අපි හැමදාම තරුණ පෙනුමට ඉන්නේ නැහැ. දවසින් දවස වයසට යනවා . කොච්චර වයස ගියත් ” කෙල්ල වගේ” ඉන්න කැමති නම් ඔබ නිවැරදි ආහාර රටාවක් පවත්වාගෙන යන්න ඕනෑ,හොඳට වතුර බොන්න ඕනෑ, රූපලාවණ්‍ය සත්කාර කරන්න ඕනෑ.මේ හැමදෙයක් වගේම ලස්සනට අඳින්න ඕනෑ.
මේ ලිපිය තරුණ පෙනුම පවත්වා ගන්න ඔබට කළ හැකි විලාසිතා ගැනයි.
ඇඳුමට කැපී පෙනෙන අංගයක් එකතු කිරීම

තද වර්ණයක ස්කාෆ් එකක්, ෂෝල් එකක් දැමීම වගේම ඔබේ ස්කර්ට් එක හෝ බ්ලවුස් එක තද වර්ණයකින් තෝරා ගැනීමෙන් ඔබේ පෙනුම සැබෑවටම තරුණ වී පෙන්වනවා. ඇඳුම් තෝරා ගනිද්දී ඒ ආකාරයට තෝරා ගන්න.
වෙනස් මෝස්තර තෝරා ගැනීම.



ක්‍රොප් ටොප් එකක් සහ ස්ලැක් කලිසමක්, දිගු ඉරි සහිත පෑන්ට් එකක්, තරමක විශාල මල් සහ මෝස්තර සහිත රෙද්දෙන් කළ ඇඳුම් ඔබේ පෙනුම තරුණ කරන්න හේතුවක්.
ආභරණ වලින් පෙනුම වෙනස් කර ගැනීම.


තරමක ලොකු නෙක්ලස් එකක්, ලොකු කරාබු දෙකක් ඔබ සිටිනවාට වඩා තරුණ පෙනුමකට ගෙන එනවා. හැමදාම දාන පුංචි කරාබු දෙක සහ කුඩා රත්තරන් මාලය පසෙකින් තියලා ෆැන්සි ජුවලරීස් ට්‍රයි කරන්න. මේ කතාව ඇත්ත බව ඔබට වැටහේවි.
මුහුණ ආලෝකමත් කරන විලාසිතා තෝරා ගන්න.

සුදු පැහැ කමිස, ලා පැහැති ගවුම් ඔබේ මුහුණට ආලෝකමත් පෙනුමක් අරන් එනවා.ලයිට් මේකප් එකක් යොදන්නත් අමතක කරන්න එපා.
වර්ණ ගැන සැලකිලිමත් වෙන්න.


ලෙමන් කහ, මින්ට් කොළ සහ කොරල් රතු වැනි වර්ණවලින් යුත් ඇඳුම් ඔබට තරුණ පෙනුමක් ලබා දීමට සරල වගේම වෙනස් මෝස්තර වලින් ඇඳුම් තෝරා ගන්න.අලු,කළු සහ ලා දුඹුරු පැහැ ඇඳුම් ද ඔබට වයස්ගත පෙනුමක් ලබා දෙනවා. දීප්තිමත් වර්ණ තෝරා ගන්න.
ජීන්ස් අඳින්න.


ජීන්ස් ඇන්දාම ඔබේ සිරුරේ හැඩය වඩා ලස්සනට පෙන්වනවා.ඒ නිසා තිහ පැන්නා හෝ හතලිහට ළඟයි කියලා ජීන්ස් අහකට දමන්න එපා.ජීන්ස් විලාසිතා ඔබට තරුණ පෙනුමක් ලබා දෙනවා. ඒවා සමඟ බූට්ස් සහ හීල්ස් පැළඳීමෙන් ඔබට ලැබෙන්නේ තරුණ පෙනුමක්
ඔබ අමතක නොකළ යුතුම දෙයක් තිබෙනවා. ඇඟට හිර විලාසිතා කරද්දී ඔබේ ඇඟේ රැළි වැටුණු ස්වභාවය හෝ නෙරා ආ උදරය සහ පියයුරු එල්ලා වැටීම් කැපී පේනවා නම් ඒ විලාසිතා කරන්න එපා. අනිත් කාරණය තරමක් තද රෙද්දේ විලාසිතාවන් එවැනි ඇඟක් ඇත්නම් සුදුසුයි.
එකම ස්ටයිල් එකට කොටු වෙන්නත් එපා. රැකියාවට සහ අනෙකුත් ගමන් වලට එකම විලාසිතා කරන්නත් එපා.
විශාල ප්‍රමාණයේ හෑන්ඩ් බෑග් වෙනුවට හුරුබුහුටි බෑග් පැක් තෝරා ගන්න. ඒවායින් ඔබට හුරුබුහුටි සහ ලාබාල පෙනුමක් ලැබෙනවා.

කොණ්ඩා විලාසිතා නම් මෙන්න මේ රූප අනුව සකසා ගන්න ඔබට පුලුවන්.





තවත් අමතක නොකළ යුතුම දෙයක් තමයි ඔබේ බ්‍රා එක ගැනත් සැලකිලිමත් වෙන්න. ඇඟට නොගැළපෙන බ්‍රා එකත් ඔබට වියපත් පෙනුමක් දෙන්න හේතුවක්.
මෙන්න මේ ටිප්ස් අනුගමනය කරොත් ඔබටත් හොඳ “යන්ග් ලුක් එකක්” ඇතුව ඉන්න පුලුවන්. වයසට ගියා කියලා හැඩ නොවී ඉන්නෙපා. ලස්සනට ඉන්න.