Tag: සඳක් තනියම

සෞම්‍යාත්,  සුනේත්‍රාත් වූයේ ජයසුන්දර වලව්වේ උඩුමහලේ ය. කිසිවෙකුටත් නොඇසෙන්නට කරන  මෙම කතාබහ මින් විනාඩි කිහිපයකට ඉහතදී ඇරඹූ එකකි.වරින් වර පහත මාලයට යන පඩිපෙළ දෙස බැලුවේ සෞම්‍යාය.සුනේත්‍රා වූයේ පඩිපෙළට පිටුපා ගෙනය. " අනේ පිස්සුනේ අක්කේ ඔහොම කරනවද මිනිස්සු..ඒ ගෑනිට මොළේ අමාරුවක් තියෙන්න ඕනේ  රස්සාවට යන්නේ නැතුව මේ ළමයෙක් බලාගන්න.තමන්ගේ ළමයෙක් නෙමෙයිනේ..එහෙම...
නර්මදා අකලංකගේ කාමරයට එබුණේ ඔහු කණ්නාඩිය ඉදිරිපසට වී ටයිපටිය පළඳමින් සිටියදීය.විශ්වට සේම ඔහුටත් වූයේ තේජවන්ත කඩවසම් රුවකි.සොහොයුරෙකු හෝ සොයුරියක නොමැති වීමේ හිතේ අඩුව පිරවූයේ ඔහුය.එනිසාවෙන්ම නර්මදා ඇගේ සිතෙහි අකලංකට දී තිබුණේ විසල් ඉඩකඩකි. " මොකෝ නිකං මූණ ඇඹුල් වෙලා ගිහිල්ලා.." නර්මදා  අකලංක අසලට ගියේ එසේ අසාගෙනය.උදේ කෑම මේසයේදී වගකීම් පැහැර හරින...
ප්‍රියංකත් දිනාරාත් සාප්පු  සවාරියක යෙදුණේ සවසය.සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඇඳගෙන යාමට  සුදුසු යැයි සිතෙන ඇඳුම් කිහිපයක් දිනාරාට  වුවත් ප්‍රියංකාට ඕනෑ වූයේ යුවතියට අලුත්ම ඇඳුමක් රැගෙන දෙන්නටය. වරෙක සිනහසෙන වරෙක කල්පනාකාරී වන වරෙක දෑස් තුළ කඳුළු පුරවාගෙන බලා සිටින යුවතියට අලුත් ජීවිතයක් දිය හැක්කේ ඇගේ ඒ  සිතෙහි  සිදුවන පුංචි පුංචි වෙනස්කම්...
මේ කොන්ක්‍රීට් පුරවරයට හුරුවීම සිතූ තරම් ලෙහෙසි  පහසු නොවූවත් දිනාරා ඒ ජීවිතයට හුරු වෙමින් උන්නාය.ඉවසන්නට බැරි වූ⁣යේම දහවල ගත දවාලන දාහයය.නුවරිනුත් කිලෝ මීටර් කිහිපයක් එහා කදුකර පෙදෙසක වූ ජයසුන්දර වලව්වේ මේසා රස්නයක් නොවේ.සමහර දිනක දිනාරා පවා නින්දට යන්නේ ලොම් කබායක් ඇදගෙනය.. වසර දෙකක නිවාඩුවක් දමා තමාත් සොයුරාත් වෙනුවෙන් ප්‍රියංකා ආන්ටි...
කොළඹ ගමනට දිනාරා වලව්වේ  සියල්ලන්ගෙන්ම සමුගත්තේ රාත්‍රියේමය. කිසිවෙක් ඇගෙන් යන්නේ කොහිදැයි , ඉන්නේ කොහිදැයි ඇසුවේ නැත.බාප්පා  මුදල් නෝට්ටු දෙකක් අත මිට මෙලවූයේ කිසිවක්ම නොකියමින්ය.  " උඹලා මේ තනියෙන් භුක්ති විඳින්නේ ඒකිටත් අයිති දේවල්..." අත්තම්මා එසේ පවසනු දිනාරා ඕනෑතරම් අසා තිබේ.එහෙත් ඒ අයිතිවාසිකම්ගැන ඈ කිසිදිනක  කිසිවක් නොඇසුවාය. "අම්මේ මට අර උවමනාව මේ උවමනාව...
එතැන් පටන් මිලීනා තම ලේලියට සැලකූයේ දියණිය තනතුරෙහි තබාගෙනය.එපමණක් නොව කේතකීටත්  කුඩා දියණියටත්  අසාධාරණයක් කළ තම පුත්‍රයා පුත්‍ර තනතුරෙන් ඉවත් කරන්නට පවා ඈ පසුබට නොවුණාය.ඔහු තමාට මියගිය දරුවෙකු හා සමානයැයි මිලීනා පසු කලෙක කිහිප දෙනෙකු හා පවසා තිබිණ.ඉදහිට දිනක කසුන් වලව්වට දුරකතන ඇමතුමක් ලබා ගත්තත් මිලීනා දුරකතනයට නාවාය..අන් දරු...
දිනාරා සන්ධීපනී  ජයසුන්දර පිළිවෙලකට ඇසිරූ තරමක් විසල් වූ ගමන් බෑගය යුගල යහනාව මතින් තැබුවේ වෙහෙසකර අයුරකින්ය. තමාට අවශ්‍යයැයි සිතූ පොත්පත් සහ ඇඳුම් පැළඳුම් සියල්ල ඕ වෙන වෙනමම ගමන් බෑග් වල අසුරා තැබුවේ පෙරදා රාත්‍රියේය. කාමරයේ එක් පසෙක තබා තිබූ ඒ බෑග් තුනම දුම්රිය භාණ්ඩ ප්‍රවාහන සේවයෙන් කොළඹට යැවීම සඳහා...