ඔස්ට්‍රේලියාවේ MasterChef තරගාවලිය නිරත්තරයෙන් අපේ කතාබහට එන්නේ ශ්‍රී ලාංකික දක්ශයින් වරින්වර එහි පාන දස්කම් විස්කම් හේතුවෙන්.
සවින්ද්‍රි පෙරේරා කියන්නෙත් ආන්න ඒ වගේ ලංකාවේ නම ආයෙම වතාවක් MasterChef තරගාවලිය අතරවාරයේ බබලවන්න කටයුතු කල ඉවුම් පිහුම් කලාවේ දක්ශ තවත් ලාංකිකයෙක්.
මීට පෙරත් මෙම තරගාවලිය අතරවාරයේ අපේ රටේ මිනිසුන් ආසාවෙන් රස විඳින රසම රස කිරිබත ලෝකය පුරා ප්‍රසිද්ධ කරන්න හේතුවුණ තරගකාරියක්.
මෙවර MasterChef Australia තරගාවලියට එකතුවුණේ මෙයට පෙර තිබූ තරගවාරවලින් ඉවත්වුන තරගකරුවන් අට දෙනෙක්.ඒ අනුව මිනිත්තු 75ක් තුළ ශ්‍රී ලාංකික ව්‍යංජන 6ක් සමග බතක් පිළියෙල කරමින් අපේ සවින්ද්‍රි ආයෙමත් ඒ අභියෝගය භාරගත්තා. ඒ ව්‍යංජන 6 ඇතුලේ රසම රස ශ්‍රී ලාංකික Black Pork කරියක්, පොල් කිරෙන් හදපු ඉස්සො කරියක්, Chives දාපු පොල් සම්බෝලයක්, බැදගත් කජු සහ කරපිංචා, වම්බටු අබ මෝජුවක්, අල කිරි හොදි තියෙනවා.
තරගකරුවන්ට තමන්ගෙ ආහාර වේල සඳහා අනිවාර්ය Herb වර්ගයක් ලබා දීල තියෙද්දි සවින්ද්‍රි කලේ තමන් ප්ලෑන් කරගෙන හිටපු ශ්‍රී ලාංකේය ආහාර වෙලේ පොල් සම්බල් එකට ඒ අනිවාර්ය Herb එක වුණ Chives එක්කහු කල එක. ඒ වෙනස නිසා ලැබිච්ච වෙනස්ම රසය සහ පෙනුමත් ඇගේ ජයග්‍රහණයට හේතුවක් වෙන්නැති කියල සවින්ද්‍රි විශ්වාස කරනවා.
ඒ නිසාම ඇයට නැවත වතාවත් තරගයට ඇතුළත් වෙන්නත් ඉඩ ලැබෙනවා.
සවින්ද්‍රි කියන්නෙ කෑම උයන කලාවට නම් අලුත් එක්කෙනෙක් නෙවෙයි. හැබැයි ලෝකයම බලාගෙන ඉන්න කෑම පිසීමේ තරගාවලියකට කෑම උයනවා කියන රාජකාරිය නම් එසේ මෙසේ දෙයක් නෙවෙයි කියල තමයි සවින්ද්‍රි නම් කියන්නෙ.
“ටිකක් විතර බයක් තියෙනවා, මොකද මේක පොඩි දෙයක් නෙවෙයිනෙ. අපි මේ කරන්නෙ ලොකු දෙයක්. මට මාව රූපවාහිනියේ දකිනකම් නිකන් මේක විශ්වාස කරන්නත් බෑ වගේ” සවින්ද්‍රි මෙහෙම කියන්නෙ තමන්ගෙ MasterChef Australia තරගය ගැන.
වයස අවුරුදු 18 දී ලංකාවෙ ඉඳල ඔස්ට්‍රේලියාවට යන 30 හැවිරිදි සවින්ද්‍රි කියන්නෙ MasterChef තරගය සඳහා තේරී පත්වීමත් එයාගෙ ජීවිතේ අලුත්ම Chapter එකක් පටන් ගත්තා කියලයි.
“මගේ අම්මා නැතිඋනේ 2017 අවුරුද්දෙ. මම හරිම වේදනාවක ගිලිල ජීවිතේ එකම තැන නතරවෙලා ඉඳපු මොහොතක තමයි ඇත්තටම මට මේ තරගයට සහභාගි වෙන්න හිතුවෙ. මම මේ තරගයට සහභාගි වෙන්න කලින් දවසෙම හරිම වේදනාවෙන් තමා කාලය ගතකලේ. ඒකනිසා මට මේක ලොකුම ලොකු වෙනසක්”
අවුරුදු 18දි ඇඩලේඩ් වල ජීවත්වෙන ගමන් බැංකු නිලධාරිනියක් විදියට කටයුතු කරන සවින්ද්‍රි මාස හතරකට විතර පස්සෙ තමා ඔස්ට්‍රේලියාවට මාරුවෙන්නෙ.ඒ වෙනකොටත් සවින්ද්රිගෙ සහෝදරිය ඔස්ට්‍රේලියාවෙ තමයි ඉන්නෙ. රටකින් රටකට යනවා කියන්නෙ එච්චර ලේසි දෙයක් නෙවෙයිනෙ. ඉතින් සවින්ද්රිටත් මුල් කාලෙ ටිකක් අමාරුවෙලා තියෙනවා ඔස්ට්‍රේලියාවෙ ජීවිතේට හැඩගැහෙන්න.
“තරුණ වැඩිහිටියෙක් විදියට මම ඒ සංස්කෘතිය වැළඳගන්න කොච්චර මහන්සි උනාද කියනවනම් දැන් මට හිතෙනව ඒ හන්දා මට මාවමත් අහිමිවෙච්ච තැන් තියෙනවා කියලා. මට අවුරුදු 27-28 ක් වෙනකම් මට තේරුම් ගියේ නෑ ඔස්ට්‍රේලියාවෙ යාලුවො ඉන්න තැන්වලදි තවදුරටත් මම ලංකාවෙ විදියට අතෙන් කන්නෙ නෑ කියල”
ඒ නිසාම තමයි සවින්ද්‍රි තමන්ගෙ යාලුවන්ට කෑම රස විඳින්න තමන්ගෙ ගෙදරට එන්න කියල ආරාධනා කරේ. හරියට අම්මා ජීවත්වෙලා ඉන්න කාලෙ කරා වගේ. ලංකාවෙ රසම රස කෑම හදල යාලුවො එක්කම අතින් කන්න සවින්ද්‍රි පටන් ගත්තෙ එහෙම.
ඒ විදියට තමයි පසුගිය අවුරුදු කීපය පුරාවටම සවින්ද්‍රි තමන්ව හොයාගන්න, තමන්ගෙ කම හොයාගන්න කටයුතු කරේ.
“ඒක හරියට සංක්‍රමණිකයෙක් එක කකුලක් එක් රටකයි අනෙක් කකුල තව රටකයි තියාගෙන ජීවත්වෙන්න මධ්‍යස්ත මාර්ගයක් හොයාගන්නවා වගේ දෙයක්. මම මාව බෙදාගෙන ඉන්නව ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතරෙ”
සවින්ද්රිට MasterChef Australia සඳහා තරග කරන්න හේතුවක් වෙලා තියෙන්නෙත් එයා තමන් ගැන හොයාගත්ත අන්න ඒ කරුණ.
“අවුරුදු තුනකට කලින් හිටපු මම නම් කවදාවත් මේ වගේ තරගයකට ඇතුලු වෙන්න තියා හිතන්නෙවත් නෑ. ඒත් මම තේරුම් ගත්තා මේ අවුරුද්දෙදි මම දැන් ඔස්ට්‍රේලියාවෙ කෙනෙක්. ඒ වගේම සෑහෙන කාලයක් පුරාවටම ලාංකිකයෙක් විදියට ලංකාවෙ ජීවත්වෙච්ච කෙනෙක්.ඒක හොඳට තේරුම් ගිය නිසා තමයි මම මේ අභියෝගය භාරගත්තෙ”
තරගය ආතරවාරයේ සවින්ද්‍රි Judge Board එකට පිළිගැන්වූ මේ ආහාර වට්ටෝරු ඇතුලෙ ලාංකික රසයත් ඔස්ට්‍රේලියානු සංස්කෘතියත් දෙකම පදමට මුහුවුණ දේවල්. එදිනෙදා අපි ගෙදර උයන ලංකාවෙ කෑම එක්ක මේ වගේ තරගයක් අපිට දිනන්න බෑ. ඒත් ඔස්ට්‍රේලියාවේත් ලංකාවෙත් සංස්කෘතිය තේරුම් ගෙන ඉඳපු සවින්ද්රිට ඒ අභියෝගයත් ලොකු දෙයක් උනේ නෑ.
“මම Judge Board එකට විහිලුත් කරනව. ඔයාලා ඔන්න දන්නෙ නැත්තම් මේ කියන්නෙ, මම ලංකාවෙ එක්කෙනෙක් හරිද? කියල. එයාලා එතකොට හිනාවෙනවා
ඒක හරියට මම ආස දෙයක් Techniques පාවිච්චි කරල තව හොඳට හදනවා වගේ දෙයක්. කෑමක් හදන හැම වෙලාවකම මට දැනුනා මම මගේ සංස්කෘතියෙන් කොටසක් ඒ කෑම වලට එකතු කරා කියලා. ලංකාවෙ කෑම රසට හදන අය ඕනතරම් හම්බුනත් අපි සමහරවෙලාවට දන්නෙ නෑ සමහර ඉවුම් පිහුම් විදි ඒ විදියටම කරන්න ඕන ඇයි කියල. ඒ හැම Technique එකක් පිටිපස්සෙම ලොකු කතාවක් තියෙනව. කෑමක් රස වෙන්නෙ ඒ Technique හරියටම දන්න කෙනෙක් හැදුවොත් තමයි”
ලංකාවෙ ආහාර සංස්කෘතිය තවමත් ගොඩනැගිලා තියෙන්නෙ මුඛ්‍ය දැනුම මත. ඉතින් සවින්ද්රිගෙ අරමුණ ඒක වෙනස් කරන එක බවත් ඇය කියනවා.
“මම කරන මේ හැමදෙයකින්ම මම පෙන්වන්නෙ මගෙ අම්මට තියෙන ආදරය” සවින්ද්‍රි කතාබහ අවසන් කරන්නෙ ඒ වගේ හැඟීම්බර කතාවක් එක්ක.
ඉතින් සවින්ද්‍රි කියන්නෙ අපේ ලස්සන රටේ, සුන්දර වගේම රසවත් ආහාර සංස්කෘතිය ලෝකයටම ගෙනියන්න හීන් සැරේ ලස්සන ගමනක් ඉස්සරහට යන අපේ කෙල්ලෙක්.
ඔස්ට්‍රේලියාවේ ජීවත් උනත් ලංකාව හා බැඳිච්ච තමන්ගෙ සංස්කෘතික අක්මුල් වලට ගරු කරමින් ඉදිරියටම යන ඒ ගමන් සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියල Smartlady අපිත් පතනවා, සවින්ද්‍රි!