සීනි තිත්ත වුණේ කොහොමද කියලා කියවන්න, පුංචි කෙටිකතා පොතක් ඇතුලේ සවාරියක් යන්න

0
1323

”ගිම්හානය පළතුරුවලට හොඳ කාලයක් නොවිණ.ඒත් කඳවුරේ සාත්තුව හොඳ හෙයින් හොඳ පළතුරු වාරයක් දීමට ගිම්හානය වුවද තීරණය කර තිබිණි. කඳවුරෙන් මයිලයක් පමණ ඈතින් මහ පාරවිය. මහපාරෙන් කඳවුරට හැරෙන හන්දියේ පළතුරු වෙළඳ සැලක්අලුතෙන් අරඹා තිබිණි.සිරකරුවෙක් එතුල වෙළඳාම් කළේය. වෙළඳ සැලට සමීපයේ ආරක්ෂක භටයෙක්! ඔහු සමඟ ගැවසින. ”අඹ කීයද” තරුණිය සිරකරුගෙන් ඇසීය. ”ගන්න නෝනා ලාබයි” සිරකරුගේ මුහුණ ප්‍රිය මනාප බවක් දැරීය. ඒත් ”නෝනා” යැයි කීම පිලිබඳ ඇයට නොමනාපයක් ඇතිවිණ.”
-සිරකාරිය-

අද අපි කතා කරන්නේ නිශ්ශංක විජේමාන්නගේ ”තිත්ත සීනි”කෙටි කතා පොත ගැන. පොත් වලට ආදරය කරන ඔබට ඔහු ආගන්තුකයෙක් නොවෙයි. ඉතාමත් අලංකාර, නමුත් වෙනස් ආකාරයෙන් අපව ඇඳ බැඳ තබා ගන්නා ලේඛන විලාසයක් ඔහු අනුගමනය කරනවා. ”තිත්ත සිනි” ඔහුගේ ලේඛක දිවියේ පළමු සනිටුහන. මෙම පොතේ ඉතාමත්ම රසවත් කෙටිකතා අටක් ඇතුල් වෙලා තියෙනවා.

”ගැහැණිය කෑ ගසන්නට තැත් කළාය. තායි කාරයා බියවිය. බියෙන් හැකිලුනු ඈ ඔහුගෙන් ඉවත් වූවාය. ඔහුද ඇත්තටම බියටත් කලබලයටත් පත්ව සිටියේය. හේ අපහසුවට පත්වී ඇති බව ගැහැණිය දුටුවාය. ”කදඩුප්පුලියා”ඈ කෙඳුරුවාය. තායි කාරයා තතනා සිංහල වචනද ඉංග්‍රීසි වචනද කතා කළේය. ”සිංහල නංගි යූ කට්” ඔහු බෙල්ල දිගේ ඉරක් ඇඳ ඇයට පෙන්වීය.”යූ කට්, ආ? ඔහු නැවත කීය. කපාපන් උඹේ මහයගේ…..ඇය කටින් වචන පිට කලේ නැත. කේන්තියක් ඇතිවිය. ”හිතන්ඩ ඇති හැම ගැනී වගේම ”

                                                                                                                           -කෑම පැය-
මේ කෙටි කතා පොතට අමතරව ඔහු ”දළ රෙදි සහ කසී සළු, චන්ද්‍ර කින්නරාවිය, කීදෑවෝ ඇවිල්ලා, කළු කිරිල්ලී යන කෙටි කතා පොත්, වැලන්ටයින් කුමාරයා, තාරා මගේ දෙව් දුව, හඳ පළුව තනි තරුව, යන නවකතා සහ නවදැලි හේන සහ අපි කඳු වගෙයි යන කෘතින්ගේද නිමැවුම් කරුවා වෙනවා. හඳ පළුව තනි තරුව ඔහු නොබෝදා එළි දැක්වූ අලුත්ම නවකතාව වනවා. ඔහුගේ සෑම පොතක්ම පාහේ නොමඳ පාඨක සම්භාවනාවට පාත්‍ර වුණා. 1999 ස්වාධින සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කෙටි කතා සංග්‍රහය වුණේ ඔහුගේ ”චන්ද්‍ර කින්නරාවිය ”.එහි ජුරිය මෙසේ සටහන් තබනවා.”අද්‍යතන ජන ජීවිතයේ පය නොගැසූ පෙදෙස් කලාත්මක ගවේෂණයට හා අවලෝකනයට හසු කරනු වස්, අපුර්ව ආඛ්‍යාන විධීන් මෙහෙයෙහි ලා ගනිමින්, ජනශ්‍රතියද, සුභාවිත සාහිත්‍ය පටිතයන්ද අතර පුළුල් අන්තර් පාඨනයට ඉඩ හරින්නා වූ අරුත්බර කතා වියමන් සම්පාදනය කරමින් පෙන්වූ විශේෂ ප්‍රාගුන්‍ය උදෙසා ”

ඉතින් ඇත්තටම මේ සෑම පොතක්ම ඔබ විසින් කියවිය යුතුම ඒවා. පොත් වසන්තය ඇවිත් නිසා, මොන පොත්ද මිලදී ගන්නේ කියන කුකුසෙන් පෙලෙන ඔබට මේ කතුවරයාගේ පොත් හොඳ  ආයෝජනයක් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. විදර්ශන පොත් කුටිය තුළ ඔහුගේ මේ පොත් සියල්ල තිබෙනවා.

”මහත්තයා මැරෙන්නේ කවදා හරි සීනි හන්දා” පෙරේරා මහත්තයට බයයි. ඇයි මැරෙන්නේ කියලම කිවනේ. මැරෙන කතාව නොකියා වෙන දෙයක් කිවනම්! එදා සාස්තර කාරයා එහෙම කිවම ඇස්  හීන් කරලා නළල රැළි කරලා ඌ දිහා බැලුවා. ”මු කපටියෙක් ” ඔහුට හිතුනේ එහෙම. ”මං සිනි කොම්පැණියේ වැඩ කරනවා දැනගෙන”

                                                                                                                            -තිත්ත සීනි-

තිත්ත සිනි පෙරවදනේ පුංචි කොටසක් උපුටා දක්වමින් මම මේ සංවාදය ඉවර කරන්න කැමතියි. ඔහු ඔබට මෙන්න මෙහෙම කියනවා. ”එකම එක හොඳ කතාවක් හෝ ලියා ඔබේ සිත දයාවෙන් ස්පර්ශ කරන්නට යන ගමනට කමටහනකි මේ පොත එසේ වුවද මගේ මේ කෙඳිරිලි ඔබේ විවේචනයට ඇති අයිතිය නිශේධනය නොකරන බව මතක් කරමි.

– චම්මි –