බෙඩ් ටයිම් ස්ටෝරි – 11

0
528

බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි …..

කතන්දර අහන්න ආසා පොඩ්ඩෝ ඉන්න, ඒත් පොඩ්ඩන්ගේ ඉල්ලීමේ තරමටම තමන්ගෙ කතා ගබඩාවෙ කතාන්දර නොමැති අම්මලාගෙ සහායටයි අප ඉන්නේ. විනාඩි කිහිපයකින් අපේ වෙබ් අඩවියට ගිහින් ඉක්මනින්ම රසවත් කතාවක් බලාගන්න. ඔයාගේ රසයෙන් කියන්න. පොඩ්ඩාගෙ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරනීය කතාන්දර මතින් ගොඩ නැංවෙනු ඇති.

බයිසිකලෙන් ගිය තාරාවා

ගොවිපලක ඉන්න තාරාවෙකුට ඔන්න එක දවසක් හරිම පුදුම අදහසක් ආවා. “මොනවද ඔට්ටු? මට බයිසිකල් පදින්න පුලුවන්”. තාරාවා හිතුවා. ඊට පස්සෙ එයා මොකද දන්නවද කලේ? ගොවිපල අයිති මාමගෙ පුතාගෙ බයිසිකලේ ලගට ගිහින් ඒකට නැග්ගා. ඊට පස්සෙ එයා මෙන්න බයිසිකලේ පදින්න පටන් ගත්තා. මුලින්ම නම් එයාව බයිසිකලෙන් වැටෙන්නත් ගියා. ඒත් ටිකකට පස්සෙ එයා හරිම ලස්සනට බයිසිකල් පදින්න පටන් ගත්තා.  තාරාවට මුලින්ම හම්බුනේ එලදෙනව. “ආයුබෝවන් කිරි අම්මේ” කියලා තාරාවා එයාට කෑ ගැහුවා. “හරිම පුදුමයි තාරාවෙක් බයිසිකල් පදිනවා” කියලා එලදෙන හිතුවා. ඊට පස්සෙ තාරාවට හම්බුනේ බැටලුවාව. “ආයුබෝවන් බැටලු හාමි”. එයා බයිසිකලේ පදින ගමන්ම කෑ ගැහුවා. “පරිස්සමින් නොගියොත් නම් තාරාවා ලොකු කරදරේක වැටෙනවා”. බැටලුහාමි හිතුවා. දැන් තාරාවා ගොඩක් හොඳට බයිසිකලේ පදිනවා. එයාට ඊලගට මුනගැසුනේ බලු රාල. “මේක නම් එච්චරම හොඳ සෙල්ලමක් නම් නෙවෙයි” බලු රාල හිතුවා. ඊට පස්සෙ තාරාවට මුනගැසුනේ බලල් රාල. “මම නම් ඔහොම කාලෙ නාස්ති කරන්නෙ නැහැ. නිදාගන්න එක ඊට වඩා කොච්චර හොඳද ?” එයා හිතුවා. තාරාවට දැන් වේගෙන් පදින්න පුලුවන්. ඒක දැකපු අශ්වයා හිතුවා “එයා කොහෙද මන් තරම් වේගයෙන් යන්නෙ?” කියලා. කිකිලි හාමිනේව පහුකරන් යන ගමන් තාරාවා බයිසිකලේ සීනුව හයියෙන් ගැහුවා. “ඔයිට වඩා පරිස්සම් වුනොත් හොඳයි” කියලා එයා හිතුවා. ඔන්න ඔහොම ටික වෙලාවක් යද්දි එක පාරටම ළමයි රංචුවක් බයිසිකල් වලින් ගොවිපලට ආවා. ඒ අය තාරාවව දැක්කෙ නැහැ. එයාලා බයිසිකල් නවත්තලා ගේ ඇතුලට ගියා. සත්තු ඔක්කොම බයිසිකල් තියෙන තැනට ආවා. එයාලත් බයිසිකල් පදින්න පටන් ගත්තා. “තාරාවගෙ අදහස නම් හරිම ශෝක්”. එයාල හැමෝම එක හඬින් කිව්වා. ඉතින් එයාල ඔක්කොම ඇති තරම් බයිසිකල් පැදලා බයිසිකල් ටික තිබ්බ විදියටම තිබ්බා. ඉතින් කවුරුවත් දන්නෙ නැහැ එයාලට බයිසිකල් පදින්න පුලුවන් කියලා.

මේ කතාව ඩේවිඩ් ශැනොන්ගෙ ලස්සන කතාවක්. කතාව කියද්දි දෙබස් විදියට කිව්වොත් තවත් රසවත් වෙයි. සමහරවිට දරුවාගේ විනෝදය සඳහා සමහර අවස්තා ඔබට නිරූපණය කරන්නත් පුලුවන් නේද?

– චම්මි –