ඔසප් වේදනාවෙන් මිදීමට අනුගමනය කළ හැකි පහසු ක්‍රම කිහිපයක්

කාන්තාවන් බොහෝ දෙනෙක්ට ඔසප් සමය වේදනාකාරී මෙන් ම අපහසුතා ද ඇති කරන්නක් වෙනවා. අපි අද ඊට හේතුවන කරුණුත් , ඉන් මිදෙන්නට කළ හැකි දේත් පිළිබඳ ව කතා කරමු.

ඔසප් වේදනා ඇතිවන්නේ ඇයි?

ඔසප් වීමේදී උදරය, ඉණ සහ පිටුපස ප්‍රදේශය, කලවා අවට අපහසුතාවයක් දැනීම සාමාන්‍ය දෙයක්. ඔසප් වීමේදී ඔබේ ගර්භාෂයේ මාංශ පේශි හැකිලීම සහ ගොඩනඟා ඇති ශ්ලේෂ්මල ඉවත් කිරීම සිදුවෙනවා. සමහර විට ඔබට කැක්කුම අත්විඳිය හැකි වන්නේ ඔබේ මාංශ පේශි වැඩ කරන නිසයි.

ඔසප් වීමේදී සමහර අය වේදනාකාරී රෝග ලක්ෂණ අත්විඳින අතර අනෙක් අයට එසේ නොවන්නේ මන්දැයි යන්න පිළිබඳව වෛද්‍යවරුන් නිශ්චිත මතයක් පවසන්නේ නැත. නමුත් මෙය වඩාත් වේදනාකාරී වීමට හේතු මේවා විය හැකියි.

period pain
  • අධික රුධිර වහනයක් තිබීම
  • ඔබේ පළමු දරුවා ලැබීම
  • වයස අවුරුදු 20 ට අඩු වීම
  • ඔසප් වීම ආරම්භ වීම
  • ගර්භාෂයට බලපාන ශරීරයේ ඇති සංයෝගයක් වන ප්‍රොස්ටැග්ලැන්ඩින් වලට අධි නිෂ්පාදනයක් හෝ සංවේදීතාවයක් තිබීම
  • ගර්භාෂයේ වර්ධනය
  • එන්ඩොමෙට්‍රියෝසිස් (අසාමාන්‍ය ගර්භාෂ පටක වර්ධනය)
  • උපත් පාලන ක්‍රම භාවිතය

සාමාන්‍ය කැක්කුම් සඳහා නිවසේදී ම පිළියම් කිරීමෙන් ඉක්මන් සහනයක් ලබා දේ. නමුත් දිගින් දිගට ම වේදනාව පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු ම යි.

ඔසප් වේදනාවට ඉක්මන් සහනය සඳහා නිවසේදී ම කළ හැකි දේ

බෙහෙත් වට්ටෝරුවකින් තොරව ලබා ගත හැකි (OTC) ඖෂධ ලබා ගැනීම.

Nonsteroidal anti-inflammatory drugs (NSAIDs) යනු ඔසප් වේදනාව සහ අධික ඔසප් රුධිර වහනය සඳහා නිර්දේශිත වේදනා සහන සඳහා වන ප්‍රාථමික ඖෂධ වේ(OTC) . NSAIDs ibuprofen (Advil) සහ naproxen (Aleve) මෙයට ඇතුළත් වේ.

මෙම ඖෂධ ඔබේ ශරීරයේ prostaglandin නිෂ්පාදනය අඩු කිරීමට උපකාරී වේ. ප්‍රොස්ටැග්ලැන්ඩින් අඩු කිරීමේදී NSAIDs උපත් පාලන පෙති තරම් ඵලදායී නොවේ. නමුත් ඒවා වේදනාව අඩු කිරීමට උපකාරී වේ.

Period Pain

වේදනා දෙන ප්‍රදේශ උණුසුම් කිරීම

වේදනා දෙන උදරයට සහ පිටුපසට උණුසුම යෙදීමෙන් ඔසප් වේදනාව සමනය කළ හැකිය. උණුසුම් ප්‍රතිකාරයට (සාමාන්‍යයෙන් ‍යොදාගන්නේ උණුසුම් පෑඩ් එකක්) NSAIDS වලින් ප්‍රතිකාර කිරීමේදී තරමට ම ඵලදායී වන බව කියැවෙනවා. මෙහි අතුරු ආබාධ ද ඇති වන්නේ නෑ. ඔබට උණු වතුර බෝතලයක් හෝ උණුසුම් පෑඩ් නොමැති නම්, උණුසුම් වතුරෙන් ස්නානය කරන්න. නැතිනම් උණුසුම් තුවායක් භාවිතා කරන්න.

නැතහොත්, ඔබට නිවසේදී ම උණුසුම් පෑඩ් එකක් මෙසේ සෑදිය හැකිය.

රෙදි කැබලි දෙකක් කපා කොට්ට උරයක් සේ එකට මහන්න. ඉහළට විවරයක් ඉතිරි කරන්න. ඉන් සහල් පුරවා සිදුර මසා ගන්න.

මයික්‍රෝවේව් උදුනේ විනාඩි කිහිපයක් අවශ්‍ය උෂ්ණත්වයට රත්කර ගන්න. අධික ලෙස රත් නොකරන්න.

සුරාන්තයක් ලැබීම

ඔසප් වේදනා සඳහා සුරතාන්තයේ සෘජු බලපෑම පිළිබඳ සායනික අධ්‍යයනයන් සිදු කර නොමැති නමුත් විශේෂඥයින් යෝජනා කරන්නේ සුරතාන්තයට පත් වීම ඔසප් වේදනා අඩු කිරීමට උපකාර විය හැකි බවයි.

යෝනි මාර්ගය ආශ්‍රිත සංවේදනයන් සුෂුම්නාව ඇතුළුව මුළු ශරීරයම සම්බන්ධ වන අතර එය ස්නායු සම්ප්‍රේෂක මුදා හැරීමට සංඥා කරයි. යෝනි මාර්ගය ආශ්‍රිත සුරාන්තයක් මගින් එන්ඩොර්ෆින් සහ ඔක්සිටොක්සින් වැනි ස්නායු සම්ප්‍රේෂක මුදා හැරීමට මොළය උත්තේජනය කළ හැක. එන්ඩොර්ෆින් වලට වේදනා දැනීම අඩු කළ හැකිය.

කාන්තා සුරතාන්තය ගැන අධ්‍යයනය කරන රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්යවරයකු වන ආචාර්ය බැරී කොමිසරුක් 2015 දී පමණ මේ පිළිබඳ අදහස් දක්වා ඇත.

සමහර ආහාර ගැනීමෙන් වැළකීම

ඔසප් වීමේදී වේදනා දෙනවා නම්, බඩ පිපීමට හේතු වන ආහාර ගැනීමෙන් වැළකී සිටීම හොඳ අදහසකි. ඔසප් කාලයේදී වැළකිය යුතු එවන් ආහාර ලැයිස්තුවක් පහත දැක්වේ.

  • මේද සහිත ආහාර
  • මත්පැන්
  • කාබනීකෘත බීම
  • කැෆේන්
  • අධික ලුණු සහිත ආහාර

මෙම ආහාර අඩු කිරීම හෝ භාවිතයෙන් වැළකීම කැක්කුම සමනය කිරීමට සහ ආතතිය අඩු කිරීමට උපකාරී වේ. එම පීඩාවන් සන්සුන් කර ගැනීමට (කැෆේන් රහිත) ඉඟුරු හෝ මින්ට් තේ හෝ ලෙමන් සමඟ රස කළ උණු වතුර පානය කළ හැකි ය.

period pain

හොඳින් වතුර පානය කිරීම

මෙය ඔබට විශේෂ දෙයක් ලෙස නොපෙනෙන්නට හැකි ය. නමුත් ජලය පානය කිරීමෙන් ඔසප් වීමේදී වේදනාකාරී වීම සහ බඩ පුරවා දැමීම නිසා අපහසුතා ඇතිවීම වැළකේ. උණු වතුර සාමාන්‍යයෙන් කැක්කුම් සඳහා වඩා හොඳයි. ඒවා ඔබේ සමට රුධිර ප්‍රවාහය වැඩි කරන අතර අවහිර වූ මාංශ පේශි ලිහිල් කර දෙයි. වැඩිපුර වතුර අඩංගු එළවලු පලතුරුත් මේ සඳහා ඔබට භාවිතා කළ හැකියි.

  • සලාද කොළ වර්ග
  • සැල්දිරි
  • පිපිඤ්ඤා
  • පැණි කොමඩු
  • තැඹිලි සහ කුරුම්බා

අධික ඔසප් වේදනා සමනය කිරීමට මේ සියල්ල සමග සමබල ආහාර වේලක් සහ සුවබර දිවි පැවැත්මක් අනිවාර්යයෙන් පවත්වා ගත යුතුයි. ඒ කිසිවකින්වත් වේදනා සමනය නොවේ නම්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.

Related Articles

Don't Miss


Latest Articles