කෑම මේසයේදී අප පිළිපැදිය යුතු යහ පුරුදු බොහොමයක් තිබෙනවා. උපකරණ නිසි ලෙස භාවිතයත් ඊට අදාළයි. සංස්කෘතියෙන් සංස්කෘතියට මේවා තරමක් වෙනස් වූවද බොහොමයක් පුරුදු පොදු ඒවා ලෙස අපට හඳුනාගන්නට පුළුවන්. පිරිසක් ඉදිරියේ ආහාර ගන්නාවිට අපහසුතාවයට පත් නොවී ප්‍රසන්නව ආහාර ගැනීමට ඔබට මග පෙන්වන්නටයි මේ උත්සාහය.
අත් පිස්නා භාවිතය

සුහද භෝජන සංග්රයකදී නම්, ඔබ වාඩි වුණ විගසම අත් පිස්නාව ඔබේ උකුල මත එලා ගැනීම කළ යුතුයි. සත්කාරකයෙක් සිටින අවස්ථාවකදී ඔහු අත් පිස්නාව ඔහුගේ උකුල මත තබා ගත් පසු ඔබ ඔබේ අත් පිස්නාව උකුල මත එලා ගැනීම සිරිතයි. මෙහිදී ගසමින්, වනමින් නවා ඇති අත් පිස්නාව දිග නොහැරිය යුතු අතර එය සෙමින් කළ යුතුයි. ඔබ අතර මඟදී තාවකාලිකව නැගිට යන විට අත්පිස්නාව තබා යා යුත්තේ ඔබ වාඩි වී සිටින පුටුවේයි. ආහාර ගැනීම අවසන් කළ පසු එය ඔබේ මේසයේ වම් පසින් තබා නැගිටීම කළ යුතුයි.
උපකරණ භාවිතය

උපකරණ භාවිත කරන පිළිවෙල වන්නේ “පිටත සිට ඇතුළට” ලෙසයි. ඔබට මුලින් ම ලැබෙන ආහාරය සඳහා ඔබ ගත යුත්තේ ඔබේ පිඟාන දෙපස තබා ඇති හැඳි සහ ගෑරොප්පුවලින් පිටතින් ම එනම් පිඟානට දුරින් ම ඇති යුගලයයි.
ඔබ ආහාර බෙදාගන්නේ නම් සාමාන්‍යයෙන් මුලින් ම සුප් එකකින් ආරම්භ කරනවා. සුප් හැන්ද තරමක් පුළුල් හිසක් සහිත හැන්දයි. ඒ සමග ඔබ පාන් ආහාරයට ගන්නවා නම් කුඩා කැබලි කඩාගෙන ආහාරයට ගත හැකියි.

ඔබ සාමාන්‍යයෙන් දකුණතින් ආහාර ගන්නේ නම් දකුණතින් හැන්ද සහ වම් අතින් ගෑරොප්පුව අල්වා ගත යුතුයි. මෙය අල්වා ගන්නා ක්‍රම දෙකක් තිබෙනවා.


ඔබ පිහිය සහ ගෑරොප්පුව භාවිත කිරීමේදී ගෑරොප්පුව වමතට ගෙන, පිහිය දකුණතට ගෙන, ගෑරොප්පුවෙන් ආහාරය අල්ලා ගෙන පිහියෙන් කුඩා කැබලි වලට කැපීම කළ යුතුයි.
ඒවා ආහාරයට ගැනීමේදී බොහෝවිට නැවත ගෑරොප්පුව දකුණතට ගැනීම සිදු කරනවා.
වීදුරු භාවිතය

ප්‍රමාණයෙන් විශාල බඳුනක් සහිත වීදුරුව ජලය පානයටයි. අනිත්වා වයින් ආදියටයි.
ආහාර ගැනීම ආරම්භ කිරීම

ආහාර ගැනීම ආරම්භ කිරීමට සියලු දෙනාට පිළිගන්වා අවසන් වන තුරු සිටීම සුදුසුයි. නැතහොත් සත්කාරකයා ආරාධනා කරන තුරු සිටීම සිරිතයි.
ආහාර හුවමාරු කිරීම

පුද්ගලයෙකුට විශේෂයෙන් යමක් දීමේදී හැර අනෙක් සෑම අවස්ථාවකදී ම දකුණු පසට හුවමාරු කිරීම සිදු කළ යුතුයි.
ලුණු සහ ගම්මිරිස් හුවමාරු කිරීමේදී සෑම විටම දෙකම එක වර හුවමාරු කිරීම සිරිතයි.
ආහාර ගන්නා අතර විරාමයක දී සහ අවසන් වූ පසු හැන්ද සහ ගෑරොප්පුව තබා ගැනීම
ඔබ ආහාර ගන්නා අතරතුර දී වතුර බීමට හෝ වෙනයම් දෙයකට තාවකාලිකව ආහාර ගැනීම නතර කරන විට හැන්ද සහ ගෑරොප්පුව තබන්නේ මෙසේයි.
ඔබ ආහාර ගැනීම අවසන් වූ පසු හැන්ද සහ ගෑරොප්පුව තබන්නේ පහත පරිදියි.

ආහාර ගැනීමේ සාමාන්‍ය ආචාර විධි

- සපන විට මුව වසා සැපිය යුතුයි. තලු මැරීම කෙසේවත් සුදුසු නැහැ.
- දුරකථන භාවිතයෙන් වැළකීම සුදුසුයි. සාමාන්‍යයෙන් දුරකථනය නිහඬ කර තැබීම සිදු කරනවා.
- ආහාර සපා ගිලීමෙන් පසු පානයන් පානය කිරීම සුදුසුයි. සපමින් යමක් පානය කිරීම ප්‍රසන්න වන්නේ නැහැ.
- ඔබ හැඳි ගෑරොප්පු භාවිත නොකරනවා නම් අත සෝදා ආහාර ගැනීම සිදු කළ යුතුයි.
- ආහාර ගන්නා අතර තුර කතා බහක් සිදු වේනම් එයට යහපත් අයුරින් සම්බන්ධ වීම සුදුසුයි. එහෙත් අප්‍රියජනක කතා සිදු නොකිරීමට ඔබ වගබලා ගත යුතුයි. එමෙන්ම කටේ ආහාර තිබියදී කතා කිරීමත් සුදුසු නැහැ.
- හැකිතාක් නොහලා ආහාර ගැනීමට උත්සාහ කිරීම සුදුසුයි.
- එකවර අනවශ්‍ය තරම් විශාල ප්‍රමාණයක් ආහාර බෙදා ගැනීම සුදුසු දෙයක් නෙවෙයි. අවශ්‍ය පමණට බෙදාගෙන මදි පාඩුවට නැවත බෙදාගැනීමයි කළ යුතු වන්නේ.
- ආහාර කටේ පුරවා ගෙන ආහාර ගැනීම සුදුසු නැහැ. වරකට කුඩා ප්‍රමාණයක් මුව තුළ රුවා ගැනීම ප්රියජනකයි.
- ඔබට මේසයේ අනෙක් කෙළවරේ ඇති ආහාර බඳුනක් අවශ්‍ය නම් ඔබ මේසය හරහා ඇදී ගොස් එය ගැනීම නොකළ යුතුයි. ඒ අසලම සිටින්නාගෙන් ආචාරශීලී ව එය ඉල්ලා ගැනීමයි සිරිත වන්නේ.
- ආහාර ගැනීම අවසන් වූ පසු පුටුව මේසයට ඇතුල් කර පිටව යාම කළ යුතුයි.
- සාමාන්‍යයෙන් ආහාර ගන්නා අතරතුරදී ඔබේ වැළමිට මේසය මත තබාගන්නේ නැහැ.
- හැන්ද හෝ ගැරොප්පුව අතේ තිබියදී අත පය වනමින් කතා කිරීම සුදුසු නැහැ.
ආහාර ගැනීමේදී අනෙකාට අප්‍රසන්න නොවෙමින් ආචාරශීලී ව ආහාර ගැනීම ඔබේ පෞරුෂත්වය වැඩි දියුණු කරනවා. ඉහළ පෞරුෂයකින් යුතු ස්මාට් කාන්තාවක් ලෙස ආහාර ගන්නට දැන් ඔබට හැකියාව ලැබේවි.