අපේ ජීවිතයේ නිහඬ ආදරය තාත්තා..

0
398

වචනයෙන්, සිපගැනීමකින්, වැළඳගැනීමකින් අම්මා කෙනෙක් හැම තිස්සෙම දරුවන්ට ආදරේ පෙන්නල දෙනවා.

හැබැයි තාත්තාලගෙ ආදරේ හරිම නිහඬයි. තාත්‍තල ආදරේ පෙන්නන්නෙ හරිම අඩුවෙන්.

හැබැයි ඒ නිහඬ ආදරේ තමයි අම්ම දරුවන්ට දෙන ආදරේ නිහඬවම තවත් පරිස්සම් කරන්නෙ.

තාත්තා කියන ආමන්ත්‍රණය අස්සෙම හැංගිල තියෙනව වචනවලට පෙරලුනේ නැති, හැබැයි කරපු දේවල් වලින් පේන්න තිබිච්ච ලොකුම ලොකු, හයියම හයිය ආදරයක්!

ඒ තමයි තාත්තගෙ ආදරේ!

නිහඬවම දුන්න මහමෙරක් තරම් වටින තාත්තගෙ ආදරේ.

“පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී” කියල අපි අහල තියෙනවා. කවි, ගී, කතන්දර නොලියවුණත් හැම දරුවෙක්ගෙම හිතේ පතුලෙම තැනක රත්තරන් පාට අකුරෙන් ලියවිල තියෙනව “තාත්තට මම මහමෙරක් තරම් ආදරෙයි” කියන වචන පේළිය.

පුංචි කාලෙ තාත්තගෙ උකුලෙ වාඩිවෙලා කතන්දර අහපු,
කානිවල්, වෙසක් බලන්න ගියාම පොඩි හන්දා තාත්තාගෙ උරහිසේ වාඩිවෙලා ඒ සිරි නරඹපු,
තාත්තා හදල දීපු කුරුම්බැට්ටි මැශිමෙන් සෙල්ලම් කරපු අතීතෙක ඉඳල,

තාත්තා එක්ක උපාදි පින්තූරෙට ඉඳපු,
තාත්තගෙ අතේ එල්ලිලා පෝරුවට ගියපු,
මංගල නැකතින් සමුගන්න කලින් හැමෝටම වඩා තාත්තද බදාගෙන අඬපු අතීතයක් හැම දරුවෙක්ටම, විශේෂයෙන්ම දූලට තියෙනවා.

ඉතින් අද තමයි ඒ නිහඬම ආදරයක් වුණත් හරිම ශක්තිමත්ව අරගෙන ඇවිත් කවදාවත් නොමැකෙන විදියට අපේ හිතේ ලියපු, හැම කෙල්ලෙක්ගෙම පළවෙනි ප්‍රේමවන්තයා වුණ තාත්තලාගෙ දවස.

ඒ තාත්තා අද ඔයා ළඟ සමහරවිට නැතුවත් ඇති.

ඒත් ඒ ආදරේ වෙනුවෙන් තාත්තාට ස්තුති කරන්න, වචනයක් තබා යන්න ඔබට පුලුවන්!

සුරංගනා හීන දුටු කෙල්ලන්ට, ලෝකයේ හොඳම ආදරය ගෙනවිත් දුන් ආදරණීය තාත්තලාට

සුබ පියවරුන්ගේ දිනයක් වේවා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here