බෙඩ් ටයිම් ස්ටෝරි-15

0
992

බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි …..

කතන්දර අහන්න ආස පොඩ්ඩෝ ඉන්න ,ඒත් පොඩ්ඩන්ගෙ ඉල්ලීමේ ඒ තරමටම තමන්ගේ කතන්දර ගබඩාවේ කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.

අන්දරේගේ කතා 3

අන්දරේ රජ වාසලේ ඉඳන් හැමදාම ගෙදර එන්නේ රෑ බෝ වෙලා.ඉතින් අන්දරේගේ හාමිනේට අන්දරේ එනකන් ඉන්න වෙන්නේ බඩගින්නේ.ඒ නිසා හාමිනේ අන්දරේට කිව්වා රෑ වෙන්නේ නැතුව ඉක්මනින් ගෙදර එන්න කියලා.අන්දරේ හාමිනේට මෙන්න මෙහෙම කිව්වා .හාමිනේ මම එනකන් බඩගින්නේ ඉන්න ඕනෙ නැහැ .මම ඇවිල්ලා බත් බෙදාගෙන කන්නම් කියලා .ඒත් හාමිනේ කිව්වා අන්දරේ නැතුව එයාට කෑම කන්න බැහැ කියලා.අදවත් ඉක්මනින් ගෙදර එන්න කියලා හාමිනේ කිව්වා.අන්දරේ රජවාසලට ගියා.
හැමදාම වගේ එදත් අන්දරේ ගෙදර එන්න ගොඩක් රෑ වුණා.හාමිනේ ට හරිම කේන්තියි.ගොඩක් වෙලා අන්තරේ එනතුරු බලං හිටියා.හාමිනේ හිටියේ බඩගින්නේ.ඒ විතරක් නෙවෙයි හාමිනේට නිදිත් මතයි.හාමිනේ හිතුව හැමදාම පරක්කු වෙන නිසා අන්දරේට අද නං හොඳ පාඩමක් උගන්නන්න ඕන කියලා.
හාමිනේ බඩ පිරෙන්න බත් කෑවා.ගෙයි දොර අගුල් දැම්මා.ලාම්පු නිවලා හොඳට නිදාගත්තා.
ටික වෙලාවකින් අන්දරේ කළුවරේ ම ගෙදර ආවා.ඒ වෙලාවේ ම මහ වැස්සකුත් ඇඳ හැරෙන්න පටන් ගත්තා.වැස්සෙ තෙමි තෙමීම අන්දරේ ගෙදර එළිපත්තට ගොඩ උනා.හාමිනේ පේන්නෙ නැත්තෙ මොකද කියල හිතුවා.ඒ මදිවට ජනෙල් දොරවලුත් වහලා.ලාම්පු වත් නිවලා.අන්දරේ හයියෙන් හාමිනේට කතාකලා.ඒත් හාමිනේ ගෙන් සද්දයක් නැහැ.අන්දරේ ඒ පාර මෙන්න මෙහෙම කියන්න පටන් ගත්තා .මා ප්‍රිය සොඳුරේ මං ඔයාට පැනි කැවුම් පැණි කැවුම් මුං අග්ගලා අරන් ආවා.ඉක්මනට දොර අරින්න කියලා කිව්වා.හාමිනේ ජනේලය ක් ඇරියා .දැන් ඈ වෙන්න ලඟ නිසා ඔහොම්මම ඉන්න කියලා හාමිනේ කිව්වා.හාමිනේට හොඳ පාඩමක් උගන්වන්න අන්දරේ හිතාගත්ත.එළියෙ තියෙන ළිඳ ළඟට ගිය අන්දරේ හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා.හාමිනේ සලකන්නෙ නැති නිසා ලිඳට පනිනවා කියලා කිව්වා.ඒත් හාමිනෙත් දොර ඇරියෙ නැහැ.ලොකු කළු ගලක් අරගෙන අන්දරේ ලිඳට අත ඇරියා.ගහක් අස්සේ හැංගිලා බලාගෙන හිටියා.හාමිනේ හිතුවේ අන්දරේ ඇත්තටම ළිඳට පැන්න කියලා.හාමිනේ කලුවරේම දොර ඇරගෙන එළියට පැන්නා.මහා හයියෙන් විලාප දෙන්න පටන් ගත්තා.ගමේ මිනිස්සු ඔක්කොම දුවගෙන ආවා.ඒ අතරෙ අන්දරේ ඉක්මනින්ම ගෙට රිංග ගත්තා.ළිඳට බැහැලා බලපු මිනිස්සුන්ට ලොකු කළු ගලක් තමයි හම්බ වුනේ.හාමිනේට වුණු වැඩේ තේරුණා.ඒ විතරක් නෙවෙයි එළිවෙනකම් එළියට වෙලා ඉන්නත් වුණා.

-චම්මි-