කියවන්න පොතක්. – වණ්ණදාසි

මහත්මයාණනි,

එක් දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න. ඒ ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට, මගේ අතීතය ගැන සැඟවීමට හෝ ඒ ගැන ලැජ්ජා වීමට වුවමනා නැති බවය. එහෙත්, තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයා ය යන ප‍්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණූ ගැහැනියකගේ දියණියක ව්‍යාපාරික ලෝකයේ ඉහළට ම නැගීම ඔබට රස මවන පුවතක් වූවාට මට එය එසේ නොවේ. මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ. එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් නැතැයි සිතමි.

  • අමා රන්බණ්ඩාර-

ලිංගික ශ්‍රමික කාන්තාවන්ට අපේ රටේ පවතින ඇත්ත තත්ත්වය මනාව පැහැදිලි කරන වණ්ණදාසි ලියැවෙන්නේ කත්‍යානා අමරසිංහ මහත්මිය අතින්. මෙය 2017 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන අවසන් කෘති පහට නිර්දේශ වූ කෘතියක්.

අම්මා ලිංගික ශ්‍රමිකයෙකු බව දැන ගත් විට දුවෙකුට එය දරා ගත නොහැකි වේදනාවක් බව ඇත්තක්. මව් දියණි බැඳීම ඉන්පසු පෙර පරිදි ගෙවන්නට හැකි ද?

අමා රන්බණ්ඩාර ඇගේ මව ලිංගික ශ්‍රමික කාන්තාවක් බව දැන ගත් පසු දැඩි මානසික කම්පනයකට ලක් වෙනවා. අධ්‍යාපනය අත හරින ඈ රූපලාවණ්‍යගාරයක සේවිකාවක බවට පත් වෙන්නේ ඉන්පසු. ඇගේ ජීවිතය ඉනික්බිති ඈ ගෙනියන්නේ තවත් තැනක ට යි. ඒ රූපවාහිනි නාලිකාවක අංග රචනා ශිල්පිනියක බවට පත් වීමයි. එය අමාගේ ජීවිතයේ සැබෑ හැරවුම් ලක්ෂයක්.

ශ්‍රී ලාංකීය මාධ්‍ය භාවිතාව සහ මාධ්‍ය ආයතන තුළ සිදු වන සමහර අඳුරු කතන්දර ගැන වණ්ණදාසි තුළ දිග හැරෙනවා. අමාගේ මිතුරා සාෂා සමරිසි තරුණයෙක්. ඔහු තමන්ගේ තීරණය සහ ජීවිතය දරා ගන්නා ආකාරය ද මෙහි අපූර්ව ලෙස විස්තර වෙනවා.

මිනිසුන් සම්පූර්ණයෙන්ම සුදු හෝ කළු චරිත නොවේ. ඔවුන්ගේ අළු පැහැ ස්වභාවය විස්තර කරමින් ගලා යන කතාව පුරා මිනිසුන්ගේ හැඟීම් නිරාවරණය කරන්නට සමත්.

මං මෙතන හිට ගත්තේ මගේ තාත්තගෙයි අම්මගෙයි හීනෙ හැබෑ කරන්න. මගේ තාත්තා වෘත්තීය සමිති අරගලය වෙනුවෙන් ජීවිතය කැප කරපු කෙනෙක්. මගේ අම්මා ලිංගික ශ්‍රමිකයෙක්. ඒ ගැන කියන්න මම ලැජ්ජා වෙන්නේ නෑ..”

අමා මෙලෙස ඇය ගැන පවසා අලුත් ආරම්භයක් ලබා ගන්නවා. ඒ කොතැනකට ද?

තවමත් අමා රන්බණ්ඩාර හමු නොවූයේ නම් ඇය හමු වෙන්න.

ඇගේ කතාව කියවන්න!

Related Articles

Don't Miss


Latest Articles