ප්‍රේමයේ මන්දහාසිනි

~ ~ ~ වර්තමානය ~  ~ ~  මහේල අරන්දර පැවසූ කිසිවක් මගේ මනසට පැහැදිලි වූයේ නැත. පැය දෙකක පමණ කාලයක් තිස්සේ ඔහු මොනවාදෝ පැහැදිලි කලේය. එහෙත් මට ඒ කිසිවක් පැහැදිලි වූයේ නැත.   මට අවැසි වූයේ මගේ ජීවිතය ඔහුගේ ජීවිතයේ තියන්නට යන තැන ගැන දැන ගැනීම විය හැකිය. එනිසා මම ඉන්නේ පියවි...
ආදරය නමින් වන යමක් වේ නම්,    ඉබේම සිතක පිළිසිඳිය යුතුය. නිදහස් නිස්කාංසුවක  පීදිය යුතුය.  කටෝර දවස් වල පවා එවන් ආදරයක් සිහි වීමෙන්ම නිවීමේ සනිපය දැනිය යුතුය. වේදනා, සෝකාලාප, දුක් ගිනි නිවෙන තරමට ආදරය නිවුම්කාරී විය යුතුය. ඉතින්, එදා රැයින් පසු මගේ ජීවිතයේ වූයේ එවන් ආදරයකි. සැනසීමකි. නිවීමකි.  අම්මා සහ අය්යා...
මහේල අරන්දර අසනීපව සිටින නිසා කාර්‍යාලයට නොපැමිණෙන බව දන්වා තිබුණි. දවසේ රාජකාරි අවසන් කර මම ඔහුගේ නිවස බලා යන්නට පිටත් වීමි. මහේලගේ අම්මා සහ අක්කා මට ඉතා හිතවත් වූ නිසාත්, මහේලගේ තාත්තා මහේලට වඩා මට ආදරය කරන  බව පවසමින් මා ඉතා ආදරයෙ පිලිගෙන තිබූ නිසාත් තනිව වුවද එහි යැමෙහි...
අසුනේ හිඳ ගත් රුව දුටු මගේ හද ගැස්ම අසාමාන්‍ය ඉහළ යෑමකට වැටුණේය. එහෙත් ඒ බවක් නොපෙන්වා සිටින්නට මම අසුනේ හරි බරි ගැහුණෙමි.  ඔහු ජංගම දුරකථනය මත වූ දෑස් මා වෙත හැරෙව්වේය.  ඔබට කිව යුතුය. ඒ දෑස් තිගැස්සුණි. ඔහු මා හැඳින්නේය.  ඔහු ගේ තිගැස්සුණු දෑස් ඉන් පසුව විමතියෙන් පිරුනේය. අදහා ගන්නට...
මහේල අරන්දර ඔහුගේ කාර්‍යාලය යැයි සිතියහැකි කියුබිකල් එකක් තුළට රිංගගත්තේය. මටද එහි පැමිණෙන්නට කීවේය. එසේ නම් මේ විසල් හෝටලයද ඔහුගේය. වසර ගණනාවක් ලංකාවේ පොළවේ පය ගසන්නටවත් නොපැමිණි ඔහු මේ සියල්ල ගොඩ නඟා ඇත්තේ කෙලෙසදැයි මට වැටහෙන්නේ නැත. ඔබටද වැටහෙන්නේ නැති වග දනිමි. එහෙත් අපට එය නොවැටහුණාය කියා දැන් විමසන්නට...
රැය සුව පහසු නින්දක් තැනුවේ නැත. විටින් විට නින්දෙන් ඇහැරුනෙමි. ඒ අතර වාරයේ ජංගම දුරකථන දෙස බලමින් උදෑසන වන්නට තව පැය කීයක් තිබේදැයි ගැන්නෙමි.  මම ඇහැරුණේ උදෑසන පහටත් පෙරය. කේතලය ලිපේ තැබුවෙමි. විසන්ධි කර තිබූ ශීතකරණයේ වූ අයිස් දියවී ගොස්  තිබුණි. මම ශීතකරණය පිරිසිදු කලෙමි. කිරි කෝපි කෝප්පය සකසාගෙන එය...
~ ~ ~  වර්තමානය  ~ ~ ~  මහේල අරන්දර පිළිබඳව එහෙන් මෙහෙන් ඇසුණා මිසෙක පසුදින ඔහු පිළිබඳව වැඩි  විස්තරයක් කතා බහට ලක් වූයේම නැත. එහෙත් අද දිනයේ කොයි යම් හෝ වෙලාවක මහේල මෙහි පැමිණේවිය යන විශ්වාසය මගේ සිත තුළ විය. එහෙම දැනෙන සංවේදනයන් ගැන මට කොහොමටත් විශ්වාසය. එහෙත් සවස් වන තුරුම...
රාත්‍රි හතට පමණ මම නවාතැනට පැමිණියෙමි. ඇඳුම් උණා දමා උණුසුම් ජලයෙන් නා ගත්තෙමි. ආහාර පිරියක් නොවූ නිසා රාත්‍රී ආහාරයට යමක් සකසන සැලැස්මක් මට වූයේ නැත.  විදුලි පහන් නිවා දමා මම ඇඳට වැටුණෙමි. යහනේ පසෙක වන කුඩා කබඩ් එක තුළ ඇති ජංගම දුරකථනය අතට ගත්තෙමි. එය පණ ගැන්වූයෙමි.  මහේල අරන්දර නම් වූ...
මහේල අරන්දර සමඟ අසේකා පණ්ඩිතරත්න ගෙවූ අතීතයටඔබ ආසක්ත වන  වග දනිමි. එහෙත් ඒ අතීතය අවුස්සා දැමීමෙන් වර්තමාන කතාව ඔබට මඟෑරෙන්නේය. මට මෙවෙලෙහි අවශ්‍ය වර්තමානයේ සිදු වන සෑම සියළු අංශුමාත්‍රික නිමේශයක්ම ඔබ හා   බෙදා ගන්නටය. එනිසා යළි අතීතයට යන්නට වෙන්නේ  වර්තමානයේ සෑහෙන්නම වෙලා ගෙවා අවසන් කරය.  කොරිඩෝවේ කෙළවරට එනතුරුම මම මහා...
මගේ හදවත තුළ ඔහු තනා තිබූ පැල්ලම් වල වූයේ සෞම්‍ය තෙත් බවකි. මෙතරම් කලකට පසුව වුවද, ඒ තෙත් පැල්ලම් වල වෙනසක් නැති බව දැනෙයි.  ඒ තෙත් පැල්ලම් මත කිතිකැවෙමින් කෝලම් කරන්නට ඉඩ සකසා ගැනීමෙන් මම ජීවිතේ වූ පාලුව මකා ගැනීමට හුරු වී උන්නෙමි.  ඔහුගේ නිහඬ , හුදෙකලා වීම් මා මත...