ය. ඇය හදිසියේම පැම්ණෙනවායැයි පවසා දුරකතන ඇමතුමක් දුන් වේලේ සිට ප්‍රියංකා හදිසියේම සූදානම් වූයේ නර්මදා වෙනුවෙන් දිවා ආහාරය සකසා දීමටය. කුමාරිත් පැමිණ හැකි අයුරින් කුඩා සචින්ව බලා ගන්නා අතරේම ප්‍රියංකාට  උදව් වූවාය.අඩි...
තේජා දුන් පණිවිඩයකට අනුව දුරස්තර ඥාති සම්බන්ධයක් වූ සමරසේකර අකලංක වෙනුවෙන් යුවතියන් දෙදෙනෙකුගේ හදහන් රැගෙන ආවේ සවසකය. ඔහු අත ඒ යුවතියන් දෙදෙනාගේම සේයා රූ දෙකක්ද විය. “ මේ දරුවා කැම්පස් එකේ අන්තිම අවුරුද්දේ තමයි ඉන්නේ.ඒ දෙමව්පියෝ බලාපොරොත්තුවෙන් ඉන්නේ උපාධිය ඉවර උන ගමන්ම දරුවගේ විවාහ කටයුතු සිද්ධ කරලා දෙන්න. අම්මා ප්‍රින්සිපල් ...
මෙවර ආයතනයේ පැවැත්වෙන හොඳම කෑම වට්ටෝරුව තේරීමේ තරඟය අකලංක යටතේ පාලනය වූ මානව සම්පත් අංශය වෙත පැවරූයේ විශේෂ රැස්වීමක් පවත්වමින්ය. දිනාරාට වෙනදාට වඩා වැඩි වැඩ කොටසක් කරන්නට සිදුවිය. මානව සම්පත් අංශයේ වූ සියලුම සේවක සේවිකාවන් කිසිඳු මැසිවිල්ලකින් තොරව තමාගේ කාලයත් ශ්‍රමයත් වැය කරමින් උපරිම දායකත්වයක් ඒ සඳහා ලබා දෙන්නට...
බාප්පාගේ දියණියගේ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ කුවීන්ස් හෝටලයේය. ඉන් පෙර දෙදවසක්ම වත්තේ වැඩ කරන සේවකයන් උදෙසා වලව්වේ දිවා ආහාරය සූදානම් කරන්නට නියමිතව තිබිණ.අත්තම්මා පවා සියල්ල අමතක කරමින් ලියානාගේ  විවාහ උත්සවය සඳහා සූදානමින් සිටියාය. මනාළියගේ ඇඳුම් තේරීම සඳහා මනාලයාගේ මවත් , නැන්දාත් ඉන්දියාවට ගොස් පැමිණියේ මින් මසකට ඉහතදීය. දිනාරා මේ...
තේජා ප්‍රියංකාට දුරකථන ඇමතුමක් ලබාගත්තේ උදෑසන නිවසේ වැඩ කොටස නිමා වූවාට පසුවය. ඒ කතා බහ විනාඩි හතළිහකටත් වඩා වැඩි වූයේ දෙදෙනාම නොදැනුවත්වය.  ප්‍රියංකා උන්නේත්  සිත් හොඳකින් නොවේ.මිලීනාගේ පාර්ශවයෙන් ඇගේ යෝජනාව සාධාරණයැයි සිතුනත් ඉන් දිනාරාට  හොඳක් වේයැයි සිතන්නට ඈ මැලි වූවාය.ප්‍රියංකා තේජා සමග ඒ සිතුවිලි බෙදා ගන්නට සිතුවේ  ඈ අකලංක පිළිබඳව...
  ‘ හා මැඩම්,  ඔව් මැඩම් ‘ කීවාට ඉන් එහා ගිය කිසිවක් ප්‍රියංකා ආන්ටී අත්තම්මා හා පැවසූයේ නැත.දැන් දැන් දිනාරාගේ සිත වන්නේ කුතුහලයේ උපරිම තැනකය. එහා පස සිටින අත්තම්මා පවසන වදන් වලට අවනතව වරින් වර වෙනස් වන ප්‍රියංකා ආන්ටිගේ මුහුණේ ඉරියව් දෙස දිනාරා බලා සිටියේ ඇස් පිල්ලමක්වත් නොගසමින්ය.  අවසන ඕ දුරකථනය...
“බලන්න ඉතින් මේ කොල්ලා ඉඳලා හිටලා හරි ආවොත් මෙහෙමමයි..දහස් ගානක බඩු ගේනවා.මේ බලන්න චොක්ලට් එකකුත් උස්සගෙන ඇවිත්.” ප්‍රියංකා සිටින්නේ සතුටින්ය.කාලයකට පසු ඇගේ සිතෙහි මතකයක් ඉතිරි කළ ගෝලයෙකු පැමිණ ගොස් ඇත.දිනාරා  විසිත්ත කාමරයට  පැමිණියේ නින්දෙන් අවදි වූ කුඩා සොයුරාත් වඩාගෙනය.ප්‍රියංකා ඔහු වෙනුවෙන් කිරි බෝතලය සූදානම් කර තැබුවේ මින් විනාඩි කිහිපයකට ඉහතදීය.දැන්...
ප්‍රියංකා දිනාරාත් පුතු සචිනුත්  නිදා උන් කාමරයට ගියේ සිය අඩි පොළොවට බර කරමින් හඬක් නොනැඟෙන්නට තරම් ප්‍රවේශම්වය.. අදටත් ඈ විශ්වාස කරන්නේ පිටස්තරයන් කිසිවෙකු සචින් පිළිබඳව හෝ දිනාරාගේ අතීතයේ දුක්මුසු පුවත් හෝ නොදැන සිටිය යුතු බවයි. යුවතියගේ ඇඟට සිය දකුණත තබා දෙවරක් තුන් වරක්ම කතා කළාට පසුව ඇය ඇහැරී සිටියේ...
  තේජා දානය වෙනුවෙන් අවශ්‍ය වූ කෑම වර්ග සාදන්නට පටන් ගත්තේ පෙරදා සවස සිටය.ඈ වම්බොටු මෝජුවකුත්, සිංහල අච්චාරුවකුත් සෑදුවාය.කට්ලට් බෝල සාදා අධි  ශීතකරණයේ දැමුවාය.අතුරුපස සඳහා පුඩිං වර්ගයකුත්, එළකිරි යොදා සකස් කළ කිරි ටොෆිත් විය. දානය සඳහා තවත් සැකසිය යුතුව තිබුණේ පොළොස් ව්‍යංජනයත්, කෙහෙල් මුව සීනි සම්බෝලයකුත්, වැටකොලු,පතෝල, කඩල පරිප්පු ව්‍යාංජනය, ගොටුකොළ...
තේජාගේ මුහුණෙහි වූයේත් සතුටකි. “ ලොකු පුතා ඔයා ආවද…” ඇය විශ්ව අසලට ලංව ඔහුව සිප ගත්තේ සුබ පැතුමක්ද එක් කරමින්ය. දැන් දැන් අකලංකගේ ඉවසීමේ සීමාව වූයේ අවසන් හිනි පෙත්තේය. “ අම්මා මූ  හිනා වෙවී ඉන්නවා මිසක් කිසි දෙයක් කියන්නෙ නෑ. ඇයි මේ ෆලවර්ස්. මං දන්න තරමින් අද කාගෙවත් ස්පෙෂල් ඩේ  එකක් නෙමෙයිනේ..” “...