fbpx

Book of The Week

හද්ද පිටිසර ගමක පාසලින් ආරම්භ වන 'මල්ලිගේ විත්ති' කෙළවර වන්නේ නගරයේ ඉංග්‍රීසි පාසලේ බෝඩිමෙන් ය. හාස්‍ය රසයෙන් අනූන ළමා සාහිත්‍ය කෘතියක් වන මල්ලිගේ විත්ති අප බොහෝ දෙනෙකුගේ ළමා විය හැඩ කළ කෘතියක්. දඟකාර කුඩා පිරිමි දරුවෙක්ගේ අත්දැකීම් ඇසුරෙන් මේ කෘතිය ලියන්නේ ගුණදාස ලියනගේ මහතා විසින්. ඉරිදා ලංකාදීප පුවත්පතට 'ලොකු අයියා" යන අන්වර්ථ...
ලොව පුරා පාඨක සිත් මෝහනය කළ Little house කතා පෙළ. ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් කියන්නේ ගැහැණු ළමයෙක් මුණ ගැසිය යුතුම චරිතයක්. ලෝ ප්‍රකට ලිට්ල් හවුස් කතා මාලාව ඔබ කොහොමටත් අසා ඇති. අද අපි ඔබට කියන්නේ ලෝරාගේ අපූරු ජීවිත අන්දරය ගැන යි. මේ පොත් පෙළ ලියැවෙන්නේ කතාවේ ප්‍රධාන චරිතය ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් අතින්...
ගැහැනුන් දෙදෙනා- කර්තෘ ඇල්බර්ටෝ මොරාවියා පරිවර්තනය අසෝක නිස්සංක ️යුද්ධයකදී වඩාත්ම පීඩාවට,ගර්හාවට හා සූරාකෑමට ලක්වන්නේ කාන්තාවන් හා දරුවන් යන ලෝ සත්‍ය පසක් කරවන තවත් අනුවේදිනීය නවකතාවක් මේ.ලෝ ප්‍රකට ලේඛක Alberto Moravia ගේ Two Women නවකතාව.අසෝක නිස්සංක මහතා විසින් "ගැහැණුන් දෙදෙනා" නමින් සරසවි ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශනයට පත්ව දැන් ටික කලක් වනවා. දෙවන ලෝක...
ඔව් මයෙ හීං කොල්ලෝ…ආතා කියලත් ලියනවා…අම්මා-තාත්තා-ආතා-කිරිඅම්මා-පුංචිඅම්මා-මාමා-නැන්දා. මේ ඔක්කොම ලියනවා. තව මේ ලෝකෙ නැති දේවල් පවා ලියනවා. අන්න එහෙම ලියලා ලෝකෙ ගැන ඉගෙනගනිං… පුතේ. ලොකු සල්ලිකාරෙක් නෙමෙයි, ලොකු දැවැන්ත මිනිහෙක් වෙයං… එහෙව් මිනිස්සුන්ට විතරයි මේ සමාජේ ගොඩනගන්න පුළුවං. වීරප්පුලියෝ, උඹල මං කියන එක හිතට අරං, කොල්ල අකුරු ලියන්න යොමු කරපං....
ඇනා කැරනිනා ඉතා ඈත අතීත කාලයක් පසු බිම සහිත ව හෙවත් එම කාලයේම වාසය කළ ලියෝ තොල්ස්තෝයි විසින් රචනා කළ විප්ලවකාරී නවකතාවක් ලෙස ඇනා කැරනිනා හඳුන්වන්න පුළුවන්. සිය ප්‍රභූ සැමියා ගෙන් සහ එකම පුතණුවන් ගෙන් මිදී තමා ප්‍රේම කරන තරුණයා සමඟ ගොස් ඔහු සමඟ නිත්‍යානුකූල නොවන විවාහ ජීවිතයක් ගත කරන අතිශයින්ම...
පෝලා - ඉසබෙල් අයියන්දේ පෝලා කියන්නේ ඉසබෙල් අයියන්දේ ගෙ ස්වයං ලිඛිත චරිතාපදානය කියන්න පුළුවන් .නමුත් එය  ලියැවෙන්නේ ඇයගේ දියණිය, මරණාසන්න ව වැතිර සිටින මොහොතක ,ඇයව අමතා කරන කතාවක් විලසින්. "මට ගන්න ඉතිරිවෙලා තිබුණේ තීරණ දෙකයි." මතකය අවදිකරමින් ඉසබෙල් පවසනවා. "එක්කො,දිවිනසා ගන්න එක,එහෙම නැත්නම් ඒ වේදනාවෙන් ගැලවෙන්න පොතක් ලියන එක." ඉතාමත් ආකර්ෂණීය ආකෘතියකින්  එම...
''ගිම්හානය පළතුරුවලට හොඳ කාලයක් නොවිණ.ඒත් කඳවුරේ සාත්තුව හොඳ හෙයින් හොඳ පළතුරු වාරයක් දීමට ගිම්හානය වුවද තීරණය කර තිබිණි. කඳවුරෙන් මයිලයක් පමණ ඈතින් මහ පාරවිය. මහපාරෙන් කඳවුරට හැරෙන හන්දියේ පළතුරු වෙළඳ සැලක්අලුතෙන් අරඹා තිබිණි.සිරකරුවෙක් එතුල වෙළඳාම් කළේය. වෙළඳ සැලට සමීපයේ ආරක්ෂක භටයෙක්! ඔහු සමඟ ගැවසින. ''අඹ කීයද'' තරුණිය සිරකරුගෙන් ඇසීය. ''ගන්න නෝනා ලාබයි'' සිරකරුගේ මුහුණ ප්‍රිය මනාප බවක්...
"පිළිකා වාට්ටුවේ ඉහළින්ම අංක 13 සඳහන්විය. පැවෙලෝ නිකොලේ රස්නොව් කිසිදා මිත්‍යා  මත විශ්වාස නොකරන්නෙකු වුවද ඔහුගේ රෝහල් කාඩ් පතේ අංක 13  සඳහන් වෙත්ම ඔහුගේ පපුව ගැහෙන්නට විය. වෙනත්  වාට්ටුවකට මේ අංකය දෙන්නට තිබුණා නොවේදැයි ඔහු සිතන්නට විය. එහෙත් මුළු රුසියාවේම ඔහුට  උදව් කල හැකි එකම සායනය මෙය පමණකි. "අනේ දොස්තර නෝනා කියන්න....
''මීට අවුරුදු විස්සකට පමණ පෙර මා ''අපේ ගම'' ලියුවේ මගේ ළමා විය සියතින් අල්ලා බදා ගන්නා තරම් ආසාවකිනි. ළමා කාලයේ මා ඇසු වදන් ,දෙඩු දෙඩුම්, කල සෙල්ලම්, මතක් කරන්ට වෑයම් කිරීමෙන් මම සන්තෝෂයක් ලැබීමි .ළමා කාලයෙහි පටන් මෙතෙක් කල කී කිසිවක් දින පොතක නොලියු මම මගේ අතීතය පිලිබඳ තොරතුරු...
''කවියා සැබවින්ම පිළිසිඳ ගත්තේ කවදාද ? කොහේ ද?" ඔහුගේ මව මේ ගැටලුව ගැන කල්පනා කල විට බරපතල අවධානයට යොමු කල යුතු අවස්ථා ඇත්තේ තුනක් පමණක් බව ඇයට පෙනිණි. එක්කෝ එක්තරා සැන්දෑ යාමයක උද්‍යාන බංකුවක් මතදීය. නැතිනම් එක්තරා පස්වරුවක කවියාගේ පියාගේ මිතුරෙකු සතු වූ මහල් නිවාසයකදීය. එසේත් නැතිනම් එක්තරා උදෑසනක ප්‍රාග්...