බෙඩ් ටයිම් ස්ටෝරි – 7

0
965

කතන්දර අහන්න ආසා පොඩ්ඩෝ ඉන්න, ඒත් පොඩ්ඩන්ගේ ඉල්ලීමේ තරමටම තමන්ගෙ කතා ගබඩාවෙ කතාන්දර නොමැති අම්මලාගෙ සහායටයි අප ඉන්නේ. විනාඩි කිහිපයකින් අපේ වෙබ් අඩවියට ගිහින් ඉක්මනින්ම රසවත් කතාවක් බලාගන්න. ඔයාගේ රසයෙන් කියන්න.පොඩ්ඩාගෙ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරනීය කතාන්දර මතින් ගොඩ නැංවෙනු ඇති.

ටිනී කියන්නෙ පුන්චි ගේ කුරුල්ලෙක්. එයා හරිම පොඩියි. සීතල කාලෙට සීතල දේශගුනයක් තියෙන පිටරටවල ඉඳලා සංචාරක කුරුල්ලෝ ලන්කාවට එනවා. ඉතින් අන්න එහෙම ආව කුරුලු රන්චුවක හිටිය ලස්සන පොඩි කුරුලු පැටියෙක් තමා මිමී කියන්නෙ. මිමී සහ ටිනී අහම්බෙන් හමුවුනේ මිමිව කන්ඩායමෙන් මග හැරුනු වෙලාවක. ඉතින් ටිනී එයාගෙ අම්මලගේ සහාය අරන් මිමීට එයාගෙ කන්ඩායමයි අම්මයි තාත්තයි හොයලා දුන්නා.

ඔන්න එදා ඉදන් ඒ දෙන්නා ගොඩාක් යාලුයි. ටිනී මිමීව එයා දන්න නොදන්න හැම තැනකටම එක්කගෙන ගියා. රස පලතුරු හොයලා දුන්නා. සෙල්ලම් කලා. අපේ රටේ කතාන්දර කියලා දුන්නා. මිමී ඇවිත් ඉන්නේ ඈත සීත රටකින් නෙ. එයා සන්චාරක කුරුල්ලෙක්. එයා ලෝකෙ රටවල් ගොඩක් දැකලා තියෙනවා. ඉතින් ඒ රටවල් වල විස්තර, මුනගසුනු මිතුරන් ගැන මිමී කියන රස විස්තර අහන ටිනීටත් හිතුනා සන්චාරය කරන්න. මිමී ආපසු යායුතු කාලය ආවා. එයා එක්ක තව යාලුවෙකුත් සූදානම් වෙලා ඉන්නවා කියලා මිමීගේ කන්ඩායම දැක්කෙ පිටත් වෙන්න ආසන්නයේ. ඉතින් එයාලට ඒ ගැන මුකුත්ම කියන්න වෙලාවක් තිබුනේ නැහැ. එහෙත් කන්ඩායමේ නායකයා ටිනී තම කන්ඩායම සමග පැමිනීම ප්‍රතික්ශේප කලා. ටිනී සන්චාරයට පුරුදු නැති කෙනෙක් ගමනට එකතු කරගැනිම සුදුසු නැහැ කියලා එයා දැනගෙන හිටියා. අනික ටිනීගෙ අම්මයි තාත්තයි .එයාලට දුකයිනෙ ටිනි නැතිව ඉන්න. නායකයා හිතුවේ එහෙම. ටිනීටයි මිමීටයි හරිම දුකයි. දෙන්නා වෙන්වෙන්න බැරිතරමටම හොඳ යාලුවෝ වෙලා. අම්මලා දුක් වෙන්නෙ නැහැ මම රට තොට බලාගෙන ආවට. ටිනී හිතුවේ එහෙම.

කන්ඩායම අහසට නැගුනා. එයාලා එක්ක යන්නෙ නැතුව ටිනී එක්ක යන්න මිමී හිතුවා. මිමීගෙ රට ට නැව් යනවා කියලා එයා දන්නවා. මුහුද මැදින් ඉගිලෙද්දි එයාගෙ රටේ නැව් එයාට හමුවෙලා තියෙනවා. ඉතින් එයාලා යාලු කුරු ල්ලන්ගෙන් පාර අහගෙන නැව් තොටට ආවා. මිමීට එයාගෙ රටට යන නැවක් හොයාගන්න අපහසු වුනේ නැහැ. දෙන්නම හොඳින් ආරක්ශිත තැනක වාඩිවුනා .ඔන්න ඉතින් හරිම ලෙහෙසියෙන්ම මිමී ටිනීව එයාගෙ රටට එක්කගෙන ගියා. එයාලව දැක්ක ඔක්කොම පුදුම වුනා විතරක් නෙවේ ලොකු උත්සවයකුත් තිබ්බා එයාලව පිලිගන්න.

– චම්මි –