පැහැරගෙන ගොස් ගණිකා සේවයේ යොදවන අහිංසක දැරියන් වෙනුවෙන් සටන් කල ඇය

කාන්තාවකට අසාධාරණයට එරෙහිව නැගි සිටින්න බැරිද ? නෑ. ඇයට එය අනිවාර්යයෙන්ම පුලුවන්. අයුක්තියට එරෙහිව සටන් කරන්න යෝධ ශක්තියක් ඇය තුල තියනවා.ඒ ගැන ඔබට හොඳින්ම ඔප්පු කර පෙන්වන ඉන්දියානු චිත්‍රපටයක් තමයි Mardaani කියන්නේ.කාන්තාව තුල ඇති අසීමිත ශක්තිය ගැන කියන මෙම සිනමා නිර්මාණය ඔබඅනිවාර්යයෙන්ම නැරඹිය යුතු එකක් !

2014 වර්ශයේ ප්‍රේක්ශකයන් වෙත තිළිණ කෙරෙන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ශිවානිගේ චරිතය රාණි මුකර්ජි විසින් අති විශිශ්ට ලෙස රඟ දක්වනවා.ඇගේ අනෙක් චිත්‍රපට වල රඟ දැක්වූ චරිත වලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයකින් ඇය ඇගේ දස්කම් මෙහිදි පෙන්වනවා.

ශිවානි කියන්නේ මුම්බායි අපරාධ අංශයේ පොලිස් නිළධාරිනියක්.ඒ වගේම නීතිය අකුරටම ඉටු කරන අවංක සහ නීතිගරුක නිළධාරිනියක්.
ළමා ජාවාරම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ සංවිධානාත්මක කල්ලියක් පසුපස ශිවානි හඹා යනවා.ගැහැණු ළමයින් පැහැරගෙන ගොස් ගණිකා සේවයේ යොදවන ඔවුන් ගැන ඇගේ අවධානය විශේශයෙන් යොමුවෙන්නේ ඇයට හිතවත් අනාථ දැරියක් වන ප්‍යාරිගේ අතුරුදන් වීමත් එක්කයි.කාන්තාවක් ලෙසින් ඉතා ධෛර්යවන්ත ලෙස ඇය එම කල්ලියේ ප්‍රධානියාව නීතියේ රැහැනට හසු කරගන්න ඇය ක්‍රියාත්මක කරන මෙහෙයුම ඉන්පසුව මෙම චිත්‍රපටයෙන් මිනිත්තු 111 ක් පුරාවට දිග හැරෙනවා.

කාන්තා හිංසනය ,ළමා අපචාර දරුණුවටම සිදුවෙන නගරයක ඊට එරෙහිව තනිව නැගි සිටින ශිවානිගේ කාන්තා පෞරුෂය මෙම චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම එකක් බවට පත් කරනවා.
ස්ත්‍රීත්වය රජ කරවන මෙම චිත්‍රපටය පුරාම කාන්තාවන්ට ලැබෙන්නේ පුදුමාකාර ධෛර්යයක්.ඒ වගේම නිරන්තරයෙන් අසාධාරණයට ලක්වෙන, හිංසාවට පත්වන , නේක දුක් ගැහැට විඳින කාන්තාවන්ට මෙම චිත්‍රපටය ඉතා හොඳ අභිප්‍රේරණයක්.
කාන්තා හිංසනය ,ළමා අපචාර සහ බලෙන් ගණිකා සේවයේ යෙදවීමට එරෙහිව කාන්තාවන්ට නැගී සිටිය හැකි බවත් , ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කල හැකි බවත් මෙම චිත්‍රපටයෙන් සමාජයට කියා පානවා.

ආදිත්‍ය චොප්රා විසින් නිශ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ප්‍රදීප් සර්කාර් විසින් අධ්‍යක්ශනය කර තිබෙනවා.ගෝපි පුත්‍රන් විසින් රචිත මෙම විශිෂ්ට සිනමාපටය යශ්‍ රාජ් චිත්‍රපට සමාගමේ චිත්‍රපටයක් ලෙසයි නිකුත් වන්නේ.
ඉතින් ,
අසාධාරණය, හිංසාව සහ අපයෝජනය ඉදිරියේ කාන්තාව නිහඬ විය යුතු නැත. ඇයටත් මේ සමාජයේ නිදහසේ ජීවත් වීමට ඉඩ ලබා දිය යුතුය.කාන්තාවට නිසි ගෞරවය ලබා දිය යුතුයි වගේම ඇයට වන අසාධාරණකම් වලට නීතිය ක්‍රියාත්මක විය යුතුය !

Related Articles

Don't Miss


Latest Articles