අරුත්බර දිවියකට මඟ පෙන්වන සෙන් කතා

0
2676

එක් දිනෙක ටැන්සාන් සහ එකිඩෝ යන දෙනම වගුරු බිම් සහිත මාවතකින් ගමනක් ගියහ .තොරතෝංචියක් නැතිව ඇද හැලුන මුරුගසන් වරුසාවකින් මාවත දෝර ගොස් තිබිණ .වංගුවක් අසලදී මඩ ගොහොරුවකින් එතෙර වී ගත නොහී බලා හුන් ,සේද කිමෝනාවකින් සැරසුණු සුරූපී යුවතියක් ඔවුන්ට මුණ ගැසුණාය.ටැන්සාන් එක්වරම ,”එන්න දරුවා “ යි පවසමින් දෑතින්ම ඇය ඔසවා මඩ ගොහොරුවෙන් එහා පැත්තෙහි තැබීය.

එදින පන්සලට ගිය පසු එකිඩෝ රෑ බෝ වනතුරුම ටැන්සාන් සමඟ වචනයකුදු කතා නොකළේය .විඳ
දරා ගත නොහැකිම තැන ටැන්සාන්ට අවලාද නැගීය.

“අපි හාමුදුරුවරු ,අපට ලස්සන ගැනුන් ලඟට යෑම ඔබින්නේ නැහැ .විශේෂයෙන් ලස්සන ළමිස්සියන් ලඟට .ඒක හරිම භයානක වැඩක් .තමුන්නාන්සේ එකවරම අර ළමිස්සි දෑතින්ම උස්සා ගත්තනේ ?”
ටැන්සාන් ශාන්ත ස්වරයෙන් පිළිතුරු දුන්නේය .
“ඒ කෙල්ල මං එතන දාලයි ආවේ .තමුන්නාන්සේ ඒකිව තාමත් උස්සා ගෙනද ඉන්නේ ?”

“සෙන් “ නමින් හැඳින්වෙන්නේ චීනයෙහි සහ ජපානයෙහි ජනප්‍රිය බොදු නිකායන් අතුරෙන් එකක්
වන අතර මෙම නිකාය අනු නිකායයන් කීපයකටද බෙදී ඇති නිසා එය බොදු සම්ප්‍රදායක් ලෙසද හැඳින්වීම වඩාත් උචිත වනවා .

ඈත පෙරදිග ජන ජිවිතයට සෙන් ඇති කල බලපෑම ඉතාමත් විශාල එකක් .සෙන් භාවනාවේ ඇති පෘථලත්වය ජීවිතයේ සැම අස්සක් මුල්ලක් කරාම පැතිර තිබීම විශේෂයක් වනවා .අපගේ ජිවිතයට සෙන්
මඟින් ඇති කර ගත හැකි බලපෑම සුවිශාලයි .
නැන් ඉන් ජපන් සෙන් ආචාර්යවරයෙකි .දිනක් එක්තරා සරසවි මහ ඇදුරෙක් සෙන් ඉගෙන ගැනීම සඳහා ඔහු හමුවීමට පැමිණියේය .

නැන් ඉන් පළමුවෙන්ම මහාචාර්ය තුමාට තේ පැන් සංග්‍රහයක් පැවැත්වීය.මහාචාර්යතුමාගේ තේ කෝප්පය
පිරී ඉතිරී ගිය පසුත් නැන් ඉන් තේ වක්කරන්නට වුවේය .
තේ පිටාර ගලනු දුටු මහාචාර්යවරයා ,”කෝප්පේ හොඳටෝම පිරිලා …….?තවත් වක් කරන්න ඉඩක් තියෙනවද ?…..යි විචාළේය .

ඒ ඇසු නැන් ඉන් ,”ඔබේ ඔලුවත් හරියට මේ තේ කෝප්පේ වගෙයි .නොයෙක් මාදිලියේ මති මතාන්තර
වලින් පිරිලා .ඔය අවුල් ජංජාලේ පැටලිලා ඉන්දැද්දී කොහොමද සෙන් ඉගෙනගන්නේ” යි සිහින් හඬින්
ඇසීය.

දැනටමත් ඉහත කතා දෙකෙන් ඔබ සෙන් පිලිබඳ අවභෝධයක් ලබාගන්න ඇති .ඉතින් මේ සතියේ චන්දිම විජේබණ්ඩාර සහ එච් .එම් මොරටුවගම විසින් පරිවර්තනය කල ” ජපන් සෙන් කතා ” පොත තමයි
අපි හඳුනා ගන්නේ .ඉතාමත් රසවත් හරවත් සෙන් කතා රාශියකින් සැරසී ඇති මේ පොත අනිවාර්යයෙන්ම ඔබේ පොත් රාක්කයට නැතිවම බැරි පොතක් වේවි .මේ පොතේ ප්‍රකාශකයා වන්නේ
කොළඹ 10,මරදාන පාර ,අංක 513 සිටින රත්න පොත් ප්‍රකාශකයන් .ඉතින් සෙන් සමඟ නැවුම් අර්ථවත් දිවියක තේමාව අත්විඳින්න කියලා අප ඔබට ආරාධනා කරනවා .

-චම්මි.