2023 Release වුන අලුත්ම Horror Movies

Horror Movies  කියන්නෙ මම ඉතාම ආස කරන Genre එකක්. බලද්දි බය හිතුනට ආයෙ බලල ඉවර වුනාම පුදුම ආතල් එකක හිතට එන Movie Genre එකක් තමයි මේ Horror Movies කියන්නේ.

ඉතින් අද ආටිකල් එකෙන් මම හිතුව ඔයාලට අලුතෙන්ම රිලීස් වෙච්ච Horror Movies කිහිපයක් ගැන විස්තර අරගෙන එන්න.

ඉතින් මේ 2023 අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මට හිතුනා මේ අවුරුද්දෙ ආව සුපිරිම Horror Movies කිහිපයක් ගැනම කතාකරන්න. මේව ඔයාල බලල තියෙන්නත් පුලුවන්. ඒ උනාට ඉතින් Horror Movies ගැන කොච්චර කතා කරත් තියෙන Thrill එකේ අඩුවක් වෙන්නෙත් නෑනෙ නේද?

1.        M3GAN

2023 අවුරුද්දෙ මුල් හරියෙම වගේ රිලීස් වෙච්ච මේ චිත්‍රපටය එච්චර හොඳ එකක් වෙයි කියල පූර්ව ප්‍රචාරක පටය බලපු අය කිව්වට ෆිල්ම් එක ආවයින් පස්සෙ නම් ඒ කතා ඔක්කොම වගේ වෙනස් උනා. Megan කියන්නෙ මේ අවුරුද්දෙ ආව හොඳම Horror Movies වලින් එකක් කියලයි දැන් නම් කට්ටිය කියන්නෙ.

මේ චිත්‍රපටයෙ රඟපාන්නෙ ඇලිසන් විලියම්ස්. රොබෝ බෝනික්කෙක්ව ගෙදරට අරගෙන එන කාන්තාවක් පසුපස්සෙ ඇදෙන කතාවක් තමයි මේ චිත්‍රපටයෙන් කතා කරන්නෙ.

හිතාගන්න පුලුවන්නෙ ආතල් එක? බෝනික්කෙක් ඉන්න Horror Movie එකක් කියන්නෙ ආයෙ ඉතින් සුපිරියක් තමයි.

M3GAN යනු කෘත්‍රිම බුද්ධියේ ආශ්චර්යයකි, දරුවෙකුගේ ශ්‍රේෂ්ඨතම සහකාරිය සහ දෙමාපියන්ගේ ශ්‍රේෂ්ඨතම සගයා වීමට සැලසුම් කර ඇති ජීවය වැනි බෝනික්කියක්. දක්ෂ සෙල්ලම් බඩු සමාගමක ඉන්න රොබෝ විද්‍යාඥ Gemma විසින් නිර්මාණය කරන ලද M3GAN හට ඇය බැඳී සිටින දරුවා සඳහා මිතුරියක් සහ ගුරුවරයෙක් ක්‍රීඩා සහකාරියක් සහ ආරක්ෂකයෙක් වෙලා ලඟින්ම ඉන්න හැකියාව තියෙනවා.

Gemma හදිසියේම ඇගේ අනාථ වූ 8 හැවිරිදි ලේලිය වන කැඩි ගේ භාරකරු බවට පත් වූ විට, එයා තේරුම්ගන්නව තමන් ඒ විදියෙ භාරකරුවෙක් වෙන්න නුසුදුසුයි කියල. ඉතින් එයා ගෙදරට අරගෙන එනවා M3GAN ව.

ඉන්පස්සේ?

ඒක දැනගන්න බලන්නම ඕන මේ චිත්‍රපටය

ඕන්න බලපු නැති අයට බලන්න Trailer එක: https://youtu.be/BRb4U99OU80?si=-zLvFYNXYQKo9GZq

2.       Infinity Pool

2023 අවුරුද්දෙ ආව තවත් එක Horror Movie එකක් තමයි Infinity Pool.

මේකත් ඉතින් ඇත්තටම සුපිරි කියන්න පුලුවන් Horror Movie එකක්. මේ චිත්‍රපටයෙ රඟපාන්නෙ Alexander Skarsgård, Mia Goth සහ Brandon Cronenberg. මේ කතාව තියෙන්නෙ හැම සැප පහසුකමක්ම තියෙන හොලිඩේ රිසෝට් එකක කාලෙ ගෙවන හරිම පෝසත් කපල් එකක් වටේ.

ටිකක් වෙනස් විදියකට ලියවිච්ච චිත්‍රපටයක් කියල කිව්වොතින් හරියටම හරි.මේක අර අපි නිතර දකින් අපර්ෆෙක්ට් ලයිටින්, කලර්ස් එහෙම තියෙන චිත්‍රපටයකට වඩා ඇත්තටම අපිත් ඒ මොහොතෙ ඒ සිදුවීම් අත්විඳිනව කියල හැඟීමක් හිතට කාවද්ද අමුතුම විදියටක ලියවිච්ච ෆිල්ම් එකක්.

මේ චිත්‍රපටයෙ ගොඩක් තැන් හරිම අඳුරු වටපිටාවක තමයි දිවයන්නේ.

හුදකලා දූපත් නිවාඩු නිකේතනයක රැඳී සිටින අතරතුර, ජේම්ස් සහ එම්  සුන්දර වෙරළ තීරයන්, සුවිශේෂී කාර්ය මණ්ඩලය සහ හිරු එළිය එක්ක ගෙවන්නෙ පර්ෆෙක්ට් වැකේශන් එකක්. ඒත් සිත් ඇදගන්නාසුළු සහ අද්භූත Gabi විසින් කරන මග පෙන්වීමක් අනුව, ඔවුන් නිවාඩු නිකේතනයෙන් පිටතට ගොස් ප්‍රචණ්ඩත්වය, සුඛෝපභෝගිත්වය සහ කිව නොහැකි භීෂණයෙන් පිරුණු ඉසව්වකට යනවා. එතනදි වෙන ඛේදනීය අනතුරක් තමයි මෙයාලගෙ ඇස් අරවන්නෙ.

ඉතින් ඒ මොකද්ද කියල දැනගන්න වගේම ඉන්පස්සෙ මෙයාලා එතනින් බේරිල එනවද නැද්ද කියල දැනගන්න මේ චිත්‍රපටය බලන්නම ඕන

Trailer එක: https://www.youtube.com/watch?v=cNd5VOZ4oME

3.Evil Dead Rise

Evil Dead කියන්නෙ සෑහෙන පරන Horror Movie එකක්නේ. මේ තියෙන්නෙ මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච ඒ චිත්‍රපට මාලාවෙ අලුත්ම චිත්‍රපටය.

Evil Dead මාලාවෙ පස්වන ෆිල්ම් එක තමයි මේ Evil Dead Rise. මේ චිත්‍රපටය හදල තියෙන්නෙ ඩෙඩයිට් කියන අමනුස්ස ජීවියෙක්ගෙන් තමන්ගෙ පවුල බේරගන්න කටයුතු කරන සහෝදරියන් දෙන්නෙක් ගැන.

ඉතින් Evil Dead බලල තියන අයනම් මේ චිත්‍රපටය මොන වගේ වෙනවද කියල අනුමාන කරල තියෙන්න පුලුවන් උනත් ඒක බලල නැතත්, මේක බලන්න ආසාවෙන් ඉන්න අය වෙනුවෙන් මම Trailer එක පල්ලෙහයින් අමුණනවා.

Trailer එක: https://www.youtube.com/watch?v=BqQNO7BzN08

4.Insidious Red Door

Insidious සීරීස් එක බලල නැති කෙනෙක් ඉන්නවනම් මේ චිත්‍රපටය බලන්න කලින් මේ චිත්‍රපට මාලාවේ පලවෙනි කතාවෙ ඉඳල බලන්න කියල මම ඉල්ලනව. මොකද මේ හැම චිත්‍රපටයක්ම වගේ එකිනෙකට සම්බන්ධ නිසා.

 Insidious මුල ඉඳලම බලපු අය දන්නව මේකෙ මේ Horror කිව්වට හොල්මන් වලට එහා ගිය අමුතුම Dark World එකක් ගැන කියල මේ චිත්‍රපටයෙන් කියන්නෙ.

ඉතින් ඒ පලවෙනි චිත්‍රපට වල ඉඳපු පොඩි කොල්ලි දැන් ලොකු අයියල. අතීතෙ වෙච්ච හැමදේම අමතක කරල යුනිවසිටි යන ගැටව්. හැබැයි එයාලට අතීතෙ අමතක උනාට අතීතෙ නම් එයාලව අමතක කරල නැති බව මේ චිත්‍රපටය බලන් යද්දි ඔයාලට තේරේවි.

 Lambert පවුලේ Horror Story එකේ අවසානය තමයි මේ චිත්‍රපටයෙන් කියන්නේ.මෙච්චර කාලයක් පුරාවට තමන් පස්සෙ පන්නගෙන ආව මේ අඳුරු ආත්ම සදහටම පලවා හරින්න නම් තමන්ට ආයෙමත් ඒ අඳුරු ලෝකෙට යන්න වෙන බව Lambert පවුල තේරුම් ගන්නව.

ඒත් පහුගිය වතාවෙ වගේ ආයෙමත් ඒ අඳුරු ලෝකෙට ගිහින් නිරුපද්‍රිතව මේ ලෝකෙට එන්න එයාලට පුලුවන් වෙයිද?

ඒ ගැන දැනගන්න චිත්‍රපටය නරබන්න.

ඒත් මෙන්න මේකත් කියන්න කැමතියි. Insidious කියන්නෙ මාව පුදුම විදියට භය කරපු චිත්‍රපට මාලාවක් උනාට මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච Insidious The Red Door නම් මට එච්චර බයවෙන්න හේතු කාරණා හැදුවෙ නෑ කියලත් කියන්න ඕන.

Trailer එක: https://www.youtube.com/watch?v=ZuQuOnYnr3Q

5.Talk to me

මේ අවුරුද්දෙ ආව Horror Movies වලින් මම බලපු සුපිරිම Horror Movie එක මෙන්න මේක කියල කියන්න පුලුවන්. මේක Horror Movie එකකටත් වඩා අනේ මන්දා ඒ මොකද්ද උනේ කියල අපිට හිතවන ගමන්ම අපිව පුදුමාකාර තිගැස්මකට සහ දින කීපයක් තිස්සෙ ඔලුව නිකන් තෝන්තු කරල තියන්න පුලුවන් වගේ සුපිරි නිර්මාණයක්.

මේ චිත්‍රපටයෙ තියෙන විශේෂත්වය තමයි මේ චිත්‍රපටය පුරාවටම ප්‍රධාන චරිත සහ අඳුරු ආත්මයන් හැම එකක්ම කතා කරන්නෙ ඔයාට.

එම්බාම් කරපු මැරිච්ච නොදන්න මිනිහෙක්ගෙ අතක් ඔස්සේ අපි වටේ ආපිට නොපෙනී සැරිසරන ආත්ම එක්ක සබඳකම් ඇතිකරගන්න තරුණ පහේ විශ්ව විද්‍යාල ශිෂ්‍යන් කිහිප දෙනෙක් ගැන තමයි මේ චිත්‍රපටයෙන් කතා කරන්නෙ.

බලන් ඉන්න අපහසු සිද්ධි දාම, හිත ඇතුලටම කතා කරන ඔලුව ඇතුලෙ රැව් පිලිරැව් දෙන කතා එක්ක දුවයන මේ චිත්‍රපටය නම් නොබැලූ ඇස් මක්කටෙයි කියන්න හිතෙන ජාතියේ සුපිරියක්.

මේ චිත්‍රපටය බලල ගෙදර ගිහින් නිදාගද්දී ඇස් පියන් ඉද්දි ඔයාට තේරෙවි මම කිව්ව දේ මොනතරම් ඇත්තද කියල.

වැඩි විස්තර ලියන්නෙ මොකටද? ට්‍රේලර් එක බලන්න. ඒ බලල නවතින්න එපා මේ චිත්‍රපටය අනිවාර්‍යෙන් බලන්න.

සමහරවෙලාවට අපි නොදන්නව උනාට අපි තාම අපි කවුද කියල හොයාගෙන නැතිවෙන්නත් පුලුවන්. ඉතින් ඔයා ඔයාටම කතා කරල බලන්න. ඔයා කවුද කියල දැනගන්න.

ඒත්  Talk to me කියල කියන හැමෝම එක්ක ඔයාගෙ කතාව බෙදාගන්න යන්න එපා කියලත් මතක් කරනවා

Trailer එක: https://www.youtube.com/watch?v=aLAKJu9aJys

Related Articles

Don't Miss


Latest Articles