ඔබ ඉංග්‍රීසි නවකතා කියවනවා නම් මේ පොත් මඟහරින්න එපා

0
3238

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නොබෝ දිනකින් ඇරඹනවා. අතට අහුවෙන හැම පොතම ගන්න ගියොත් ඔබට අවශ්‍ය ලස්සනම පොත් ගන්න තිබෙන අවස්තාව මඟ හැරේවි. ඒ නිසා මේ සුන්දර පොත් කිහිපය ඉංග්‍රීසි බසින් පොත් කියවන පාඨක ඔබට පිටිවහලක් වේවි.

Rogue Lawyer – John Grisham

ත්‍රාසජනක නවකතා කියවීමට කැමති ඔබට වශේෂයි. Sebastian Rudd  නම් අසාමාන්‍ය නිතිඥවරයා ඇසුරෙහි දිගහැරෙන මෙම කතාව මෙම වසර මුළුල්ලේම The New York Times Bestsellers  2016 Book List පළමු තැන රැකගන්නට සමත්වුණා.

The Girl on the Train – Paula Hawkins

Rachel නම් තරුණියක් වටා ගෙතෙන මෙම කතාව පසු ගිය වසර කිහිපය තුලදී සමස්ත පාඨක සමාජයම කැළඹූවකි. Psychological thriller ගණයට අයත් මෙම කෘතිය ඇසුරෙන් නිමවු චිත්‍රපටය ලබන මසදී එළි දැක්වීමට නියමිතයි.

Me Before You – Jojo Moyes

රසික හදවත් කඳුළින් නහවන්නට සමත්වූ මෙම කෘතිය ඇසුරින් කල සිනමා පටය ලොවම ආදරයෙන් මුසපත් කළා. Will Traynor සහ Louisa Clark නම් පෙම්වතුන් යුවලගේ අසාමාන්‍ය ආදර කතාව ඔබට වෙනස්ම අත්දකිමක්වේවි.

After You – Jojo Moyes

Will Traynor ගෙන් පසු Louisa Clarkගේ ජීවිතය කෙබඳුද යන්න පාඨක ඔබට මෙම කෘතිය කියවීමෙන් දැනගත හැකවේවි. ආදරය නිමවු විට ජීවිතය තැනක නතරවන්නේ නැති බව අපට නැවතත් පසක් කරන්නට මෙම කෘතිය සමත්වේ.

Shopaholic to the Rescue – Sophie Kinsella

Shopaholic කතා මාලාවට ආදරය කරන ඔබට මෙන්න හොඳ පණිවිඩයක්. මෙය එම කතාමාලාවෙහි අටවැනි කාතියයි.

මෙම පොත් කිහිපයම කිසිඳු බාධාවකින් තොරව ඉක්මනින් කියවිය හැකිවාක් මෙන්ම ඉමහත් ආස්වාදයකින් යුතුයි. මීළඟ වසරේ ජ්‍යාතයන්තර පොත් ප්‍රදර්ශනය තෙක් දූලි වදින්නට තබන්නේ නැතිව ඉක්මනින්ම කියවන්න මෙම පොත් ඔබව උනන්දු කරාවාවි.

– කල්හාරී –