දීපිකා සහ රන්වීර්ගෙ තුරුලෙ නැලවෙන පුංචි කෙල්ල කවුද?

ඔයාලට මතක ඇති නේ අපි දීපිකා සහ රන්වීර් දෙමව්පියන් වෙන්න යන බව අරාංචියත් මීට මාස කීපයකට කළින් ඔයාලට අරගෙන ආවා. ඉතින් ඔන්න අද අපි අරගෙන එන්නෙ එයාලා ගැනම තවත් ලස්සන සුබ ආරංචියක්.

දීපිකා සහ රන්වීර් දෙන්නට ලස්සනම ලස්සන පුංචි දුවෙක් ඉපදිලා කියලා අපිට බොලිවුඩයෙන් ආරංචි වෙනවා. ඉතින් මේ පණිවිඩේ දැක්කම මට මුලින්ම හිතුනෙ “අනේ ඒ පුංචි කෙල්ලත් දීපිකා වගේම ලස්සන ඇති නේද?” කියලා.

මේ පුංචි දූ කුමාරි දීපිකාවයි රන්වීර්වයි බලාගෙන මේ ලෝකෙට ආවෙ සැප්තැම්බර් මාසෙ 8 වෙනිදා.මුම්බායි වල NH Reliance Hospital එකේදි තමයි දිපිකා තමන්ගෙ පුංචි දූ කුමාරිව මේ ලෝකෙට අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.

පඩුකෝන් පවුලට වගේම කපූර් පවුලට ලොකුම ලොකු සතුටක් අරගෙන ආව මේ ආරංචිය ගැන තමන්ගෙ ආදරණීය Fans ලට Instagram හරහා දැනුම් දෙන්නත් දීපිකා අමතක කරේ නෑ. තමන්ට තරම්ම ආදරයක් තමන්ගෙ දරුවටත් ලෝකෙ පුරාම විසිරිල ඉන්න සුවහසක් Fans ලගෙන් ලැබෙන බව දන්න හන්දම ඒ සුබ ආරංචිය පමා කරන්න දීපිකා හිතලා නෑ.

ඉතින් මේ ලස්සන අම්මව්‍යෛ දූවයි, ආඩම්බර තාත්තවයි බලන්න ගොඩක් ජනප්‍රිය මිනිස්සු රෝහලට ගිහිල්ලත් තියෙනවලු. ඒ අතර පහුගිය දවස්වල ගොඩක් කතාබහට ලක්වෙච්ච මුකේශ් අම්බානිත් ඉන්නවා.

ඒ විතරක් නෙවෙයි ආලියා භාත්, කරීනා කපූර්, සාරා අලි ඛාන් වගේ ජනප්‍රිය ඉන්දියන් නිළියොත් Instagram ඔස්සේ දීපිකා සහ රන්වීර් ලෝකෙට කිව්ව මේ ලස්සන ආරංචියට සුබ පතලා Posts දාලාත් තියෙනවා.

මේ සුබ ආරංචිය ගැන බිපාශා බාසු කියලා තියෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්.

“දුර්ගා දේවතාවියගෙ පිහිටයි, පුංචි කෙල්ලට සුබ පැතුම් වගේම අලුත් අම්මටයි තාත්තටයිත් සුබම සුබ පැතුම්” කියලා.

ඒ අතරෙම අනන්‍යා පාන්ඩේ කියලා තියෙන්නෙ “Baby Girl, Congratulations” කියලා. මීට අමතරව ශ්‍රද්ධා කපූර්, අර්ජුන් කපූර් හෙමත් දීපිකා සහ රන්වීර්ට සුබ පතන්න අමතක කරලා නෑ.

ඉතින් මේ ආරචිය දැනගත්ත ගමන් දීපිකාට සහ රන්වීර්ට ආදරේ කරන ප්‍රේක්ශකයො අලුත් දූ කුමාරිට දාන්න ඕන මොන වගේ නමක්ද කියලත් අදහස් හුවමාරු කරගන්න පටන් අරන් කියලා තමා ආරංචි වෙන්නෙ. ඔය නම් අතරෙ අනික, රනිකා, රන්විකා වගේ දීපිකා සහ රන්වීර් ජෝඩුවගෙ නම් එක්කහු කරලා දාපු නම් ගොඩක් තියෙන බවත් ආරංචි වෙනවා.

ඉතින් අපි නම් හිතන්නෙ දීපිකා සහ රන්වීර් නම් දැනටම සමහර විට ලස්සන නමක් තෝරගෙන ඇති තමන්ගෙ පුංචි කෙල්ලට දාන්න. ඒ ලස්සන නම මොකද්ද කියන එකත් ඉක්මනටම දීපිකාගෙ Instagram පිටුව ඔස්සේ අපිට බලාගන්න පුළුවන් වේවා කියලා අපි ප්‍රාර්තනා කරමු නේද?

අම්මා කෙනෙක් වෙන්න ඕන වයස කීයද කියන එක ගැන ගොඩක් අය ගොඩක් අදහස් ප්‍රකාශ කරද්දි අවුරුදු 38 දි ලස්සන, නිරෝගී දරුවෙක්ට උපත දෙන්න ලැබුන එක ගැන දීපිකා බොහොම සන්තෝස වෙනවා ඇති. ඒ විතරක් නෙවෙයි හොලිවුඩය වගේම බොලිවුඩයෙත් විශිෂ්ට චිත්‍රපට ගණනාවකටම තමන්ගෙ දක්ශතාවයෙන් උපරිම සහය ලබා දුන්න දක්ශ, ලස්සන නිළියක් විදියට “අම්මා” කෙනෙක් වීමේ අභියෝගයත් දීපිකා ලස්සනට ජයගනීවි කියල අපි හැමෝම විශ්වාස කරනවා.

අම්මා කෙනෙක් වෙනවා කියන්නෙ ලොකුම ලොකු අභියෝගයක් කියන එක අපි අමුතුවෙන් කියන්න ඕන නෑ. දරාගැනීම්, විඳගැනීම්, කැපකිරීම් දහසක් එක්ක යන ඒ ගමන කාන්තාවක් දරාගන්නෙ අමාරුවෙක් උනත් හරිම ශක්තිමත්ව සහ ආදරණීයව.

ලෝකෙම අඳුරන නිළියක් වුණත් දීපිකාත් තමන්ගෙ ඒ අම්මා කියන චරිතය එයා මෙතෙක් කල හැම චරිතෙකටම වඩා උපරිම සාධාරණයකින්, වඩා ශක්තිමත්ව, වඩා සුන්දරව ඉටු කරාවි.

අම්මයි තාත්තයි කියන්නෙ ලෝකෙම දහසක් ප්‍රේක්ශකයන්ගෙ ආදරය දිනාගත්ත ජෝඩුවක් නෙ. ඉතින් පුංචි දූ කුමාරිටත් ඒ තරම්ම ආදරයක් ලැබෙන බව අමුතුවෙන් කියන්න ඕන.

ඒ අනාගත කතා හැම එකක්ම අතරෙ දීපිකා – රන්වීර්,

දෙන්නා තුන්දෙනා වෙච්ච සන්තෝසෙ අපි එක්කත් බෙදාගත්තට බොහොම ස්තුතියි. ඒ වගේම තමයි දෙමව්පියන් වෙනවා කියන්නෙ වෙනස්ම විදියක සතුටක්. පුංචි දූ කුමාරිගෙ ලෝකෙ ඇතුලෙ. එයාගෙ ඇස් ඉස්සරහා ලෝකෙ ඉන්න හොඳම අම්මයි තාත්තයි වෙන්න ඔයාලා දෙන්නට වාසනාව ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නෙ හරිම ආදරෙන්!

Related Articles

Don't Miss


Latest Articles