තත්පර කිහිපයකට විශ්ව ක්‍රියාකාරීත්වය නතර වූවා වන් නිශ්චලත්වයක් ඇති විය. සුළඟක් හමනා හඬක් වුව ඇසුණේ නැත. නමුත් සිය ශරීරයේ ඇතුළේ ඍතුමය වෙනස්කමක් සිදු වෙනවා වන් කැළඹීමක් ආරාධනා ට දැනිණ. ඒ කැළඹීම වුව නිශ්චිතව කවරක් දැයි ඇය නො දත්තා ය. රළ නගන සයුරක් ද අව පීඩන කලාපීය සුළඟක් ද වලාකුළු...
නිලුපුලීට ඔහු දුටුවනම සිනා නැඟිණ. මේ ඇය ෆේස්බුක් චැට් කරන්නට පටන් ගත් පසු ඔහු දුටු පළමු දැක්ම ය. ඒ සිනාව රදීෂ් දුටුවේ ය. ඔහු එය කියවා ගත්තේ වැරදියට ය.
"මේ ගොනාගේ ගොන් හැසිරීම නිසා ඔෆිස් එකේ ඉන්න අහිංසකම ළමයත් ඌට හිනා වෙනවා."
ඔහු සිතුවේ තරහිනි. ඒ තරහ නිලුපුලී වෙත නොවේ. විකුම්...
අම්මා කෙනෙක්ට දරුවෙක් අහිමි වීම තරම් වේදනාවක් තවත් නැති තරම්. ස්වාමියා හෝ භාර්යාව අහිමි වූ කෙනෙක්ට එසේත් නැති නම් දෙමව්පියන් අහිමි වූ දරුවන්ට භාවිතා කරන තනි වචනයක් භාෂාව තුළින් සොයා ගත හැකියි. එහෙත් දරුවෙක් අහිමි වූ මවකට කිවහැකි තනි වචනයක් ඔබ අසා තිබේ ද? දරුවෙක් අහිමි වූ මවකට ඇති...
අත නෑර යන ප්‍රේමයක්! ඒ හැම ගැහැනියකගේම සිහිනයක්. ප්‍රේමවන්තියක කාලයේ පමණක් නෙවෙයි. බිරිඳක් වූ පසු ද වියපත් වූ කාලයේ ද ගැහැනුන් ආදරය බලාපොරොත්තු වෙනවා. මියයන මොහොත දක්වාම තම ප්‍රේමවන්තයාගේ ආදරය ලබන්නට වාසනාව ඇති ගැහැනු ඕනෑ තරම් ඉන්නවා.
මේ එවැනි වාසනාවන්ත ගැහැනියකගේ කතාවක්.
90 හැවිරිදි ආතර් ෂ්නයිඩර්ගේ බිරිඳ රෝද පුටුවක ජීවිතය ගෙවන්නියක්....
"මොනවද කල්පනා කරන්නේ?"
චාන්දනී විජේවර්ධනගේ පැමිණීම ගැන දහ අතේ හිතමින් මෝටර් රථයට ගොඩ වූ දුලන්‍යාගෙන් සඳරැස් ඇසී ය. මේ කතාව නොකියා සිටින්නට මිතුරියන් ඇයව ගිවිස්වා ගෙන තිබිණ.
"නොකියා ඉන්නෙක ප්‍රශ්නයක් වෙයිද?"
දේවල් සැඟවීම සහ රහස් ඉතිරි කරගැනීමත් අසත්‍ය පැවසීමත් තරම් සඳරැස් කෝප ගන්වන දෙයක් නොවේ. ඔහුට සමහර තරුණයන්ට පවතින අසාමාන්‍ය විකාර නීති...
"ලොවම එපා වීලොවම කළකිරීදැවී තැවී හිඳිනා වේලේඔබේ දයාබර එකම වදනකින්මගේ ආත්මය සුවපත් වේ.."
ඔබ මේ ගී පදය අහලා ඇතුවාට සැක නෑ.ආදරණීය වදනකට, අගය කිරීමකට ඔබේ සහකරුගේ ආත්මයම සුවපත් කරන්න පුලුවන් කියලා ඔබට කියන්න අපි හිතුවේ ඒකයි.
ඔහු ඔබට උයන්න පිහින්න උදව් කරනවා නම්, ඔබ වැඩ ගොඩක හිරවෙලා ඉන්නකොට බබා බලාගන්න සහ...
අංජන ගේ හදවත ඔහුට ම ඇසෙනා තරමට ලබ් ඩබ් හඬ නැගුවේ ය. මීට පෙර ද සන්තුෂී ඔහු සමග දුරකතනයෙන් දොඩමළු වී ඇත ද ඇගෙන් ඇමතුමක් එත්දී මේ විදිහට හද ගැහී නැති බව ඔහු ට විශ්වාස ය. එසේ නම් මේ ගැස්මට හේතුව ඇය ඔහු ගේ හදවත ඉහළ මළුවේ වැඩ හිඳිනා...
අංජන නීලවතුර ගේ හා ඔහු ගේ බිරිය වින්දි ගේ යුග දිවිය දෙදරා යන්නට හේතුවක් අංජනට තවමත් සිතා ගත නො හැකි ය. එය විෂ සහිත සම්බන්ධයක් බවට පත් වූයේ කවදා සිට ද කියා හෝ ඔහු හරියට ම දන්නේ නැත. ටික ටික උනුන් කෙරේ දැනෙමින් තිබුණ නොරිස්සුම යම් කිසි තැනෙක දී...
සසංක අවදි වූයේ අපරාජිතා තේ කෝප්ප දෙක ද ගෙන ගොස් යහන කොනක හිඳ ඔහු පුබුදුවා ලූ විට ය. අහසින් පොළොවට වැටුණා සේ තිගැස්සීගෙන නැගිට ගත් සසංක අපරාජිතා දෙස බැලුවේ තරවටු බැල්මකිනි.
"තනියම නැගිටල තේත් හැදුවද...පණ්ඩිත වැඩිනෙ ඔයා...කතා කරන්න එපැයි මට..."
"මොනා වෙන්නද ඉතිං මට...මේක දැං එච්චර අමාරුවක් නෑ"
උදේ පාන්දර යහනෙන් පිබිදෙන්නටත්...
Uncategorized
ප්‍රේමය වරදක් වූ නිසාම විලියම් කුමරුට මරණයෙන් වන්දි ගෙවීමට සිදුවුනාද ?
නිබන්ධිකා වන්නිනායක - 0
එලිසබෙත් රැජිනගේ අභාවය නිසා මේ බ්‍රිතාන්‍ය රජ පවුල ගැන වැඩි වශයෙන් කතා කරන කාලයක්. බ්‍රිතාන්‍ය රජ පවුල ගැන කතා කරද්දි අපකීර්තිමත් සිදුවීම් අතර ඩයනා කුමරියගේ මරණය ඉහළ තැනක තිබෙනවා.ඩයනාගේ මිය යාම පසුපස රජ පවුල හිඳින බව සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත මතයක් තිබෙනවා.මෙවැනිම කතාවක් මීට පෙර පැතිර ගියේ Prince William...