මුළු රටක හීන හැබෑකරන්න යන කෙල්ලෙක්ගෙ කතාවක්

අද අපි කතාකරන්න යන්නෙ රූප සුන්දරියක් ගැන. හැබැයි මෙයා අගතැන්පත් රූපයෙන් විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් රූප රැජිණ තරඟයක් කියලා කිව්වම අපිට මතක් වෙන්නෙ හරිම ලස්සන ගෑණු ළමයෙක්වනෙ. අපි හිතනවා රූප රැජිණියක් වෙන්න ගෑණු ළමයෙක්ට තියෙන්න ඕන එකම සුදුසුකම වෙන්නෙ ලස්සන රූපයක් විතරයි කියන එක. ඒ උනාට රූප ලස්සනටම බුද්ධිමත්ක්මත් එක්කහු වුනාම ඒ ගෑණු ළමයගෙ තියෙන ලස්සන වගේම වටිනකමත් තව තවත් ඔප මට්ටම් වෙනවා.

අන්න ඒ වගේම රූපයෙන් වගේම බුද්ධියෙනුත් ඔප මට්ටම් වුණ ලස්සනම ලස්සන Miss Sri Lanka කෙනෙක් ගැනයි අද මේ කතාබහ.

මේ නම දැනටමත් ඔයාලා දන්නවා. අහලා තියෙනවා. එයාව දැකලා තියෙනවා. අවුරුදු 24ක් වයස, කැළණිය විශ්ව විද්‍යාලයෙන් International Studies වලට තමන්ගෙ මූලික උපාධිය ලබාගත්ත මේ කියන ලස්සන ගෑණු ළමයා 2024 Siyatha Miss World Sri Lanka තරගයේ කිරුළ දිනාගන්නත් සමත් වෙනවා.

මේ දිනුම පිටිපස්සෙ තියෙන්නම ලස්සන රූපයක්ම විතරක් නෙවෙයි. අවුරුදු ගණනාවක dreaming, planning, struggling, and rising. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි 2024 Siyatha Miss World Sri Lanka වුන අනුදි ගුණසේකරගෙ කතාව.

අනුදි කියන්නෙ කොළඹ සරුව පිත්තල ලයිට් අස්සෙ ඉපදිච්ච කෙල්ලෙක් නෙවෙයි. අනුදිගෙ ගම අනුරාධපුරේ. අනුදිගෙ අම්මාට තිබුනෙ පුංචි බියුටි සැලොන් එකක්. තමන්ට ලස්සන දුවෙක් ඉන්දැද්දි තව ලස්සන ගෑණු ළමයින්ගෙ හැඩ වැඩ ඔප මට්ටම් කරන්න අනුදිගෙ අම්මට ලොකු හැකියාවක් තිබුණා.එතනදි තමයි අනුදි මුලින්ම මේ ලස්සන කියන දේ අත්වින්දෙ. තමන්ගෙ අම්මගෙ මැවුම්කාර අත් දෙකෙන් හැඩවෙලා සන්තෝසෙන් පිටවෙලා යන ගෑණු ළමයින්ගෙ ලස්සන අනුදි ඇස් දෙකෙන්ම දැක්කා.

ඒ ලස්සන එලියට පේන ලස්සනක් විතරක්ම නොවන බවත්, අම්මා මේ ලස්සන කරන්නෙ දහසක් ගෑණු ළමයින්ගෙ ආශාවල් කියන එකත් අනුදි තමන්ගෙ ඇස් දෙකෙන්ම දැක්කා.

කලින් කිව්ව වගේ අනුරාධපුරේ ඉපදිච්ච අනුදි කියන්නෙ industry එක ඇතුලෙ contacts තිබ්බ, shortcuts වලින් ගොඩ ගිය, ලොකුම ලොකු social media following එකක් තිබුන කෙනෙක් නෙවෙයි. ලොකු හීන දැක්ක, ඒ හීන හැබෑ කරගන්න කැපවෙච්ච හිත හයිය කෙල්ලෙක්.

ඒ 2020 අවුරුද්දෙ. තමන් කරපු casual shoot එකක photos social media දාන්න අනුදි හිතුවෙ නිකමට වගේ. ඒත් ඒ නිකමට වගේ දාපු පින්තූර වලින් ලංකාවෙ ගොඩක් අයගෙ ඇස් තමන් වෙත ඇදගන්න අනුදිට පුලුවන් වුනා.එක එක විදියෙ offers ආවත් තමන්ගෙ අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා උන්න අනුදි full focus එක දුන්නෙ තමන්ගෙ studies වලට.කොච්චර ලොකු හීන තිබ්බත්, කොච්චර ලොකු අවස්තා අතටම ආවත් පය බිම ගහලා ලෝකෙ reality එක ඇත්තටම විඳින කෙල්ලෙක් විදියට අපිට අනුදිව හඳුන්වන්න පුලුවන්.

2017 අවුරුද්දෙ Miss World වුන මනුශි චිල්ලාර්ව ඔයාලට මතක ඇති. අනුදිට තමන්ගෙ හීන හැබෑකරගන්න ලොකුවටම හේතු වුනෙත් අන්න ඒ මනුශිම තමයි. “මනුශිට පුලුවන් නම් මටත් පුලුවන්” කියල හිතපු සිතුවිල්ල තමයි අද අනුදිව මුලු රටක් “Miss Sri Lanka” විදියට පිළිගන්න තැනකට අරගෙන ආවෙ.

Exams, responsibilities, self-doubt වගේ ජීවිතේ තව තව දේවල් ගොඩක් අස්සෙ අනුදි තමන්ගෙ හීන දකින එක, ඒ හීනෙ කරා යන පාර කපාගන්න එක අමතක කරේ නෑ. එහෙම ඉද්දි තමයි 2024 අවුරුද්දෙ Siyatha Miss World Sri Lanka තරගය වෙනුවෙන් applications call කරන්නෙ. අනුදි දෙපාරක් හිතන්නෙ නෑ. මේ තමයි තමන්ගෙ අවස්තාව කියල තේරුම්ගන්න අනුදි මේ තරගයට තමන්ගෙ application එක යවනවා. ඒ විදියට පටන් ගත්ත ගමන අනුදි අවසන් කරන්නෙ ජුලි මාසෙ 29 වෙනිදා Siyatha Miss World Sri Lanka විදියට කිරුළු පලඳින ගමන්.

තමන් වෙනුවෙන් විතරක් නෙවෙයි, ඒ වගේ ලොකු හීන දකින පුංචි කෙල්ලො දහස් ගානකගෙ හිතේ විශ්වාසයේ අංකුරයක් පැල කරන ගමන්.

ලස්සන වෙන ඒක පහසුයි. ඒත් bold, kind, and fearless වෙන එක? ඒක එච්චර ලේසි දෙයක් නෙවෙයි. අනුදිව විශේෂ වෙන්නෙ අන්න ඒ හන්දමයි. රූපයෙන් වගේම බුද්ධියෙනුත් අගතැන්පත් අනුදි කියන්නෙ මනුස්සකම හිතේ පුරෝගත්ත කෙල්ලෙක්. ඒකට හොඳම උදාහරණය තමයි අනුදිගෙ සහේලි පදනම. ඔසප් දරිද්‍රතාවයෙන් පීඩා විඳින ලංකාවෙ කාන්තාවන් වෙනුවෙන් ඔවුන්ට සහන සලසන්න අනුදි ආරම්භ කර පදනමක් තමයි සහේලි කියලා කියන්නේ.

සමහර අය තමන්ගෙ catwalk එක perfect කරගන්න උත්සහ කරමින් ඉන්න වෙලාවක අනුදි මහන්සි උනෙ ලංකාවේ මේ period poverty කියන එකෙන් දුක්විඳින කීප දෙනෙක්ගෙ හරි ජීවිතේ මොන විදියකින් හරි perfect කරන්න මහන්සිවෙන ගමන් sanitary pads, underwear වගේ දේවල් donate කරන ගමන්.

ඉස්කෝල, බන්ධනාගාර, ළමානිවාස වගේ දේවල් වලට යන ගමන් “කැමරාව ඉස්සරහ විතරක් ඒ වගේ දේවල් කරන” කෙනෙක් නොවී ඇත්තටම ඒ මිනිස්සුන්ගෙ දුක බෙදාගන්න, ඒවට සහනයක් දෙන්න අනුදි නිරත්තරයෙන් මහන්සි උනා ඒ වගේම අදත්, හෙටත් එයා මහන්සි වෙනවා.

ලෝකෙ කොච්චර දියුණු උනත් ලංකාව වගේ රටවල් තාම period poverty කියන එකෙන් දුක් විඳින බව පිළිගන්න වගේම ඒක බය නැතුව කතාකරන්න තරම් මේ ලස්සන ගෑණු ළමයගෙ හිතේ තිබුණ එක ඇත්තටම කාන්තාවන් විදියට අපි ආඩම්බර වෙන්න ඕන දෙයක්. Podcast එකකදි අනුදි periods ගැන කතාකරපු එක මිනිසුන්ට එයාට හේතුවෙන්න හේතුවක් උනත් ඒ කිසිම දේකින් සැලුනෙ අනුදි නෙවෙයි. එයා දිගටම තමන්ගෙ සටන කරගෙන ගියා. ඒ වගේම තමන්ගෙ විශ්ව විද්‍යාලයේ final research එකට අනුදි තෝරගෙන තිබුනෙ වෙනස්ම විදියෙ topic එකක් – marital rape laws in Sri Lanka කියන්නෙ බහුතරයක් දෙනා කතා නොකරන topic එකක්. කතා නොකරනව කියන එකේ අදහස එහෙම දෙයක් වෙන්නෙ නෑ කියන එක නෙවෙයිනෙ. අන්න ඒ නිසාමයි අනුදි ඒ ගැන තමන්ගෙ final research එකේ කතාකරන්න පටන් ගන්නෙ.

මේ හැම දෙයක්ම අස්සෙ අනුදි දැන් සූදානම් වෙන්න ලෝක රූ රැජිණ කිරුළ ලංකාවට අරගෙන එන්න.

ලස්සන ඇඳුම්, photoshoot දාහක් අස්සෙ තාමත් අනුදි ගුණසේකර කියන්නෙ අර මනුස්සකම් පිරිච්ච, ලස්සන වගේම බුද්ධියෙනුත් ඉතිරිච්ච කෙල්ලෙක්.

ඉතින් ඒකම හේතුවක් නෙවෙයිද ලෝක රූ රැජිණ කිරුළ අපිට හම්බුවෙන්න නේද?

අනුදි ඔයාට සුබම සුබ පැතුම්.

ඔයාගෙ හීනෙ තමයි අපේ මුලු රටේම හීනෙ.

ඒ හීනෙ දිනලා එන්න Smartlady අපි ඔයාට මුලු හදවතින්ම wish කරනවා!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles