හෙමින් ඇවිදීමෙන් ඉක්මනින් බර අඩු කර ගත හැකිද ?

ඔබට ඔබගේ බර අඩු කරගැනීමට අවශ්‍ය නම් එයට මාර්ගය වන්නේ අමාරුවෙන් පුහුණු වීම , දිගු දුරක් දිවීම , බර එසවීම නොවේද ? හොඳයි. සමහරවිට එය එසේ නොවන්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම අලුත්ම අධ්‍යනයකට අනුව හෙමින් ඇවිදීම ශරීරයේ මේදය සහ බර අඩු කරන ප්‍රතිඵලදායි සහ හොඳම ක්‍රමය බව සොයාගෙන තිබෙනවා.

අප සාමාන්‍යයෙන් ව්‍යායාම කිරීමට පුරුදු වී තිබෙන්නේ ව්‍යායාම උපකරණ භාවිතා කිරීමෙනුයි. එය ඔබේ සියලු ශරීර අවයව වලට ව්‍යායාම කිරීමට සහ මාංශ පේශීන් වර්ධනය කිරීමට උපකාරී වන නිසා එහි කිසිදු ප්‍රශ්නයක් නැත.නමුත් සාම්ප්‍රදායික ව්‍යායාම් කිරීමේ ක්‍රමවේදයෙන් බැහැර වුවහොත් මෙම නව අධ්‍යයනයෙන් පෙන්වා දී තිබෙන්නේ ශරීරයේ සාමාන්‍ය වේගයක් පවත්වා ගනිමින් ඇවිදීම ඉතාම ඵලදායි ලෙස මේදය දහනය කිරීමේ සහ ශරීරයේ බර අඩු කිරීමේ පහසු සහ ආරක්ෂාකාරී පියවරක් බවයි.

walking
Beautiful young and fit blonde woman walking on trail in the woods. Workout outdoor.

මෙම අධ්‍යයනය සිදු කළ අධ්‍යයන කණ්ඩායම විසින් ඇවිදීමේ වේගය මගින් ශරීරයේ බර අඩු වීම සම්බන්ධව නිරීක්ෂණය කර තිබෙනවා. වේගයෙන් ඇවිදීම මගින් ශරීරයේ මේදය ඉක්මනින් දහනය වන බව අප බොහෝ දෙනෙක් සිතුවත් සෙමින් සාමාන්‍ය වේගයක් පවත්වාගෙන ඇවිදීම වඩා ඉක්මන් පැහැදිලි ප්‍රථිපල ලබාදෙන බව මොවුන් සොයාගනු ලැබුවා.

මෙහිදි දාසයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සති 30ක් පුරාවට සතියකට හතර වතාව බැගින් 4.6Km ක් ඇවිදිමට යොදාගනු ලැබූවා. ඔවුන් කණ්ඩායම් දෙකකට බෙදා එක් කණ්ඩායමක් පැයට කිලෝමීටර් 6.6 වේගයෙනුත් අනෙක් කණ්ඩායම පැයට කිලෝමීටර් 5.5 වේගයෙනුත් ඇවිදිනු ලැබුවා. මේ අතරම අධ්‍යන කණ්ඩායම විසින් තවත් 25 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යොදාගෙන සති 15කට පමණක් මෙම ක්‍රියාකාරකමෙහි යෙදීමට සලස්වන ලදී. මෙහිදී සොයාගනු ලැබූවේ එම 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ සිටි වේගයෙන් ඇවිදින පුද්ගලන්ගේ සති පහලව පුරාවටම ශරීරයේ මේදය ප්‍රතිශතයෙන් බිඳකුදු අඩු නොවූ බවයි. එමෙන්ම ඔවුන් පුදුමයට පත් කලේ සති 30 කණ්ඩායමේ සිටි වේගයෙන් ඇවිදින පුද්ගලයන් සති පහලවක් ගත වෙද්දි තවත් 1.24% මේද ප්‍රතිශතයක් ශරීරයේ වැඩි තිබීමයි.කොහොම නමුත් ක්‍රියාකාරකම අවසාන වෙද්දි ඔවුන්ගේ 2.75% ක ප්‍රතිශතයක් මේදය අඩු වී ඇත. ඔවුන්ගේ මේදය දහනය වීමට ආරම්භ වී තිබුනේ 15 සතියෙන් පසුවයි.

නමුත් අර සෙමින් ඇවිදින ලද කණ්ඩායමේ ප්‍රථිපල මීට වඩා වෙනස් තත්වයක පැවතුනි. සති පහලව නිමාවන විට ඔවුන්ගේ ශරීරයේ 4.2% ක් මේදය දහනය වී තිබීය. සති තිහ ගත වෙද්දි එය 7.5%ක් වැනි ඉහල අගයක පැවතිණි.

walking slowly

අධ්‍යන කණ්ඩායම මේ වෙනස් ප්‍රථිපල පැහදිලි කරගැනීම සම්බන්ධයෙන් මෙවන් අදහස් කිහිපයක් ඉදිරිපත් කරනු ලබයි. සාමාන්‍යයක් වශයෙන් සෙමින් ඇවිදින ලද කන්ඩායමේ පුද්ගලයන් අනෙක් කණ්ඩායමේ පුද්ගලයන්ට වඩා 20% පමණ බරින් වැඩි විය.එම නිසා ඔවුන්ට දහනය වීමට අන් අයට වඩා වැඩිපුර මේදය ශරීරයෙ පැවතිණි.

එසේම මෙයින් පෙනීගිය තවත් කාරණයක් වූයේ ඉතාම මහන්සියෙන් ව්‍යායාම කිරීමට වඩා කොපමණ කාලයක් ව්‍යායාම කරනවාද යන්න වැදගත් බවයි. ශරීරයේ මේදය දහනය වීම ඔබ ව්‍යායාම කරන කාලය වැඩි කිරීමත් සමග ඉක්මන් වේ.

මෙම අදහස් මගින් සෙමින් ඇවිදීමෙන් ව්‍යායාම කල පුද්ගලයන්ගේ වැඩිපුර මේද දහනය වූයේ කෙසේද යන්න පිලිබඳ අදහසක් ඇති වේ. කෙසේ නමුත් වේගයෙන් ඇවිදින ලද පුද්ගලයන් අමතර මේදය ශරීරයට එකතු වූයේ ඇයිදැයි යන්න ඔවුන්ට පැහැදිලි කර නොගත හැකි විය.

නමුත් ඔවුන් පවසන්නේ ඔබ ව්‍යායාම සිදුකරන විට ඒ පිලිබඳ අවධානයෙන් හා උනන්දුවෙන් නිදහස්ව කරන විට ඉතා හොඳ ප්‍රථිපල ලබාගත හැකි බවයි. ඔබ ඇවිදින විට ඔබට පහසු පාවහන් යුගලක් පැලඳ සෙමෙන් නිදහසේ දිගු වෙලාවක් ඇවිදින්න. ඔබට ඉක්මනින් හොඳ ප්‍රතිඵල අත්විඳීමට ලැබෙනු නිසැකයි.

Related Articles

Don't Miss


Latest Articles