කියවන්න පොතක්

කීර්ති වැලිසරගේ මහතා රචනා කළ ගරුඩ මුහුර්තය 2017 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයට සහ ගොඩගේ සම්මානයට නිර්දේශ වී රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර වෙනවා. නූරි, මාලිම්බඩ, මාගල ආදී ප්‍රදේශ වල ට ගිය ගමනකදී මේ කෘතිය සඳහා වස්තු බීජය සිතෙහි ඇති වූ බව කතුවරයා පවසනවා. ශතවර්ෂයකට පමණ පෙර හුදෙකලා ගම්මානයක් ගැන මෙහි විස්තර...
තරුණයෙකුගේ යතුරු පැදියකට හදිසියෙන් රූමත් තරුණියක ගොඩ වෙයි. ඇය පලා යන්නියකි.තරුණයාට ද කතාවක් ඇත. අඳුරු අතීතයක් ඇත.තරුණියට ස්වකීය කතාන්දරය ඔහු සමඟ කියන්නට සිදු වේ. මං මුලා වී ගිය තරුණිය රැකවරණය පතන්නේ ද ගැටුම් ඇති කරගන්නේ ද හෙටක් ගැන වගක් නැති තරුණයෙකු සමඟ.ගිරි දේවි නවකතාව ගොඩ නැගෙන්නේ ඔවුන් දෙදෙනාගේ අතීත සිදුවීම්...
"පරිවාර කන්‍යාවියන් විසින් වට කරනු ලදුව වාසල මුල්ලේ වකුටුවී කන්තල වසා සිටි ප්‍රමිලා හැරී බලද්දී දොර අභියස සිටි යුධ වීරයාගේ උදාර පෞරුෂ ලීලාව ඕ දැක ගත්තාය . එතරම් ඖදර්ය පෞර්ෂයක් ඇය දස්කොන් කෙරෙන් කවරදාවත් දැක තිබුණේ නැත . හේ කවියෙකි.නිවුණු මිනිසෙකි. රජුටත් ප්‍රමිලා ටත් සිටි එකම කල්‍යාණ මිත්‍රයා දස්කොන් ය .මහරජ අද...
මල් පෙත්තේ, මල් පෙත්තේඋතුරු දෙසට - දකුණු දෙසටබටහිරටත් නැගෙනහිරටඉගිල ඉගිල මෙහැම දෙසටකැරකීලා ඇවිත් බිමටම කියන දෙය කර දෙන් මට" පුංචි ශේන්යාට හත් පෙති මල ලැබෙන්නේ ඇය බොහොම කරදරයක වැටිලා ඉන්න වෙලාවක.අම්මාගෙන් ගුටියක් කන්න ඔන්න මෙන්න වෙලාවක. කරදරයක වැටුණු වෙලාවක උපකාරයක් ලැබෙන එක මොනතරම් වටිනවා ද?ඒත් ඒ උපකාර නිවැරදිව හසුරවා ගන්න අපිට...
මහත්මයාණනි, එක් දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න. ඒ ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට, මගේ අතීතය ගැන සැඟවීමට හෝ ඒ ගැන ලැජ්ජා වීමට වුවමනා නැති බවය. එහෙත්, තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයා ය යන ප‍්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණූ ගැහැනියකගේ දියණියක ව්‍යාපාරික...
2020 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මානය දිනා ගන්නේ සුනේත්‍රා රාජකරුණා මහත්මිය ලියූ නිෂ්ක්‍රාන්තිය කෘතිය. නිෂ්ක්‍රාන්තියක් කියන්නේ අහිමි වීමක්, නික්ම යෑමක්. අපි ඕනෑම කෙනෙකුගේ ජීවිතවල නිෂ්ක්‍රාන්ති තිබෙනවා.අපට සමුගන්නට සිදු වෙන තැන්, සමුගත යුතු තැන් ඕනෑ තරම් තිබෙනවා.නමුත් අපේ ජීවිතවලින් කවුරු හරි අතුරුදහන් කළහොත්, පිටුවහල් කළහොත් එයත් නිෂ්ක්‍රාන්තියක්. කැමැත්තෙන් වගේම අකමැත්තෙන් නික්ම යාමට...
හුළඟට වැලි කඳුවල හැඩේ වෙනස් වෙනවා. ඒත් කාන්තාරේ වෙනස් වෙන්නේ නෑ.එකිනෙකා ගැන අපේ තියෙන ආදරෙත් අන්න ඒ වගෙයි. " "The Alchemist" කෘතිය රචනා වන්නේ පාවුලෝ කොයියෝ නම් විශිෂ්ට රචකයා අතින්. ඔබට උද්‍යෝගයේ භාෂාව රස විඳින්නට අවැසි නම් මේ කෘතිය කියවිය යුතුම බව විචාරක අදහසයි. කොයියෝ යනු ලතින් ඇමරිකානු ලේඛකයෙක්. ඉතා විශිෂ්ට...
ඈන් ෂර්ලි! ලෝකය පුරා ගැහැනු ළමයින්ගේ ආදරය දිනා ගන්නට ඈන් ෂර්ලි තරම් සමත් වූ කල්පිත චරිතයක් නැති තරම්. ඕනෑම ගැහැනු දරුවෙකු තුළ ඇති ගතිගුණ ඇයට තිබීම ම ඈන් ව බොහෝ ආදරයෙන් වැළඳ ගන්නට හේතුවක්. කැනේඩියානු පොත් පෙළක් ලෙස ඈන් ලියැවෙන්නේ ලුසී මෝඩ් මොන්ට්ගොමරි අතින්.ඒ 1908 දී. කතුවරිය උපන් එඩ්වර්ඩ් කුමාර දිවයින...