කාන්තාවන් නිතර පීඩා විඳින දෙපාවල නියපොතු ආසාදනවලට හේතු

දෙපා ඇඟිලිවල නියපොතු ආශ්‍රිත දිලීර රෝගය (onychomycosis) යනු නියපොත්ත යට dermatophytes නම් දිලීරය වර්ධනය වීම නිසා හට ගන්නා ආසාදනයක් . එම දිලීරය නියපොත්ත රළු, ගණ, දුර්වර්ණ සහ විකෘති ස්වරූපයකට පත් කරනවා. මෙම ආසාදන තත්ත්වය උත්සන්න වූ විට නියපොත්ත සහ ඇඟිලි මතුපිට එකිනෙකින් වෙන් වී හිඩැසක් නිර්මාණය වන අතර දැඩි වේදනාවක් සහ දැඩි දුර්ගන්ධයක් පවා ඇති වන්න පුළුවන්.

මෙය බොහෝ විට කල් පවතින රෝග තත්ත්වයක් වන අතර සම ඔස්සේ සෙසු නියපොතුවලට ද පහසුවෙන් බෝ විය හැකියි . එසේම ආසාදිත නියපොතු සඳහා භාවිත කළ නිය කපන සහ නිය පිහිරි ඔස්සේ ද සෙසු නියපොතුවලට මෙම දිලීරය ආසාදනය වනවා.මෙම රෝගය පිළිබඳව නිසි අවදානයක් යොමු නොකිරීම  ඔබට දිගු කාලීනව විවිධ අපහසුතාවයන් ගෙන දිය හැකි රෝගී තත්ත්වයක්. ඒ නිසාම අද අපි නියපොතු ආසාදන තත්ත්වය  ගැන ඔබව දැනුවත් කිරීමටයි මේ සුදානම් වන්නේ

Skincare of a beauty female feet with camomile’s flower

මෙම දිලීර රෝගය බෝ වීමට හේතු

  • පිරිසිදුකම අඩුවීම
  • බොහෝ වේලාවක් සපත්තු මේස් පැළඳ සිටීම
  • දිලීර ආසාදිත පුද්ගලයකු සමග පාවහන් හුවමාරු කර ගැනීම
  • පාවහන් නොමැතිව ප්‍රසිද්ධ වැසිකිලි සහ නාන කාමරවලට යාම
  • නෑමට සහ සේදීමෙන් පසු හොඳින් වියළෙන පරිදි දෙපා පිස නොදැමීම
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම
  • එමෙන්ම සෙරෙප්පු, සපත්තු සෝදා වියළීමට පෙර පැළඳීම, නොසෝදා තිබීම නිසා දහදිය එක්රැස්වීම මෙන්ම හවුලේ පැළඳීම නිසා ද නිය ආසාදන ඇතිවීම හා බෝවීම සිදුවිය හැකිය.

නියපොතුවල දිලීර ආසාදනය ඇති බව හඳුනා ගන්නේ කෙසේද ?

  • නියපොතුවල ඇතිවන දිලීර ආසාදනවලදී නියපොත්තේ පැහැය වෙනස්‌වීම හෝ ඝනවීම නිසා
  • මුලින් කිසිදු වේදනාවක් නොපෙන්වීම
  • ඇතැම් විට නියපොත්ත සම්පූර්ණයෙන්ම ගැළවී යාම
  • නියපොත්තේ ඇඟිල්ලට සම්බන්ධ කෙළවරේ හම මහත් වී ඝන වීම
  • ඇඟිලිවල සෞඛ්‍ය සම්පන්න නොවන පෙනුමක්‌ ඇති වීම

සැලකිලිමත් විය යුතු කරුණු

කකුලේ නියපොතු, අතේ ඇති නියපොතුවලට වඩා බහුලව මෙම තත්ත්වයට ගොදුරු වනවා .පාදයේ නියපොතු ඇල්ලීම සහ කැසීම නිසා කකුලේ නියපොතුවල ආබාධය අතේ නියපොතුවලට පැතිරී යාමට තිබෙන හැකියාව ඉහළයි.

දෑත් නිතරම තෙත්ව තබා ගන්නා අයගේ ඇඟිලිවලට මෙම ආබාධය වැළඳීමේ අවදානම වැඩියි
එයට හේතුව තෙත්ව පවතින සම සහ නියපොතු පහසුවෙන් දිලීර ආසාදනවලට ලක්‌ වීමයි.

එසේම වෙනත් හේතුවක්‌ නිසා නියපොත්ත තුවාල වූ විට එම තුවාල වූ හෝ කඩතොලු වූ නියපොත්ත දිලීර ආසාදනවලට ලක්‌ වීමේ ප්‍රවණතාව වැඩියි.එම නිසා ඒ ගැන අවදානය යොමු කළ  යුතුයි.

 දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇති ඇති අයද පහසුවෙන් නියපොතු ආසාදනවලට ගොදුරු වනවා.  එවැනි අයද මේ පිළිබඳව වැඩිපුර සිටිය යුතුයි.

එමෙන්ම දුම්පානය කරන්නන්ගේ මෙම තත්ත්වය වැඩි බව සොයාගෙන තිබෙනවා

ඇතැම් විටෙක කිසිම අවදානම් තත්ත්වයක්‌ නැතිව ද මෙම තත්ත්වය ඇතිවනවා.එම නිසා පිරිසිදුකම ගැන ඉතා මැනවින් සිතිය යුතුයි

නියපොතු ආසාදනය වීම අවම කරගත හැකි ආකාර?

  • නියපොතු කපන විට මෙම නිය පොතු කැපීමට වෙනම නියපොතු කටරයක්‌ තබා ගැනීම
    (එය අනෙක්‌ අත සමඟ හවුලේ භාවිත නොකරන්න)
    අතේ නියපොතුවල රෝග ඇති අය වතුරින් අත් ප්‍රවේශම් කර ගැනීම
  • කකුල්වල ආබාධය ඇති අය ඉදිරියෙන් පළල් සපත්තු පළඳින්න
  • සෑම විටම නියපොතු පිරිසිදුව සහ වියළීව තබා ගැනීම

    නියවල දෙපස සම අතුල්ලා හෝ උපකරණ මගින් ඉවත් කිරීම සුදුසු නැහැ.
  • ඒ වගේම නිය කපන විට කෙළින්  කැපීම වෙනුවට ඇතුළතට කැපීම නිසාත් දිලීර ආසාදන ඇතිවිය හැකියි.
  • බාල රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම

    කියුටෙක්ස්, රිමූවර් අධිකව භාවිතා නොකිරීම
  • ටිනර් වර්ග නිය පිරිසිදු කාරක ලෙස ගැනීමකිසිසේත්ම  සුදුසු නැහැ.
  •  එසේම තදින් අතුල්ලමින් මකා දැමීමත් සුදුසු නැහැ.
  • සිරවූ පාවහන් දැමීම, උල් හැඩයට සැකසූ පාවහන් පැලඳීම අවම කිරීම

ප්‍රතිකාර


මේ සඳහා ආලේපන ප්‍රතිකාර පවතින අතර  වෛද්‍ය නිර්දේශය අනුව එම කාලය පුරාවට ආලේපය භාවිත කළ යුතුයි.

තමන්ගේ පිරිසිදුකම සහ යහපත් සෞඛ්‍ය පුරුදු වෙත යොමු වීමෙන් ඔබ අපහසුතාවයට මෙන්ම අවලස්සනක් එක්  කරන මෙවැනි රෝග වලින් ඔබට මිදෙන්න මග කියාවි 

Related Articles

Don't Miss


Latest Articles