අපරාධ සහ මිනීමැරුම් ගැන කතන්දර අපි ඕනෑ තරම් ඔබ එක්ක බෙදාගෙන තියෙනවා. අද මේ කියන්න යන කතාවත්, ඉතිහාසයේ ඉතාම අපැහැදිළි තීණ්දුවක් එක්ක ලියැවිලා තියෙන කතාවක්. ඔබ දන්නවානේ, සාමාන්‍යයෙන් ඕනෑම අපරාධයකට පස්සේ අපරාධකාරයා උත්සාහ කරන්නේ තමා නිදොස් වෙලා නිදහස් වෙන්න. ඒ වෙනුවෙන් ඇතැම් අපරාධකරුවන් තමාගේ ස්වරූපය පවා වෙනස් කරගෙන, ගම රට පවා අතැර ගියපු අවස්තා ගැන ඉතිහාසය ඕනෑ තරම් සාක්ෂි කියනවා. ඒ වගේම අපරාධයක් කරන පුද්ගලය්න් සීයකගෙන් අනූ නව දෙනෙක්ම අපරාධ ස්තානයෙන් සෑහෙන ඈතකට පලා යන්න උත්සාහ කරන බවත් විමර්ෂකයන්ගේ වාර්තා වල සඳහන් වෙලා තියෙනවා.
අද අපි ඔබට කියන්න යන්නේ අපරාධකාරියක් බවට පත් වෙලා අවුරුදු විසි හතක් තිස්සේ සිරබත් කන කාන්තාවක් ගැන. තමන්ගේම දරුවන් දෙදෙනා මරා දැමීම වෙනුවෙන් තමයි ඇයව මේ විදියට වරදකරයා කරලා තියෙන්නේ.
” මම මගේ දරුවන් මරා දැම්මේ නැහැ..”
අවුරුදු ගානක් තිස්සේම ඇය එහෙම කිව්වත්, ඇය තවමත් නොකරපු වරදකට දඬුවම් විඳිනවා.
” ඇය කුහුඹුවෙකුටවත් හිංසා කරන තැනැත්තියක් නොවෙයි … ඩාර්ලි ට කවදාවත් ඇගේ දරුවන්ට මෙහෙම අපරාධයක් කරන්න බැහැ …”
ඇගේ නෑදෑයන් සහ මිතුරන් කොයි තරම් එහෙම කිව්වත් ඇයට නිදහස ලැබෙන්නේ නැහැ.
1970 ඇමරිකාවේ පෙන්සල්වියාවේ ඉපදෙන ඩාර්ලි රූටර්ට කුඩා කාලයේ පටන් ලැබෙන්නේ දෙමාපියන්ගෙන් වෙන්ව ලැබුන ජීවිතයක්. ඩාර්ලි කුඩා කාලයේම ඇගේ දෙමාපියන් දික්කසාද වෙනවා. ඩාර්ලි ඇගේ අම්මා සහ අම්මාගේ දෙවන විවාහයේ ස්වාමිපුරුෂයා සමඟ ටෙක්සාස් කියන ප්‍රාන්තයට ගිහින් ජීවත් වෙනවා.
ටෙක්සාස් වල උසස් අධ්‍යාපන කටයුතු සිදු කරමින් ඉන්න අතරේ, අවුරුදු පහළොවේදී ඇයට ඇගේ පෙම්වතා මුන ගැහෙනවා. ඇයට අවුරුදු දහ අට පිරුණම ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. ව්‍යාපාරිකයෙකු වුන ඇගේ පෙම්වතා සාර්තක කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන කෙනෙක් නිසාම ඔවුන් දෙදෙනාට ආර්තික අපහසුතා නැතිව ජීවිතේ පටන් ගන්න ඉඩ ලැබෙනවා.
ඇගේ ස්වාමි පුරුෂයාගේ නම ඩේරි සහ පුතාලා තුන්දෙනාගේ නම් ඩෙවෝන්, ඩීවන් සහ ඩ්‍රේක් වීම හින්දා ඩාර්ලිගේ පවුල ඩී ෆැමිලි කියලාත් හඳුන්වලා තියෙනවා. මේ පවුල ඉතාම සැහැල්ලුවෙන් ටෙක්සාස් වල ජීවත් වෙනවා.
1996 ජූලි මාසේ හය වෙනිදාට පස්සේ මේ සැහැල්ලුව උඩු හුලඟේ ගහගෙන යනවා. හය වෙනිදා පාන්දර දෙකට විතර ටෙක්සාස් පොලිසියේ හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලැබෙනවා.
” මගේ ගෙදරට ආව කෙනෙක් මගේ පිරිමි දරුවන් දෙන්නෙකුටයි මටයි පිහියෙන් ඇනලා පැනලා ගියා.,…”
වේදනාවෙන් එහෙම කියන ඩාර්ලි හැකි ඉක්මනින් පැමිණෙන්න කියලා ආයාචනා කරනවා. පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා සිදුවීම වුන බව කියන ඩාර්ලිගේ නිවෙසට ආවත් ඩාර්ලි සහ ඩේරිගේ පුතුන් දෙදෙනා ඒ වෙනකොටත් මිය ගිහිල්ලයි තියෙන්නේ. ඔවුන්ගේ අත් වල සහ ගෙලේ පිහි පාරවල් තියෙනවා.
” මමයි පුතාලා දෙන්නයි පහල තට්ටුවේ හිටියේ.. ඩේරි අනෙක් පුතා එක්ක උඩ තට්ටුවේ හිටියේ .. කෑ ගහන් සද්දේට එයා පහලට ආවා.. අපි ලේ පෙරාගෙන ඉන්න විදිය දැක්කම එයා කලබල වෙලා, උදව් ඉල්ලගෙන එන්නම් කියලා ඩේරි එළියට ගියා .. මම පොලිසියට කෝල් කරේ ඒ වෙලාවේ ….”
ඩාර්ලි පොලිසියට කෑ ගහලා කියනවා. පොලිසිය ඇයව රෝහල් ගත කරලා මුලු නිවෙසම පරික්ෂා කරනවා.
” ඩාර්ලි පිටතින් පැමිණි අයෙකු ඔවුන්ට පහරදුන් බව කිව්වත් , නිවසේ කිසිම තැනකින් පිටස්තර ඇඟිලි සලකුනක්වත්, පිටස්තටර ඩීඑන්ඒ සැකසුමක් සඳහා වන සාක්ෂියක්වත් මුන ගැහුණේ නැහැ. ඒ වගේම බාහිර ඇතුල්වීමක් ගැන සාක්ෂි ලැබුනෙත් නැහැ …’
විමර්ෂකයන් ඔවුන්ගේ වාර්තා වල සඳහන් කරනවා.
පොලිසිය දිගින් දිගටම පරීක්ෂණ කරගෙන යනවා. අවසානයේදී සිදුවීමෙන් දින දොලහකට පස්සේ දරුවන් දෙදෙනාව මරා දැමුවාට වරදකරු කරමින් මේ ඩාර්ලි රූටර්ව අත් අඩංගුවට ගන්නවා. මේ අත් අඩංගුවට ගැනීම ගැන ඇයගේම ස්වාමිපුරුෂයා වගේම හිතවත් අයත් ඉතාම කම්පනයට පත් වෙනවා.
” එයා එහෙම කෙනෙක් නෙවෙයි .. හරිම අහිංසක කෙනෙක් …”
ඩේරි පොලිසියට කියන්නේ බොහොම විශ්වාසෙන්. ඒත් පොලිස් වාර්තා වඩා ප්‍රබල වෙනවා.
” අපට ඩාර්ලි ගැන පලවෙනි සැකය ආවේ ඇය පොලිසියට ඇමතුමක් ලබා දුන්න වෙලාවෙයි. අපි ඇගෙන් ඇහුවා කුමක්ද සිද්ද වුනේ කියලා.. ඇය කිව්වේ ඇය සෝපාවේ හාන්සි වෙලා ඉන්නකොට, එකපාරටම නිවසට ආව කෙනෙක්, ඇගේ නිවසේ කුස්සියට ගිහිල්ලා පිහියක් අරගෙන ඇවිල්ලා ළමයි දෙන්නාට ඇනගෙන ඇනගෙන ගියා කියලා.. ඇය ඒ ආගන්තුකයා එක්ක සටන් කරනකොට ඇයටත් තුවාල කරලා ඔහු පැනලා ගිය බවත් ඇය කිව්වා …”
” …………ඊට පස්සේ අපි ඇහුවා ඒ පිහිය නිවසේම දාලා ගියාද ? එහෙම නැත්නම් අපරාධකරුවා පිහිය අරගෙන ගියාද කියලා…එතකොට ඇය කිව්වා පිහිය කුස්සිය ළඟම දාලා ගිහින් තිබුනේ කියලා.. එතකොට අපි කිව්වා ඇයට කිසිම හේතුවක් නිසා පිහිය අල්ලන්න එපා කියලා… නමුත් අපි යනකොට ඇය පිහිය අතට අරගෙන තිබුනේ..
අ…………..අපි ඇගේ නිවසට ගියාට පස්සේ නිරීක්ෂණය කරා නිවස පුරා තැනින් තැන ලේ වැගිරිලා තිබුණත් නිවසින් පිට කිසිම තැනක ලේ පැල්ලමක්වත් නොතිබුන බව. අදාල පුද්ගලයා නිවසින් එලියට ගියානම් අනිවාර්යෙන්ම එලියේ ලේ පැල්ලමක්වත් තියෙන්නම ඕනි බව අපට පැහැදිලියි …”
පොලිසිය තවදුරටත් කරුණු කියනවා.
“ඒ වගේම දරුවන්ට පහර දුන්න පිහිය බිමට විසි කරලා අපරාධකරුවා දිව ගියා නම් රුධිර බිඳිති අවට විසිරෙන්න ඕනි පිළිවෙලක් තියෙනවා…. අපට නිරීක්ෂණය වුන විදියට පිහිය ගෙනල්ලා ඉතා සෙමින් එතනින් තියලා තියෙන වග තමයි කියන්න පුලුවන් වෙන්නේ ……
………… ඒ වගේම ගේ පුරා විසිරිලා තියෙන ලේ ගැන විෂ්ලේෂණය කරාම, කවුරු හරි කෙනෙක් ඉතාම සීරුවෙන් බින්දු විදියට ලේ වත් කරලා තියෙන අබ්ව පැහැදිලිව කියන්න පුලුවන් ……….
……..ඒ වගේම ඇය කියන්නේ අපරාධකරු කුස්සිය ආවරනය කරලා තියෙන රබර් ශීට් එක අතේ තිබුණ පිහියෙන් ඉරාගෙන ගිය බව ඇය කිව්වා. අපරාධයක් කල කෙනෙක්, එහෙම පිට වුනානම්, ඔහු ඇතුලු වුන තැනකුත් තියෙන්න ඕනි . ඒත් ඩාර්ලි ඒ ගැන මුකුත්ම කිව්වෙ නැහැ. ඒ වගේම පිහියෙන් රබර් ශීට් එක ඉරලා, ආයෙම කුස්සිය ඇතුලට ඇවිල්ලා පිහිය බිමින් තියලා යන්න තරම් ඉවසීමක් අපරාධකාරයාට තිබුනා කියලා හිතන්නත් බැහැ…”
මෙන්න මේ විදියට සාක්ෂි ඔක්කොම ඩාර්ලිට විරුද්ධව තමයි යෙදිලා තිබුණේ. ඇය දිගින් දිගටම තමා ඒ වරද නොකල බව කිව්වත්, පොලිසිය කිව්වේ ඇය මානසික රෝගයකින් පෙලෙන බවත්, එනිසා තම දරුවන් මරා දමලා මේ විදියට හැසිරෙන බවත්.
ඒ කොහොම වුනත්, පොලිසිය විසින් ඇයට තිබෙන බව පැවසූ මානසික රෝගය මේ අවුරුදු විසි හත පුරාවටම මතු වෙලා නැති බවත් කියන්න ඕනි.
ඇය අත් අඩංගුවට ගත්තත්, පොලිසිය විමර්ෂණ කටයුතු නවත්තන්නේ නැහැ. 2002 අවුරුද්දේදී ඇගේ නිවසේ එක් තැනකින් නන්නාදුනන ඇඟිලි සලකුනක් හොයාගන්නවා. ඒත් ඒ ඇඟිලි සලකුනේ අයිතිකාරයෙක් හමු නොවෙන නිසා ඒ සාක්ෂියේ වටිනාකමක් නැතුව යනවා.
” මේ සිදුවීම උන දවසේ හවස මම දැක්කා පිරිමි දෙන්නෙක් ඩාර්ලිගේ ගෙදර දිහා බලාගෙන ඉන්නවා..”
අසල්වැසි කාන්තාවකගේ සාක්ෂිය පස්සේත් පොලිසිය හඹා යනවා. ඒ වගේම පොලිසියට දැනගන්න ලැබෙනවා යම් පුද්ගලයන් කිහිප දෙනෙක් ඇගේ නිවස ගැන තොරතුරු සොයමින් ඒ ප්‍රදේශයේ සැරි සරපු බවත්. නමුත් ඒ කිසිම සාක්ෂියක් ඩාර්ලි නිර්දෝෂී බව ඔප්පු කරන්නේ නැහැ.
තමන්ගේම දරු දෙදෙනාත් අහිමි වෙලා, ජීවත්වන ස්වාමිපුරුෂයා සහ දරුවාගෙන් වෙන් වෙලා අවූරුදු 28 තිස්සේ ඩාර්ලි තවම සාධාරනය බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා.
” ඇය මම දන්න ඉතාම අහිංසක කාන්තාව.. මම ඇය නිදහස් වෙලා එනකල් බලාගෙන ඉන්නවා…”
ලෝකයම ඩාර්ලිට එරෙහි වෙලා ඉන්නකොට, ඩාර්ලිගේ ස්වාමිපුරුෂයා මාධ්‍යවේදියෙක් එක්ක පැවැත්වුන කතාබහකදී එහෙම කියනවා.
ඉතින්, සාක්ෂි වල ප්‍රබල වීම ඇත්තටම ඩාර්ලිට අසාධාරනයක් කරාද කියලා දැනගන්න අපිට තව කල් බලාගෙන ඉන්න වෙනවා.
ReplyForwardAdd reaction |