නිදහස් දිනය දා වෙරළට නිදහස

0
483

ජාතික නිදහස ගැන හැමෝම කතා කරද්දී බොහෝ දෙනෙක්ට අමතක වෙන දෙයක් තමයි අපි ජීවත් වෙන පරිසරයටත් නිදහසක් ඕන කියන කාරණාව. පරිසරයට කොහොමද නිදහස ඕන වෙන්නේ ? පරිසරය නිදහස් කරන්න තියෙන හොඳම විදිහ වෙන මොකුත් නෙමෙයි පරිසරය විනාස නොකර ඉන්න එක. ඒ හින්දා GO Sri Lanka සංවිධානය තීරණය කළා පරිසරයට නිදහස අරගෙන එන්න. පෙබරවාරි 04 නිදහස් දවසේ ගල්කිස්ස වෙරළ තිරයේදී “වෙරළට නිදහස” අරන් එන්නේ පරිසරයට අවශ්‍ය නිදහස සංකේතවත් කරන්න.

එදාට විශේෂ වැඩසටහන් කිහිපයක්ම සිද්ද වෙනවා. වෙරළ පිරිසිදු කළාට පසු දැවැන්ත ජාතික ධජයක් වෙරළ මත වැලිවලින් නිර්මාණය කරන්න විශේෂ කලාකරුවෝ ගණනාවක් සූදානමින් ඉන්නවා. ඒ වගේම දරුවන් වෙනුවෙන් වැලි නිර්මාණ තරගයක් පැවැත්වෙනවා. පරිසරයට, රටට, නිදහසට ආදරය කරන සියලුම දෙනාට එදාට පැමිණෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා.