පහලොස්වැනි නෙත් සැරිය
සති තුනක් ගෙවෙද්දී අයත්මා උන්නේ සෑහෙන දුරකට මනස නිරවුල් කරගනිමිනි. ඕ ඒ අතර වාරයේ දෙවතාවක්ම මනෝ උපදේශකවරිය හමු වූවාය.
ගිටාරය වාදනය කිරීම ඇරඹුවාය. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ රෙසින් නිර්මාන පාඨමාලවක් සඳහා ද සම්බණ්ධ වූවාය.
ඒ හැරුණ කොට අවිශ්කගේ කුඩා දියණිය වෙනුවෙන් අයත්මාට සෑහෙන කාලයක් වැය කිරීමට කොහොමටත් සිදුව තිබුණි.
කලණ සමඟින් ගෙවෙන තත්පර පිළිබඳව තමාගේ වූ ප්‍රහර්ෂය නැතිව ගොස් ඇති වග ඇයට වැටහුනේ නිවාඩු සතියෙන් සති තුනකට පමණ පසුව කළණ නිවාඩු දමා දින දෙකක් පාසැල් නොආ පසුය.
ඔහු නොවූවායැයි නොදැනුන අරුමය ඇයට වටහා ගන්නට හැකි වූයේ නැත. එහෙත්, හිතට යම් අඩුවක් දැනෙමින් තිබෙන වග ඕ පිලිගත යුතුව තිබුණි. ඒ හිස් තැන කලණ නිසා නොවන වග තහවුරු වීමෙන් පසුව අයත්මා ඒ ගැන සිතීම නවතා දැමුවාය.
කලණ පෙරලා පාසැල් පැමිණියේ සඳුදාය. ඒ නාට්‍ය කණ්ඩායම සඳහා ඇඳුම් නිර්මාණය ට අව්ශ්‍ය රෙදි වර්ගද සහිතවය.
අයත්මා ඔහුට ස්තූතිවන්ත වෙමින් ඒ සියල්ල බාර ගත්තාය. ඔහු නිවාඩුද දම ගමේ ගොස් ඇත්තේ එම කටයුතු වෙනුවෙන් බව වටහා ගනිද්දී ඇයට දැණුන සතුටට වූයෙ වෙනම හැඩයකි. කලණ නිසා පියඹමින් උන් සමනළුන් තවදුරටත් තමා සතු නොවන වග ඕ වටහා ගත්තාය.
ඔහු නිසා වූ යම් හැඟීම පෙණ බුබුලක් මෙන් නැඟී වියලී ගොස් ඇති වග ඇයට පිළිගන්නට සිදුව තිබුණි. ආකර්ෂණය ඇතිවීම ඉතා ඉක්මනින්ද, එය නැතිවීම කාලයාත් සමඟින් ඉතා සෙමින්ද වන බව ඕ කල්පනා කලාය.
” අයත්මා ටීචර්ට පුලුවන් කොස්ටියුම් ටික හදන්න … ප්‍රොප්ස් ගැන මම බලාගන්නම් ….”
” හරි කලණ සර් …. මට නම් මේක හිතාගන්නත් බෑ මෙච්චර නීට් එකට දේවල් වෙන එක ……”
“අවුලක් නෑ.. අවුලක් නෑ … අපි කොට්ඨාශ තරඟේට ගිහින් බලමුකෝ …”
” අපිට පුලුවන් වේවි නේද ?..”
“හරි හරි … ඉස්සෙල්ලාම වැඩ ටික කරගමුකෝඔ .. කොහොම වුනත් ලබන සතියේ ෆුල් කොස්ටියුම් රිහසල් එකක් කරගන්න ඕනි … ඒ වගේ රිහසල් දෙකක් වත් කරන්න ඕනි ඩ්‍රාමා ඩේට් එකට කලින් ..”
අයත්මා එයට හිස සැලුවාය. අයත්මාගේ සහයට තවත් ගුරුවරියන් දෙදෙනෙක්ම ඇඳුම් සඳහා වන මිමි ගැනීමට සහාය වූහ. ඒ අතරින් අයෙක් ඇඳුම් කිහිපයක් මසා දෙන්නටද ඉදිරිපත් වූවාය. කලණට සහාය වන්නට පාසැළේ නැවතෙන්නට පිරිමි ගුරුවරුන් සිව් දෙනාම ඉදිරිපත් වූයේ නිර්මාණය කල යුතුව තිබූ පසුතලය යම් ආකාරයක විශාල වූ නිසාය.
අයත්මා නිවෙසට ගියේ බස් රියෙන් ය. කළණ පාසැලේ නැවතුන නිසාවෙන් ඕ කලණටද පවසා එලෙස බස් රියට ගොඩ වූවාය.
” ආහ් හරි … “
ඔහු පැවසුවේ එපමණකි. අයත්මා බස් රිය තුලදී කල්පනා කලේ කලනගේ එම හැසිරීම පිළිබඳවය. ඔහුටද තමා කෙරෙහි කිසිඳු විශේෂත්වයක් තිබී නැතිදැයි ඕ කල්පනා කලාය. නොඑසේනම් ඔහුට තමා ඇරලවා එන්නට ඕනෑ තරම් වෙලා තිබුණි. අයත්මා සැහැල්ලු හුස්මක් හෙලුවාය. එහෙත් ඉන් ඕ බලාපොරොත්තු වී සැහැල්ලුව හදවතට දැනුනේ නැත.
ඕ ඒ ගැන සිතන්නට උත්සාහ නොකලේම, පිළිගන්නට අකමැති වන සත්‍යක සේයාවක් හිත තුල එහෙන් මෙහෙන් පිණුම් ගහන බව ඇයටම වැටහුනු නිසාය. ඇය යළි හිතන්නට අකමැති වුවද, ඇයට සිතුණේ කුමක්දැයි අප නොදැනගත යුතු නැහැ නොවේද?..
ඇය යළි මේ ගැන කල්පනා කරන්නට සූදානම් වන මොහොතේම අප ඒ වෙත එබෙන්නට අනිවාර්‍යෙන්ම පෙළඹෙමුයැයි මම ඔබට යෝජනා කරමි.
අයත්මා නිවෙසට ගොස් ගත දොවාගත්තාය. කණ්ණාඩිය ඉදිරියට වී තෙත කොණ්ඩය පිසදමන ඇසිල්ලට චත්‍රගේ ඇස් දෙක ඇයට මැවී අතුරුදන් වූවේය. තම පියයුරු තුඩු මත හාදු තියන්නට පොර කෑ ඔහුගේ රෝස පැහැ දෙතොල් සැනෙකින් කණ්ණාඩිය මත මැවුනේය. අයත්මා වහා ඉවතක බලා දෑස් පිය ගසමින් අවධානය වෙනස් කර ගත්තාය. ඔහු .. ඔහු නිසා දැනිය යුතු පිළිකුල් සහගත බව ඉක්මවන යමක් දැනෙන්නේ කෙලෙසද?
අයත්මා යමක් සිහිවී මෙන් වහා අල්මාරිය ඇරියාය. ඇගේ රාත්‍රී ඇඳුම් නවා ඇති කොටසේ ඇඳුම් එකින් එක බැලුවාය. රෝස පැහැ රාත්‍රී ඇඳුමේ කලිසම පමණක් එහි විය. එලෙසනම් එහි කමිසය කොතැනකද ? එය ඔහුගේ කැබ් රියේද ? නැතිනම් රෝහලේද ? ඇයට ගලපා ගන්නට හැකි පිළිතුරක් ලැබුනේ නැත.
අයත්මා ඇඳෙහි හිඳ ගත්තාය. ඇයට තවදුරටත් එදින සිදුවීම පිළිකුලෙන් බැහැර කරන්නට නොහැකි බව දැනෙන්නේය. චත්‍රගේ පැමිණීම , ඔහු දැකීම වදයක් ලෙස සිතා තමා බැහැර කලා වුවද දැන් දැනෙන මේ හැඟීම වෙනස් ය.
තමා සති කිහිපයක් තිස්සේ චත්‍රගේ කැබ් රිය නොදුටු බව අයත්මාට මතකය. පාසැලට පැමිණෙද්දී හෝ පාසැළ් හැර යද්දීවත් ඔහුගේ කැබ් රිය මඟ දෙපසක හෝ තිබූ බවක් මතක නැත. ඒ තියා සිහිනි පාසලට පැමිණෙන විටෙක ඔහුට අයත් අනෙක් මෝටර් රිය හෝ දකින්නට ලැබුනේ නැත. වෙනදාට තමා එන්නට පෙර පාසැලට එන සිහිනි දැන් පාසලට පැමිනෙන්නේ පාසල ආරම්භ කිරීමට විනාඩි කිහිපයකට පෙර වග ඕ සිහිපත් කර ගත්තාය.
එලෙස නම් චත්‍ර සිතා මතා තමා මඟ හරින්නේද? වරද කලේ ඔහුම වී, ඔහු මුදවා ගැනීමේ අරමුනකින් නොවූවා වුවද තමා සියල්ලන්ටම ,මුසාවක්ද පැවසීමෙන් පසු, ඔහු මෙලෙසින් මඟ හරින්නේ මන්දැයි අයත්මා අවසන කල්පනා කලාය.
ඔහු උත්සාහ කල යුත්තේ තමා මුණ ගැසී සිදුවූ සියල්ලම වෙනුවෙන් සමාව ඉල්ලීම නොවේද? ගැටලුවක් ඇති නොවෙන්නට මේ සියල්ල විසඳා දීම වෙනුවෙන් ස්තූතිවන්ත වීම නොවේද?.
චත්‍ර තමා මඟ හරින්නේ ඔහුට තමාට මුහූන දීමට තරම් ශක්තියක් නැති නිසා විය යුතුයැයි ඕ අවසන තීරනය කලාය. ඉන් තමාට දැනෙන හිස්කම තවදුරටත්, කෙලෙසකත් විවරණය කර යුතු නැති වග ඕ සපථ කර ගත්තාය.
සිහිනෙකින්වත් නොසිතූ සිදුවීමකින් මේ ආකාරයෙන් , ඉක්මනින් ගොඩ එන්නට තරම් තම මනස ශක්තිමත් වීම වෙනුවෙන් තමාට සහ විශ්වයට ස්තූතිවන්ත විය යුතු වග පමණක් තීරනය කලාය.
අයත්මා එදින රැය තිස්සේම ඇඳුම් කැපීම සඳහා වැය කලාය. පසු දින පාසැල අසල කලනගේ යතුරු පැදියෙන් බැස ගත් පසු අවට ඇති වාහන දෙස සුපරික්ශාකාරීව බැලීමෙන් මිදෙන්නට ඇයට හැකි වූයේ නැත.
එහෙත් ඒ උත්සාහය නිසා ඇයට යම් අස්වැසිල්ලක්වත් ලැබුනේ නැත. දකින්නට හිත බලාපොරොත්තුවෙන් උන් යමක් අහිමිව ගියාය යන ශෝකය සමඟ ඇය පාසැලට ඇතුලු වූවාය.
මුල් කාලච්ඡේද හතරට පසු නාට්‍ය පුහුණුවීම් වෙනුවෙන් කාලය වෙන් කර ගැනීමට අයත්මා විදුහල්පතිතුමාගෙන් අවසර ලැබ උන්නාය. ඒ අනුව දිවා විවේක කාලයෙන් පසු සවස පහ වනතෙක්ම එක දිගටම නාට්‍ය පුහුණු වීම් කටයුතු සිදු කෙරුණි.
වෙනදා නොවූ උනන්දුවකින් අනෙක් ගුරු මණ්ඩල සාමාජිකයන්ද ඒ වෙනුවෙන් දායක වූයේ දරුවන්ගේ දක්ශතා සැබැවින්ම යම් සාධනීය මට්ටමක් ඉක්මවන බව ඔවුන්ද වටහාගෙන උන් නිසාය. අයත්මා කලණලා පසුතල අංග සකස් කරමින් උන් ස්ථානයට යන්නටද අමතක කලේ නැත.
” ඔන්න ආයේ කලණ සර් ස්ටේජ් එක නම් ගහනවා ගින්දර වගේ…”
අයෙකු කීවේය. අයත්මා ඒ දෙස බලමින් සිනාසුනාය.
” අයත්මා ටීචර්ට නම් ඉතින් හොඳයි..”
තවකෙකු කීවේය.
“ඇයි ඒ ?…”
අයත්මා ඇසුවේ එහි වැටහීමක් නොවූ නිසාය.
“නෑ ඉතින්.. කලණ සර් ආර්ට් කාරයානේ… මේ පිළිවෙලයි, කලාවයි එක්ක ජීවිතේම ගොඩනේ..”
එහි වුන් සියලු දෙනා සමඟ කලණද එක්ව උස් හඬින් සිනාසුනහ. අයත්මාට දැණුනේ අපහසුවකි. තමාට අයිති නැති යමක් බලෙන් තමා මත අලවන්නට යන හැඟීමකි. නොඑසේනම් තමා අයිති නැති තැනක තමා බලෙන් ඔබ්බවන්නට යන හැඟීමකි.
“කලණ සර් ආර්ට් කරන එකෙන් මගේ ජීවිතේ ගොඩ යන්නේ කොහොමද?..”
විමසන්නට බලාපොරොත්තු නොවූ යමක් එක්වරම අයත්මාගේ කටින් පැන්නේය. කලණ අනෙක් අයගෙන් එය පෙරලා විමසුවේ පුවරුවක තීන්ත ආලේප කරමින් උන් අතරේය.
“අ … අනේ ඉතින් අපි දන්නේ නෑ ඔව්වා.. දෙන්නා දෙමහල්ලෝම කතා බස් කරලා විසඳගත්තා නම් තමා හොඳ..”
එහි සිටි තලතුනා වයසේ ගුරුවරයෙකු කීවේ යලි සියලු දෙනාම සතුටු සිනහ ගඟුලක ගිල්වමිනි. අයත්මා සියල්ලන්ටම රැවුවාය.
“පිස්සු මේගොල්ලනට..නේද කලණ සර් ?..”
” අනේ ද ඉතින්…”
කලණ ද එවර අයත්මාට එක් වූවාය.
” දෙන්නා එක්ක ජෝඩු දාලා බයික් එකේ යන්නේ ඉතින් ඉස්සරහ ගැන සැලැස්මක් නැතුව වෙන්න බෑනේ…දෙන්නා මැචින් හැබැයි..අපිට කේක් කෑල්ලක් දීලා වැඩේ ස්තිර කරානම් අපිත් දෙන්නම් ෆුල් සප් එක”
එහි වූ අයත්මාට සම වයස් ගුරුවරියක කීවේ අයත්මාගේ උරහිසක එල්ලෙමිනි.
“අනේ අනේ සඳා… බයික් වල ආව ගිය කපල් වල ගැලපිම් බලන්න ගියා නම් එහෙම මේ ඉස්කෝලේ සර්ලා ටීචර්ලාට කසාද ගොඩයි …”
අයත්මා කිසිදිනෙක නොවූ ලෙසින් කලණ සහ තමා වෙනුවෙන් නැඟෙන කතන්දර වලට එරෙහිව නැගිට්ටාය. කලණට එහි කිසිඳු වෙනසක් දැණුනේ නැත. එහෙත් , පසෙකට වී කතා බහ අසාගෙන උන් සිහිනි ඒ වෙනස ඇඳින්නාය.
” මෙයා කලණ සර්ව නිග්ලෙක්ට් කරනවද? එහෙම නැත්නම් මේ දෙන්නව ඩිෆෙන්ස් කරගන්නවද?… මේ දවස් දෙක තුනකම මම ඕක නෝට් කලා .. සමහරවිට අර ප්‍රශ්නේ නිසා අයත්ම් කලණ සර්ගෙන් ඈත් වෙන්න හිතුවද දන්නේ නෑ …..
කොහොම වුනත් අයත්මා මෙහෙම ඔලුව උස්සලා ඉන්න එක සෑහෙන්නම සැනසීමයි.. මුල් දවස් දෙක තුනේ මූණ හේබාලා උන්න හැටියෙන් මම පිච්චි පිච්චී හිටියේ…. අයියා අතින් වුන වරද කොහොම වුනත්, ඔයා වෙනුවෙන් ඕනෑම විදියකින් මම ඒ ණය ගෙවන්න ලෑස්තියි අයත්මා …
මගේ අයියාව බේරුවට මම ඔයාට මගේ ජීවිතෙන්ම ණයයි … ඔයා ඔයාගේ ජීවිතේ කැප කරලා අපි ඔක්කොමලාගේ ජීවිත වලට වැටෙන්න තිබුන මහ කළු වලාකුලක් අයින් කලා.. මම දන්නවා ඒ වුන දේ හොඳ නෑ… ඔයා මේ කල දේත් සාධාරණ නෑ.. ඒත් , ඔයා ඒක නොකරානම් සමහරවිට මම අද මෙතන නොයින්නත් තිබුනා…
ඔයාව ඔහොම දකිනකොට අයියා ගැන මට දැනෙන්නෙ මහ පුදුම ලැජ්ජාවක් අයත්මා ….”
| අපේක්ෂා ගුණරත්න |