රන් මල් දම් – 28

නිම්නාවීට සිහිනයෙන් මෙන් යළි යළි ඇසෙන්නට විය. නැවතීමක් නැතිවම යලි යළි ඇසෙන්නට විය

” සෙත් වර්ණකුලව මරලා දැම්මේ ඔයයි … ඒ මරලා දාලා, ඔයාට ඕනි විදියට මන්දාරම් වර්ණකුලව හදාගත්ත එක ගැනනම් ඔය කියන්නේ …, ඔව් …ඔයා සෑහෙන්න දේවල් කලා….”

” සෙත් වර්ණකුලව මරලා දැම්මේ ඔයයි … ඒ මරලා දාලා, ඔයාට ඕනි විදියට මන්දාරම් වර්ණකුලව හදාගත්ත එක ගැනනම් ඔය කියන්නේ …, ඔව් …ඔයා සෑහෙන්න දේවල් කලා….”

” සෙත් වර්ණකුලව මරලා දැම්මේ ඔයයි … ඒ මරලා දාලා, ඔයාට ඕනි විදියට මන්දාරම් වර්ණකුලව හදාගත්ත එක ගැනනම් ඔය කියන්නේ …, ඔව් …ඔයා සෑහෙන්න දේවල් කලා….”

” සෙත් වර්ණකුල …”

“සෙත් වර්ණකුල …”

“සෙත් වර්ණකුල …”

“සෙත් මන්දාරම් වර්ණකුල ….”

” සෙත් මන්දාරම් වර්ණකුල ….”

” සෙත් මන්දාරම් වර්ණකුල ….”

තමා වටා වන ලෝකය අඳුරුව යන අත්දැකීම නිම්නාවී බලාපොරොත්තු නොවූ ඇසිල්ලක වින්දාය. සැනින් ඕ උන්නේ බිම වැතිරීගෙනය. ඒ කිසිවෙකුට කිසිවක් සිතාගන්නට වත් තරමේ වේලාවක් නොදීමය.  නිම්නාවී මෙවැන්නක් සිහිනයකින්වත්  බලාපොරොත්තු වූයේ නැත. අවුරුදු දොළහක් ගෙවී ගිය පලියට තමාට සෙත් හඳුනාගන්නට නොහැකි තරමින් දේවල් වෙනස්ව ගියේ කොහොමදැයි ඇයට වැටහුනේ නැත. එක්වරම ඒ සිතුවිලි සියල්ල ඇය මත මහා පීඩනයක්ව ඇද වැටුණි. එය දරා ගැනීම නිම්නාවීට කිසිලෙසකින්වත් පහසු වූයේ නැත.

චානක වහා නිම්නාවී වෙත නැඹුරු වූවේය. ඇයට කුමක් වූවාද සිතාගන්නටවත් ඉඩක් ඔහුටද වූයේ නැත. ඔහුට වඩා වේගවත් වූ මන්දාරම් වහා ඕ ඔසවාගෙන කාමරයෙන් පිටතට ආවේය.

” ආහ් .. මෙතනින් තියහං .. මෙතනින් …”

චානක දිගු කුෂන් සෙටිය පෑවේය. ඒ අතර වාරයේ කුස්සියට දිව ගොස් වතුර වීදුරුවක් රැගෙන ආවේය. මන්දාරම් ඕ සෙටියේ සතපවා ඇගේ කොපුල් පිරිමැද සිහිය යළි  ගන්නට උත්සාහ කලේය. ඉන් පසුව චානක ගෙන ආ වතුර වීදුරුවෙන් කොපු හා දෙතොල් යන්තමින් තෙමුවේය. නිම්නාවී දෙතොල් එකිනෙක පටලවා මන්දාරම් තමා වෙත ලූ තෙත තමා තුලට ගන්නට උත්සාහ කලේය. චානක ඒ අතර වාරයේ  ඇගේ කොපුල් යළි තෙමුවේය.

” සෙත් වර්ණකුල …”

” සෙත් මන්දාරම් වර්ණකුල ….”

ඇස් ඇරෙන  සැනින් ඇයට සිහි විය. ඕ කෙලින් වෙන්නට දැරූ උත්සාහය අසාර්තක වූයේය.  ඕ මන්දාරම් සිටින්නේ කොහිදැයි බැලුවාය. ඔහු උන්නේ ඇගේ ඉහ හරියේ වූ කුඩා බංකුවක හිඳගෙනය. ඇය දෙස එබීගෙනය. නිරුවත් උඩුකයෙනි.  නිම්නාවී සැනින් කෙලින් වුණාය. නැගිට ගත්තේ මන්දාරම් සහ චානක දෙදෙනාටම සිතා ගන්නට  නොහැකි වේගයෙනි.

” සෙත් මන්දාරම් වර්ණකුල ….”

නිම්නාවීගේ හිස තුල වාදනය වෙමින් තිබුණි. ඇය මන්දාරම් දෙස බැලුවාය. ඔහු උන්නේ හිඳගෙන හිස ඔසවා නිම්නාවී දෙස බලාගෙනය. නිම්නාවී මන්දාරම් දෙසින් ඉවත බැලුවාය.

චානක එවෙලෙහි වූ නිශ්ශබ්දතාවය බින්දේය.

” උදේට කෑවෙ නැද්ද නිම්නාවී ?…”

නිම්නාවී පියවි සිහියට එළඹුණාය. ඕ චානක දෙස බලා හිස සැලුවාය. චානක මන්දාරම්ට කාමරයට යන ලෙස පැවසූවේ ඉන් පසුවය. මන්දාරම් හදිසියේ යමක් සිහි වූවාක් මෙන්, නැගිට කාමරයට ගියේය.

චානක නිම්නාවීට හිඳගන්නට පැවසුවේය. එහෙත් නිම්නාවී උන්නේ කුමක් කරන්නදැයි සිතා ගන්නට නොහැකිවය. චානක යළි වතුර වීදුරුවක් ගෙනැවිත් නිම්නාවීට දුන්නේය. නිම්නාවී එතැනම හිඳගෙන වතුර වීදුරුවම පානය කලේ එක හුස්මටය. ඇයට අවශ්‍ය බව දැනෙන්නේ මෙතැනින් පැන දුවන්නටය. ඒ ගොස් සැඟවී මේ සියල්ල ගැන සිතා බලන්නටය.

” කලබල වුනාද නිම්නාවී ?….”

නිම්නාවී එවර හිස වැනුවාය. වතුර වීදුරුව දෑතින්ම අල්ලා ගත්තාය.

” මන්දාරම් පොඩ්ඩක් කලබල වෙලා නිම්නාවී … වෙලා තියෙන්නේ මොකක්ද කියලා තවම  මම දන්නේත් නැහැ… ඊයේ මූ ගෙදර එනකොට පාන්දර එකත් පහු වෙලා .. ඒ ආවෙත් අම්බානෙකට බීලා …  ඌ එනකල් නැන්දයි මායි දෙන්නාම ඇහැරිලා උන්නේ.. ඒකයි නින්ද ගියේ මටත් …”

නිම්නාවී එය අවධාරනය කරගත් බව පෙන්වූවාය. හිස නොනවත්වාම සැලුවාය. චානක තවත් පැහැදිලි කලේය. නිම්නාවීගේ හිත මන්දාරම් වෙනුවෙන් බිඳක් හෝ සකසා තිබිය යුතුය යන වගකීම ගත්තේය.

” මන්දාරම් එහෙම යකෙක් නෙවෙයි නිම්නාවී .. ඌ ඉන්නේ මොකක් හරි සිද්දියක් හරියට ලෙහා ගන්න බැරුව…. ඒකයි ඔය ඔක්කොම සීන් එක … මම ඒක සෙට්ල් කරගන්නම් … දැන් ලතා ඒවි …. ලතාගේ හස්බන්ඩ් ක්ලිනික් එක්ක යන නිසා නවය විතර වෙනවා කියලා කියලා තිබ්බා … ඔයා නැන්දාට තේ එකක් හදනවද ?.ලතා ඇවිල්ලා උයාවි ..”

චානකට අවශ්‍ය වූයේ නිම්නාවීගේ කලබලය මදකින් අඩු කරන්නය. නිම්නාවීට එතරම් කලබල වන්නට තරමේ සිදුවීමක් එතැන සිදු වුනාදැයි හරි හැටි නොවැටහුනත්, මෙවෙලෙහි කල යුත්තේ දවස සන්සුන්ව ඇරඹීම සඳහා සියල්ලන්ටම පහසුකම් සැදීම බව චානක වටහා ගත්තේය. අනෙක් අතට නිම්නාවී ගැන දැනෙන සැකය පසු පස වහා හඹා යන්නටද තීරණය කලේය.

උදෑසන සැලසුම් කර ඇත්තේ උපකාරක පන්තියේ  ප්‍රශ්න පත්‍ර ලියවීම නිසා තමාට දොළහ වන තෙක් නිවසේ  රැඳී සිටිය හැකි බව වෙලාව බලමින්ම ගණනය කරගත් චානක නැගී සිටියේය.

” නැන්දාව චුට්ටක් බලාගෙනම යන්න ..ඔයාට දැන් අවුලක් නෑ කියලා ශුවර්නේ ?… නේද ?….”

නිම්නාවී හිස සැලුවාය. රොබෝවකු සෙයින් හිස සැලුවාය.

චානක මන්දාරම්ගේ කාමරයට එබුනේය. මන්දාරම් උන්නේ සයනයේ හිඳගෙන  දෙපා අස්සේ හිස ගසාගෙන, හිසකේ දෑතින්ම ඇදගෙනය. ඔහුගේ ස්වරූපයම චානක තිගැස්මක නවතාලූවේය.

” කෙලින් වෙයං … “

චානක මන්දාරම්ගේ උරිස්සෙන් අල්ලා ඔහු පිටුපසට කලේය. මන්දාරම්ගේ දෑස් රතු වී තිබුනි.

” පිට කෙල්ලෙක් ඉන්නකොටවත් උඹට පොඩ්ඩක් ඉවසන්න බැරි වුනාද බං ?..නිම්නාවී කියන්නේ කවුද කොහෙන්ද කියලා නොදැන උඹ ඒ නැන්දාට කිව්ව දේවල් හරිද බං .”

චානක කෙලින්ම දෝස්මුරය ඉදිරිපත් කලේය.

මන්දාරම් එයට ව්‍යාජ සිනහවක් පෑවේය. එහි වූයේ වියළි බවකි.

” හරි … දැන් උඹ කුලු හරකා වගේ තප්පුලන්නේ නැතුව …, කියාං … මොකද  වුනේ ?..මොන මඟුලක්ද වුනේ ?.. .”

පැවසිය යුත්තේ කුමක්දැයි මන්දාරම්ට වැටහුනේ නැත. ඔහු නිහඬව ඉවත බැලුවේය. අම්මා අන් පුරුෂයෙකු  සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ගෙන යන්නේයැයි කියන්නේ කෙලෙසද ?

චානක මන්දාරම්ට ඉඩ දී බලා උන්නේය. ඔහු සිටින්නේ යම් අපහසුවක බවට සැක නැත.. නොඑසේ නම් ඔහු සිදුවී ඇත්තේ කුමක්දැයි වටහා ගන්නට නොහැකිව සිටිනවාද විය හැක. අම්මා ඉදිරියේ මන්දාරම් හැසිරුනේම මින් පෙර කිසිදිනෙක හැසිරුණු ලෙසින් නොවන බව චානක ඉන්තේරුවෙන්ම දනී

සිතුවේ මේ සියල්ල පසුපස නිම්නාවී ඉන්නවා කියා වුවත්, එය එසේ නොවන බව චානක වටහාගෙන උන්නේය.

” කතා කරහංකෝ …”

” මට ඉන්න දීපං .. මම අද ගෙදර ….උඹ පලයං …”

” මං යන්නේ දොළහට .. ඒ යන්නේත් උඹේ ඔය මෝල් කුලප්පුවට හේතුව දැනගෙන …”

චානක කඩා පැන්නේය.

” අනේ කිව්වම ඔලුව කන්නේ නැතුව යමංකෝ අනේ…”

මන්දාරම් චානක පසෙකට තල්ලු කරමින්ම කීවේය.

එහෙත් චානක නොසෙල්වී බලා උන්නේය.

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles