නන්නාදුනන තරුණයෙකු හා සමඟ ඇවිද එන්නේ කවුරුන්දැයි පලමුව හඳුනාගත්තේ චානකය. ඔහු තමා දුටුවේ කුමක්දැයි විශ්වාස කරගන්නට නොහැකිව මෙන් අසුනෙන් මදක් එසවී ඒ දෙස බැලුවාය. මන්දාරම් උවමනාවෙන් ඒ දෙස බැලුවේ චානක ඒ දෙස උවමනාවෙන් සහ යම් විමතියකින් බලා හිඳිනු දුටු පසුවය. මන්දාරම් අසුනෙන් නැගිට්ටේය, චානක උන්නේ තමා දකින්නේ කුමක්දැයි වටහා ගන්නට නොහැකිවය. කාර්යාල සගයා හඳුන්වාදුන් දෙදෙනා ඉදිරිපස මේසයක හිඳ ගැනීමෙන් පසු මන්දාරම් සියල්ලන්ගෙන්ම මදකට අවසර ඉල්ලා මේසයෙන් නැගිට්ටේය. සාදය පැවැත්වුන පරිශ්‍රයෙන් පිටතට ආවේය. චානකද සිහි එලවාගත හැකි වූ ඇසිල්ලේම මිතුරා පසුපස ඇවිද ගියේය.
චානක මන්දාරම් නවතා ගත්තේ ඔහු පසුපස වේගයෙන් දිව ගොසින් ය.
” පිස්සෙක් වගේ දිවුවා කියලා ප්‍රශ්නේ විසඳෙනවාද බූරුවෝ … මෙහෙ වරෙන් යන්න .. ඒකි ඉස්සරහට ගිහිල්ලා කෙලින් හිටගන්න වරෙන් …”‘
මන්දාරම් ආපසු හැරුනේය, ඔහු ඉදිරියේ උන් චානක දෙස බැලුවේය. මන්දාරම්ගේ දෑස් වේදනාවෙන් ඇලලී ගොස් ඇති බව චානක වහා වටහා ගත්තේය. ඒ තියා තම මිතුරාගේ දෑස් කඳුලින් පෙඟෙමින් ඇති බව හඳුනාගන්නට චානකට වැඩි වේලා ගියේ නැත. මන්දාරම් චානකගෙන් යමක් විමසන්නට උත්සාහ කලද වචන පිට වූයේ නැත. ඔහු හිස පසෙකට සහ දෙපසට ඇල කරමින් යමක් විමසන්නට උත්සාහ කරමින් ඉන්නා බව වැටහෙද්දී චානක මිතුරා වත්තන් කරගෙන සකසා තිබූ අසුනක හිඳ ගත්තේය.
මෙවෙලෙහි වැඩි බර තම කර මත බව චානක දනී. නිම්නාවී පිලිබඳව තම සිතෙහි සැකයක් වූවද එය මෙවැන්නක් නම් නොවූ බව චානක ඉන්තේරුවෙන්ම දනී. සිතුවේ ඇය යම් අඩු ආර්තික තත්වයක සිටිමින් ඉහළ පැළැන්තිය ඇල්ලීමට උත්සාහ කරන්නියක බවය.
” නිම්නාවිද බං ඒ ….?”
මන්දාරම් අපහසුවෙන් විමසුවේය. ඔහුගේ හඬ වූයේ චානකට දරාගන්නට නොහැකි තරමෙන් බිඳී ගොසිනි. මෙවෙලෙහි මිතුරා අස්වසන්නටයැයි කියා මුසා පැවසීම යුතු නොවන බව චානක ක්ෂණිකවම වටහා ගත්තේය. මේ මොහොතේ පටන් සිදුවන සැබෑ සත්‍යට මුහුණ දෙන්නට මන්දාරම්ට සිදුවේ.
” මං දැක්කේත් ඒ විදිය බං…”
” ඒත් .. ඒත් ..කොහොමද බං එහෙම වෙන්නේ ?…. ඒකි .. ඒකි කොහොමද පසන් සර් එක්ක ..?…”
” උබ ඒ පොර දන්නවාද ?..”
චානක හෝටලයේ වේටර්වරයෙකු අමතා ගෙන්වාගත් වතුර බෝතලයේ පියන විවෘත කර එය මන්දාරම් වෙත දිගු කරන අතරේ ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වන හඬකින් විමසුවේය.
මන්දාරම් හිස සැලුවා පමණි. ඔහු වතුර බෝතලයම හිස් කලේය.
” ඒ අපේ කම්පැනි එකේ ශෙයාර් හෝල්ඩර් කෙනෙක් චානා … මට පොරව දෙතුන් වතාවක්ම මුණ ගැහිලා තියෙනවා ……..”
චානක කිසිත් නොපවසා උන්නේය.
” ඌ එහෙම අවුල් පොරක් නෙවෙයි බිස්නස් වලදී.. අලුත් අවුරුද්දේ පොර අපේ කම්පැණි එකට තව ඉන්වෙස්ට් කරන්න උන්නේ ..”
මන්දාරම් ඔහු සතුවූ බිඳීම සඟවාගන්නට නොහැකි සෙයින් , හඬ බිඳී යෑම ගැන නොසිතාම එලෙස කීවේය. චානක එයටද කිසිත් කීවේ නැත.
” එතකොට ඌ මැරි කරන්න උන්නේ කියලාත් උඹ දන්නවාද ?…”
ඔහු මන්දාර්ම්ගේ නිහඬ බව අවසන් කරන්නට සිතා විමසුවේ ඉන් පසුවය. මන්දාරම් තමා එවැන්නක් නොදන්නා බව කියන්නට හිස සැලුවේය.
” මේක බිස්නස් ඩීල් එකක් වෙනුවෙන් ගහපු ගේමක්ද බං …?”
චානක ඔහුට වැටහුණු කතන්දර කිහිපය ඉක්මනින් එකට පූට්ටු කර මැවුණ චිත්‍රය පදනම් කරගෙන එලෙස විමසුවේ මන්දාරම්ගේ දෑස් නලලට වැටෙද්දීය. ඔහු චානක පැවසූව පිළිගැනීමට අකමැතිවා මෙන් බලා උන්නේය.
” එකක් නෙවෙයි බං .. මේ ඔක්කොම සෙල්ලමක් වෙන්න පුලුවන්… දිලුම්, නිම්නාවී, පසන් ඔය ඔක්කොමලා මේ සෙල්ලමේ ප්ලේයර්ස්ලා වෙන්නත් පුලුවන්… නැන්දාව ඇක්සිඩන්ට් කරවපු තැන ඉඳන් හැම සිද්දියක්ම එකට එක ගැලපෙනවා වෙන්නත් පුලුවන් බං …”
මන්දාරම් අසුනෙන් නැගිට ඇවිද්දේය. චානක ද නැගිට ඔහු අසලට ආවේය.
” ඒකි ගේම් එකක් ප්ලේ කරා නෙවෙයි චානා …”
” හරි බං.. වෙන්නැති .. ඒකි ආව කාරණේ අස්සේ ඒකිගේ හිත උඹට ඇලෙන්න ඇති .. එහෙම වෙන්න පුලුවන්නේ බං … එක තත්පර දෙකක වෙනසින් අපිට වෙන කෙනෙක් ගැන හැඟීම් දැනෙන්න පුලුවන් බං .. ඒකි උඹට යම් ග්ලාන්ස් එක්ක පෙන්නන්න ඇති … ඒත් තෝරගන්න නියමිත වෙලාව ආවහම, ඒකි උඹ වෙනුවට පසන්ව තෝරගෙන බං …”
චානක මන්දාරම්ගේ හිත පාරවමින්ම කීවේය. මේ තුවාල ඉක්මනින් සුව වන්නට නම්, ඒවා යලි යලි කිහිපවරම් පෑරීම කම් නැති බව චානක සිතුවේය.
” උඹ දන්නේ නෑ බං ඒක … නිම්නාවී එහෙම නෙවෙයි බං …”
” හනේ මේ .. මෙච්චර දෙයක් කරලා තියෙන බව ඇස් පනාපිට පෙනි පෙනීම ඇයි බං උඹ ඔහොම කතා කියන්නේ ?…ඇයි ?…”
මන්දාරම් සහ චානකට යලි සාද පරිශ්‍රය වෙත යෑමට සිදු විය. චානක පසන් සම්ඟ නිම්නාවී උන් තැන සොයාගෙන උන්නේය. මන්දාරම් පැමීනෙන්නේ නැති වුවද තමා හෝ ගොස් නිම්නාවීට ඇය දමා ගෙන උන් වෙස්මූණ තමන් ඉදිරියේ ගැලවුණු බව පවසා එන්නට ඔහු හිතා උන්නේය. මන්දාරම් සියල්ල දැනගෙන අවසන් බව පවසන්නට සිතා උන්නේය. එහෙත්, ඒ වෙනුවෙන් ඇය සිටි දෙස්සට යන්නට පහසු වූයේ නැත.
මන්දාරම් ඔහුගේ පාලනයෙන් පිටත සීමාව අමතක කර උන්නේය. මත්පැන් පානය නවතාගන්නට හැකි වූයේ නැත. ඔහු උන්නේ බලාපොරොත්තු අතිශය අපහසු ලෙසින් බිඳි ගොසින් ය.
මෙතරම් කල් වූයේ නිම්නාවී, තමාට කිසිත් නොපවසා අතුරුදන් වීමේ වේදනාවය. ඇය යලි හමුවූ පසු දැනෙන ප්‍රහර්ෂණීය හැඟීමේ වින්දනයය. එහෙත් දැන් තමා වට ඇත්තේ බලාපොරොත්තු බිඳී යාම් පමණක්ම මන්දාරම්ට වැටහෙයි. සිතින් පසෙකට ඇද දමන්නට උත්සාහ කලද, පසන් ගේ එක් පසෙකින් ඇවිද ගිය නිම්නාවීගේ රුව ඔහුට අන් සියල්ල අතරේ මැවුණි.
” ඔහොම හිටපං ……………”
මන්දාරම් එක්වරම අසුනෙන් නැගිටින්නට සූදානම් වෙද්දී , චානක ඔහු නවතා ගත්තේය. මෙවෙලෙහි මන්දාරම් ඔහු වටා වන කතන්දරය නිරාවරණය විය යුතු නොහේය. හොඳම දේ මෙවෙලෙහි සියල්ලන්ටම සාමාන්‍ය ලෙසින් සිටින්නට දිමය.
” කලබල නොවී හිටහං .. උබ ඔතන ගිහිල්ලා මොක කියලා කෑ ගැහුවත්, ඔතන ඉන්න එක මිනිහෙක්වත් ඒ කතාව විශ්වාස කරන්නෙ නෑ බං…”
” මට තේරෙන්නේ නැහැ චානා …”
” ඉවසපංකෝ හොඳ එකා වගේ …අපි බලමු නිම්නාවී මොකාටද මේ එන්නේ කියලා..හරිනේ ?…”
අපේක්ෂා ගුණරත්න
ReplyForwardAdd reaction |