උසාවියත් නොමග යැවූ අපරාධයේ සුලමුල

0
47

නේහා කියන්නේ පබ්ලික් ප්‍රොසිකියුටර් (රජයේ නීතිඥවරියක්) කෙනෙක්. 

හැබැයි මෙයා ඉන්නේ එයාගෙ කැරියර් එකේ මාරම කණගාටුදායක තැනක. 

මොකද, මෙච්චර කල් එකම එක කේස් එකක්වත් මෙයා දිනලා නැහැ. හැමදාම පරදිනවා. මහ ලොකුවට පබ්ලික් ප්‍රොසිකියුටර් කෙනෙක් වුණාට මොකෝ මෙයාට තාම එක නඩුවක්වත් දිනාගන්න පුළුවන් වෙන්නෙ නෑ.

හැබැයි මෙයාගේ තාත්තා, රවී රාජ්වංශ කියන්නේ ඔය ලොයර්ස්ලා ඔක්කොම අඳුරන, ෆීල්ඩ් එකේ ඉන්න සුපිරිම, කාටවත් පරද්දන්න බැරි ප්‍රබලම ඩිෆෙන්ස් ලෝයර් කෙනෙක්. 

හරිනං තාත්තා එච්චර දක්ශ වෙච්ච එකේ ඒ මනුස්සයා මෙවෙලෙ කරන්න ඕන තමන්ගෙ දුවට සපෝට් කරන එක උනාට මොකෝ මේ තාත්තා නම් එසේ මෙසේ තාත්තෙක් නෙවෙයි. මොකෝ උදව් කරනවා වෙනුවට මෙයා කරන්නෙ හැමදාම පරදින දුවගේ ප්‍රෙෂර් එක වැඩි කරලා, පට්ට චැලේන්ජ් එකක් දුවට දෙන එක.

ඒකත් එසේමෙසේ එකක් නෙවෙයි “පුළුවන් නම් මැදින් එකක්වත් පරදින්නේ නැතුව, එක දිගට කේස් 10ක් දිනලා පෙන්වන්න!” කියලා.

චැලේන්ජ් එක බාරගත්තට නේහා ඉන්නේ මංමුලා වෙලා. ඔන්න ඔය අතරේ තමයි උසාවියේ ලඝුලේඛිකාව (Stenographer) විදියට වැඩ කරන සාරිකා නේහාගේ උදව්වට එන්නේ. සාරිකා හීන් සැරේ නේහාට කිට්ටු වෙලා, හැම කේස් එකකටම ඕන කරන හැංගිච්ච සාක්ෂි රහසින් දෙන්න පටන් ගන්නවා. වැඩේ කියන්නේ සාරිකා දෙන ටිප්ස් නිසා නේහා සිතාගන්න බැරි විදියට එක දිගට නඩු 9ක්ම දිනනවා. නේහාට ඉතින් මාර සන්තෝසයි. නේහා හිතන්නේ සාරිකා කියන්නේ තමන්ගේ ජීවිතයට ආපු දේවදූතයෙක් කියලා. මොකද ඉතින් තාත්තාවත් කරපු නැති ජාතියේ උදව්වක්නෙ මේක.

කොහොමහරි ඔහොම නඩු 9ක්ම දිනාගෙන එන නේහාට දැන් තියෙන්නේ චැලේන්ජ් එකේ අවසාන කේස් එක. 10 වෙනි නඩුව. නේහා බලාපොරොත්තු වෙනවා මෙතනදිත් මේ නඩුව දිනන්නත් එයාට සාරිකා සුපුරුදු විදියට උදව් කරාවි කියලා. ඉතින් කොහොමහරි කිසි බයක් නැතුව නේහා ඉද්දි නේහාගේ සීනියර් ඇවිත් එයාට ඒ 10 වැනි කේස් එක බාර දෙනවා. 

අන්න එවෙලෙ තමයි නේහාට තරු පේන්න පටන් ගන්නෙ. මොකෝ “මේකත් ඊසි ගේම්” කියලා හිතාගෙන උන්න නේහාට තරු විසික් වෙන්නෙ 10 වෙනි නඩුවෙ විත්ති පාර්ශවයේ නීතිඥයා වෙන කවුරුත් නෙවෙයි… තමන්ගෙම තාත්තා කියලා දැනගත්තම.

තාත්තා නේහාට කියනවා, “මේ කේස් එකට අත ගහන්න එපා, ඔයාට මේක දිනන්න බැහැ” කියලා. හැබැයි නේහා ඒක එකහෙළාම ප්‍රතික්ෂේප කරන්නේ, තාත්තා තමන්ව පහත් කරලා සලකනවා කියලා හිතලා වගේම සාරිකාගෙ සපෝට් එකෙන් මේකත් දිනන්න පුළුවන් වෙයි කියලා හිතලා. කොහොමහරි මේකට තාත්තයි දුවයි දෙන්නා අතරේ ගෙදරදී මහා රණ්ඩුවක් වෙලා, නේහා ගෙදරින් පවා පිටවෙලා ගිහින් නවාතැන් ගන්නේ සාරිකාගේ ගෙදර. දැන් දෙන්නා ඉන්නේ එකම වහලක් යට.

මෙච්චර වෙලාවක් සාමාන්‍ය උසාවි කතාවක් වගේ ගලාගෙන ගිය ෆිල්ම් එක උඩුයටිකුරු වෙන්නේ, නේහා මේ 10 වැනි කේස් එක ගැන තනිවම ගැඹුරටම හොයන්න පටන් ගැනීමත් එක්ක.

 එතනදී හම්බෙන සාක්ෂි නේහාගේ මුළු ලෝකයම කඩා බිඳ දමනවා!

නේහා මෙච්චර කල් හිතුවේ සාරිකා තමන්ට උදව් කලා කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. නේහා දිනපු කේස් 9ම අහම්බෙන් ලැබුණු ඒවා නෙවෙයි, ඒ හැම එකක්ම සාරිකා පිටිපස්සෙ ඉඳන් හරිම සූක්ෂ්මව ප්ලෑන් කරපු, සාක්ෂි කෘතිමව හදපු කේස් කියන එක නේහා දැනගන්නෙත් මෙන්න මෙවෙලෙ. සාරිකාගේ ඇත්ත අරමුණ වගේම එයා මේ හැමදේම කලේ ඇයි කියන එක නේහා සාරිකාගෙන් ප්‍රශ්න කරද්දී සාරිකා කියන්නෙ හිතාගන්න බැරි කතාවක්.

 අන්න ඒ රිවීල් එකත් එක්ක මුළු කතාවම දරුණු, හිතාගන්න බැරි මනෝවිද්‍යාත්මක මාවතකට හැරෙනවා.

තමන් මෙච්චර කල් වෘත්තීය අවංකභාවයෙන් දිනුවා කියලා හිතපු හැමදේම බොරුවක් කියලා දැනගත්තම නේහා සම්පූර්ණයෙන්ම මානසිකව වැටෙනවා. දැන් නේහා ඉන්නේ තමන්ගේ ජීවිතයේ දරුණුම මනෝවිද්‍යාත්මක අර්බුදයක.

මෙච්චර කල් උදව් කරපු සාරිකා ඇත්තටම කවුද? ඇයි එයා නේහාව මේ වගේ උගුලක හිර කලේ?

10 වැනි කේස් එක ඇතුලේ හැංගිලා තියෙන, නේහාගේ තාත්තාට පවා දරුණු ලෙස බලපාන ඒ අඳුරු රහස මොකක්ද?

තමන්ව රවටපු සාරිකාගේ මානසික උගුලෙන් ගැලවිලා, තමන්ගේම තාත්තා ඉස්සරහට ගිහින් නේහා මේ 10 වැනි කේස් එකට මුහුණ දෙන්නේ කොහොමද?

උසාවිය ඇතුලේ තමන්ගේ තාත්තා එක්ක විතරක් නෙවෙයි, තමන්ගේම හෘද සාක්ෂිය සහ සාරිකා එක්ක නේහාට කරන්න වෙන දරුණු inner-psychological සටන නිසා කතාව මොන වගේ පැත්තකට කැරකෙයිද?

නේහා චැලේන්ජ් එක දිනලා තමන්ගේ කැරියර් එක බේරගනියිද? 

නැත්නම් හැමදේම අතහැරලා දායිද? 

මුළු කතාවම උඩුයටිකුරු කරන ඒ අවසාන Twist එක මොකක්ද කියලා දැනගන්න නම්, කුතුහලය උපරිම වෙන මේ සිනමාපටයේ අවසානය තෙක්ම හුස්ම අල්ලන් බලන්නම වෙනවා!

එහෙනම් ඔන්න අදම බලන්න System 2026 Movie එක!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here